අවන් එකක් නැතුව කේක් හදමු.

ඔබට අවන් එකක් නැත්නම් කේක් හදන්න බෑ කියලා හිතන්න එපා. ස්ටීම් කරලා රසවත් කේක් එකක් මෙන්න මේ විදියට හදා ගන්න පුලුවන්.

අවශ්‍ය දේවල්

යෝගට් කෝප්ප එකක්
සීනි කෝප්ප එකක්
එළවලු තෙල් කෝප්ප බාගයක්
පිටි කෝප්ප දෙකක්
බේකින් පවුඩර් මේස හැඳි දෙකක්
කිරි මේස හැදි දෙකක්

සාදන ක්‍රමය

  • සීනි හොඳින් බීට් කර ගන්න .
  • පිටි සහ බේකින් පවුඩර් එකට හලා ගන්න
  • යෝගට් සීනි මිශ්‍රණයට තෙල් දමා නැවතත් බීට් කර ගන්න .
  • එයට හලාගත් පිටි මිශ්‍ර කරන්න .
  • මෙම මිශ්‍රණයෙන් කොටසකට කොකෝ පවුඩර් මේස හැඳි තුනක් මිශ්‍ර කරන්න. තැටියක් ගෙන එයට තෙල් කඩදාසියක් දමා බටර් ආලේප කර සකසා ගන්න .
  • දැන් කොකෝ පවුඩර් දමා ගත් මිශ්‍රණයෙන් ටිකක් දමන්න .
  • පසුව අනෙක් මිශ්‍රණයෙන් ටිකක් දමන්න.
  • කොටසින් කොටස මිශ්‍රණ දෙකෙන් එකතු කරන්න .
  • ස්ටීම් කර ගැනීම සඳහා ස්ටීමර් එක හෝ සාමාන්‍ය ලිප භාවිතා කරන්න .
  • හරිම පහසුවෙන් සාදා ගන්නට පුළුවන් කේක් එකක් .

Related Articles

Don't Miss


Latest Articles