(බත් නොවෙන) පෝෂණීය දිවා ආහාර  

දහවල් ආහාරය සඳහා අනිවාර්යයෙන්ම බත් ආහාරයට ශ්‍රී ලාංකිකයන් වන අපි පුරුදු වෙලා ඉන්නවා. නමුත් ඊට වඩා පෝෂණීය ආහාර පරිභෝජනය කරන්න අපිට පුළුවන්. මේ ලිපියෙන් ඔබට කියන්නේ ඉතාම පහසුවෙන් වේලාවක් ඇතුළත සකස් කරගන්නට පුළුවන් බත් වෙනුවට ආහාරයට ගන්න පුළුවන් කෑම රෙසිපි කිහිපයක් ගැනයි.

Chopped cobb salad

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුඩාවට කපාගත් අයිස්බර්ග් කෝප්ප 1 
  • කටු ඉවත් කර බැදගත් කුකුළු මස් කෝප්ප 1
  • කුඩාවට කපාගත් සැල්දිරි ස්වල්පයක්
  • තම්බා කොටු කපාගත් කැරට් කෝප්ප 1
  • තම්බා කොටු කපා ගත් බිත්තර 2 
  • අවශ්‍ය නම් චීස්
  • රස අනුව ලුණු සහ ගම්මිරිස් 

සකස් කරන ක්‍රමය 

තරමක් විශාල භාජනයක් ගෙන සියලුම අමුද්‍රව්‍ය මිශ්‍ර කර පිළිගන්වන්න 

Chicken & bell pepper salad

අවශ්‍ය ද්‍රව්‍ය 

  • තම්බාගත් කුකුළු මස් කෝප්ප 2
  • කොටු කපා ගත් රතු බෙල්පෙපර් කෝප්ප 1 
  • කොටු කපාගත් කොළ බෙල්පෙපර් කෝප්ප 1
  • තම්බාගත් ඉරිඟු කෝප්ප 1
  • ලෙමන් යුෂ මේස හැඳි 1
  • මෙයොනිස් මේස හැඳි 5 
  • රස අනුව ලුණු
  • රස අනුව ගම්මිරිස්

සකස් කරන ක්‍රමය 

මුලින්ම තම්බාගත් කුකුළු මස් කුඩා කැබලි වලට කඩා ගන්න 

භාජනයක් ගෙන එයට කුකුළු මස් , බෙල්පෙපර් වර්ග දෙක සහ ඉරිඟු එකතු කර මිශ්‍ර කරන්න

තවත් භාජනයක් ගෙන එයට මෙයොනිස්, ලෙමන් යුෂ , ලුණු සහ ගම්මිරිස් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

එම මිශ්‍රණය කලින් සකස් කරගත් කුකුළු මස් මිශ්‍රණයට එකතු කරන්න. ( පිළිගැන්වීමට හෝ ආහාරයට ගැනීමට පෙර ) 

Chickpea and chicken salad

අවශ්‍ය ද්‍රව්‍ය 

  • හොඳින් තම්බාගත් කඩල කෝප්ප 1 
  • තම්බා කුඩා කැබලි වලට කඩා ගත් කුකුළු මස්  කෝප්ප 1 
  • කොටු කපාගත් බී ළූණු ගෙඩි 1
  • කොටු කපාගත් තක්කාලි ගෙඩි 1 
  • කුඩාවට කපාගත් පාස්ලි ස්වල්පයක් 
  • කුඩාවට කපාගත් සැල්දිරි ස්වල්පයක්
  • මෙයොනිස් මේස හැඳි 4 
  • රස අනුව ලුණු සහ ගම්මිරිස් 

සකස් කරන ක්‍රමය 

මෙයොනිස් හැර අනෙක් සියළුම අමුද්‍රව්‍ය මිශ්‍රකර ආහාරයට ගැනීමට පෙර මෙයොනිස්  එකතු කරන්න.

Related Articles

Don't Miss


Latest Articles