රසවත් පොල් කේක් එකක් හදමු.

නිවසේදීම රසම රස පොල් කේක් එකක් හදා ගන්නේ මෙන්න මේ විදියට.හදලා රස බලන්නකෝ එහෙනම්.

අවශ්‍ය දේවල්.

  • පොල් 800g
  • පිටි 300g
  • බිත්තර තුනක්
  • බේකින් සෝඩා තේ හැන්දක්
  • බෙකින් පවුඩර් තේ හැඳි 2ක්
  • බටර්
  • වැනිලා තේ හැඳි දෙකක්
  • රුලං 200g
  • තේ කහට 350ml ක්
  • සීනි 700g
  • ලුණු තේ හැඳි කාලක්
  • කජු 100g
  • රට ඉඳි 250g
  • කුරුදු එනසාල් කරාබුනැටි

සාදා ගන්නා ආකාරය.

  • භාජනයකට සීනි ග්‍රෑම් දෙසීයක් දාගෙන caramelකැරමල් කරලා එකට තේ කහට ml 350 ක් දාගෙන ඉතුරු 100 ටිකක් දාගෙන හොඳින් අඩු ගින්දර සීනි පැණි කරගන්න ඕන .
  • පැණි ටික උකු වීගෙන එද්දි අපි එකට කබලෙ බැදගත් කුරුදු පොතු කරාබුනැටි කරද මුංගු කුඩු කර දාගන්න ඕන.
  • ඊට පස්සේ අපි පැණි ටිකක් අයින් කරගෙන ඒකට පොල් ගෙඩි දෙකක පොල් දාගෙන පොල් පැණි එක හදාගෙන ලිපෙන් බා ගන්න ඕන.
  • පොල් පැනි ඒක නිවෙන්න තියා ගන්න ඕනේ.
  • අපි පිටි 300g කට බේකින් සෝඩා තේ හැන්දයි බේකින් පවුඩර් තේ හැඳි දෙකයි දාගෙන පෙනේරයකින් හලා ගන්න ඕනේ
  • බිත්තර තුනක් අරගෙන බීට් කර ගන්න ඕනේ
  • දැන් හොඳින් නිවුණු පොල් පැණි එකට කබල විනාඩි දහයක් බැදගත් රුලං ටික දාගෙන කලවම් කරල හොඳින් කලවම් කරගන්න ඕන.
  • ඒකට බීට් කර ගත් බිත්තර තුන දාගෙන කලවම් කරගන්න
  • ඒකට රට ඉදි හා වැනිලා තේ හැඳි දෙකක් ලුණු තේ හැඳි කාලක් සහ පොඩියට කපාගත් කජු දාගෙන හොඳින් කලවම් කරගන්න ඕන.
  • අපි කේක් තැටියට තෙල් කොළයක් දාගෙන ඒකට බටර් ගාලා කේක් මිශ්‍රණය දාගන්න ඕනේ.
  • කේක් තැටිය තුන් පාරක් රැප් කරගෙන අවශ්‍ය නම් උඩින් කජු ටිකක් ඉහගන්න.
  • කේක් තැටිය ට වඩා ලොකු භාජනයක් ලිපේ තියලා විනාඩි දහයක් රත්කරගෙන,
  • cooling rack එකක් තියලා ඒක උඩින් කේක් තැටිය තියාගෙන අඩු ගින්දරේ විනාඩි 45ක් බේක් කරගන්න ඕන.
  • ඊට පස්සේ අපි කලින් අයින් කරපු පැණි ටික උණු කේක් එක උඩින් දාගන්න ඕනේ.

Thanusha Rashmi amarasingha,

Tr cookery show official
https://youtube.com/channel/UC8puFMTdWEvZAW9bxKrSF4g


Related Articles

Don't Miss


Latest Articles