අමුද්‍රව්‍ය දෙක තුනකින් රසම රස ස්මූදි හදමුද?

සාමාන්‍යයෙන් අපි ස්මූදී හදන්නේ ආහාර වේලක හිඩැස පුරවා ගන්න.එහෙමත් නැත්නම් ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගන්න. ඒ ගැන අපි නිතරම කතා කරනනවා. ඒත් අද කියන්නේ වෙනස් විදියට කටට රහට ස්මූදී හදා ගන්න හැටි.

චොකලට් කුකීස් ස්මූදී

අවශ්‍ය දේවල්:

චොකලට් කුකීස් 2ක් 

චොකලට් අයිස් ක්‍රීම් කප් 1

කිරි කප් 1

චොකලට් මෝල්ට් පව්ඩර් කප් 1/3 

සාදාගන්නා ආකාරය:

කුකීස් හැරෙන්න සියල්ල බ්ලෙන්ඩ් කරන්න

උඩින් අයිස්ක්‍රීම් දමා ගන්න

කෝපි ස්මූදී

ඉදුණු කෙසෙල් ගෙඩි 2

වත් කරපු කෝපි කෝප්ප 1/2 (සීතල හෝ කාමර උෂ්ණත්වයේ) 

පොල් කිරි කෝප්ප 1/4

දිසිදි පොල්(Coconut Flakes) මේස හැඳි 2-3 (

අවශ්‍ය තරමට අයිස්

සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න

Banana, Date & Lime Smoothie –

අවශ්‍ය දේවල්:

ඉදුණු කෙසෙල් ගෙඩි 2

ඇට අයින් කරලා පොඩියට කපාගත්තු රට ඉඳි කෝප්ප 3/4

දෙහි ගෙඩි 1ක යුෂ

අයිස් කැට කෝප්ප 1 ½

සාදන ආකාරය

බ්ලෙන්ඩර් එකට දාලා හොදට මිශ්‍ර වෙනකන් බ්ලෙන්ඩ් කරන්න.

Related Articles

Don't Miss


Latest Articles