පවුලේ සියලු දෙනාටම ගැළපෙන පෝෂණයෙන් ඉහළ ආහාර වේලක් සඳහා ස්මාර්ට් ටිප්ස්

සෞඛ්‍යමත් ආහාර වේලකට හුරු වීම වයස් භේදයකින් තොරව සිදු විය යුත්තක්.සිරුරේ වැඩීම,ප්‍රතිශක්තිකරණය සහ සිරුරේ ශක්තිය පවත්වා ගැනීම කියන කාරණාවලට පෝෂ්‍යදායක ආහාර වේලක් ඉතාම වැදගත්.ඒ වගේම තමයි සෞඛ්‍යමත් ආහාර රටාවකට හුරු නොවීමෙන් ඔබ රෝගවලට ගොදුරු වෙන ඉඩත් ඉතාම වැඩියි.

එකිනෙකාට පෝෂ්‍ය කොටස් ලබා ගත යුතු ප්‍රමාණ වෙනස්.වයස,උස,බර සහ ක්‍රියාකාරී වීම අනුව කැලරි සහ පෝෂ්‍ය කොටස් ලබා ගැනීම වෙනස් වෙනවා.නමුත් ඔබ පවුලේ අය වෙනුවෙන් ආහාර පිසිනවිට සියල්ලන්ටම වෙනවෙනම ආහාර පිසින්නට හැකියාවක් නැහැ.මේ නිසා අප ආහාර පිසින්නට උවමනා පවුලේ සියල්ලන්ටම ගැළපෙන ආකාරයටයි.

මේ ක්‍රම ඒ සඳහා ඔබට උදව් වෙයි.

පළතුරු සහ එළවළු එකතු කරන්න.

උදෑසන සීරියල් සඳහා කෙසෙල් සහ බෙරීස් වර්ගයක් එකතු කරන්න.එසේ නැතිනම් පළතුරු ස්මූති වර්ගයක් උදෑසනට සකසන්න ඔබට පුලුවන්.සැන්විචස් සඳහා පිපිඤ්ඤා වැනි එළවලු එකතු කරන්න.දිවා ආහාරයට එළවලු වර්ග කිහිපයක් එකිනෙකාට ගැළපෙන සහ රුචිය පරිදි එකතු කර ගන්න පුලුවන්.රාත්‍රියට නූඩ්ල්ස් එකක් සාදා එයට එළවලු එකතු කරන්නටත් පුලුවන්.

vegetable

කිරි ආහාර එකතු කරන්න.

විටමින් ඩී,කැල්සියම් සහ ප්‍රෝටීන් වර්ග කිරි ආහාර වලින් ඔබට ලැබෙනවා.චීස්,බටර් කිරි වගේ දේවල් ඔබේ ආහාරයට එකතු කරගන්න.ඔබේ පවුලේ අය කිරි ආහාරවලට අකමැතිනම් කොළ පැහැ එළවළු සහ නිවිති වැඩි වශයෙන් එකතු කරන්න.ආමන්ඩ් කිරි ද හොඳ විකල්පයක්.

ධාන්‍ය වර්ග අනිවාර්යයෙන් එකතු කරන්න.

බත් කොහොමත් අපේ ප්‍රධාන ආහාරය.ඒ හැර කඩල,ඕට්ස්,තිරිඟු වගේ දේවල් කෑම වේලක තියෙන්නම ඕනෑ.සම්පූර්ණ ධාන්‍ය වර්ගයක් එක වේලකටවත් තිබීම ඉතාම සුදුසුයි.

ප්‍රෝටීන් අනිවාර්යයි.

මස්,මාළු බිත්තර කෑම වේලකට එකතු කරන්න අමතක නොකර ඉන්න.ඒ නැත්නම් ඇට වර්ග,කිරි වර්ග,බෝංචි හෝ සෝයා වගේ දෙයකින් පවුලේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න.

සීනි සහ ලුණු අඩු කරන්න.

ගෙදර පුංචිම සහ වයස්ගතම සාමාජිකයන් එක්ක මේක ටිකක් අමාරු වැඩක් තමයි.නමුත් හැකිතාක් ලුණු සහ සීනි භාවිතා කිරීමෙන් වළකිමින් පවුලේ අයට සෞඛ්‍යමත් ආහාර පිළියෙළ කරන්න ඔබට පුලුවන්.තේ සහ කෝපි වගේ දේවල් වෙනුවට පළතුරු යුෂ වලට හුරුකර ගැනීම වගේ බොහොම සාර්ථක විසඳුම් හොයා ගන්න ඔබට බැරිකමක් නැහැ.ජන්ක් ෆුඩ්ස් වගේ දේවල් පුලුවන් තරම් අඩු කරන්න.

කඩචෝරු ගෙදර හැදීම.

විවිධ කෙටි කෑම වර්ග,පොප්සිකල්,අයිස් ක්‍රීම් වගේ දේවල් ගෙදර හදලා නිවසේ අයට දීමත් අයිති වෙන්නේ සෞඛ්‍යමත් ආහාර සැකසීමකට.හදන්නේ කොහොමද,පිරිසිදු ද නොදන්නා කඩ කෑම වෙනුවට ගෙදරම ඒ දේවල් සැකසීමත් බොහොම වටිනා දෙයක්.

මේ කාරණා එක්කම හොඳ සෞඛ්‍යමත් ආහාර පුරුදු පවත්වා ගන්න මේ දේවල් ද වැදගත්.

කෑම කන්න එක වෙලාවක් තියා ගන්න.

විවිධ රසට,හැමෝටම ගැලපෙන්න ආහාර පිසින්න – මිරිස් සැර ව්‍යාංජනයක් එක්ක සලාදයක් හෝ කිරට පිසූ යමක් සකසන්න.

කෑම හදන්න කලින් හැමෝගෙම අදහස් විමසන්න.

පලතුරු සහ ගෙදර හැදූ ස්නැක් කිහිපයක් ගබඩා කරලා තියා ගන්න.

නිතර ආහාර රටා වෙනස් කරන්න.ගෙදර හදන කෑම ගෙදර අයට එපා වෙන්න දෙන්න එපා.

මේ වගේ කාරණා එක්ක හැමෝටම ගැලපෙන්න රසවත් සහ සෞඛ්‍යමත් ආහාර වේලක් හදන එක ඔබට බොහොම පහසු දෙයක්.ගැලපීම් සහිතව හැමෝම සතුටු කිරීමෙන් මුළු ගෙදරම සෞඛ්‍ය සමබරව පවත්වා ගන්න ඔයාට පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles