ගාර්ලික් බටර් නාන් සහ පනීර් කරි හදමු.

අද අපි කියලා දෙන්න යන්නේ රසවත් ඉන්දියානු කෑමක් වන ගාර්ලික් බටර් නාන් සහ පනීර් කරි එකක් නිවසේදීම හදා ගන්නේ කොහොමද කියලා.අපි මුලින්ම බලමු කොහොමද මේ ගාර්ලික් බටර් නාන් සාදා ගන්නේ කියලා

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි 250g
  • බේකිං පවුඩර් තේ හැන්දක්
  • ගී හෝ බටර් මේස හැන්දක්
  • මුදවපු කිරි හෝ යෝගට් මේස හැඳි 2ක්
  • ලුණු
  • ලියාගත් කොත්තමල්ලි කොල ටිකක් හෝ පාස්ලි ටිකක්

සාදා ගන්නා ආකාරය

  • කොත්තමල්ලි කොළ හැර ඉතිරි අමුද්‍රව්‍ය සියල්ලම භාජනයකට දාලා වතුර ටික ටික දාලා සාමාන්‍ය ප්‍රමාණයට අතේ ඇලෙන පදමට අතින් අනා ගන්න
  • පසුව පිටි මෝලියේ බටර් පොඩ්ඩක් ගාලා තෙත රෙද්දකින් හෝ කිචන් ටවල් එකකින් වහලා පිපෙන්න පැයක් පමණ සිසිල් ස්ථානයක තබන්න.
  • මේ අතරේ බටර් ටිකකට තලාගත් සුදුලූණු ටිකක් මිශ්‍ර කරලා පේස්ට් එකක් හදා ගන්න .
  • පැයකට පසු පිටි මෝලිය එලියට අරන් කුඩා කැබැල්ලක් කඩාගෙන පිටි ඉසගත් ලෑල්ලක තියලා රෝලින් පින් එකකින් නාන් එක හදා ගන්න.
  • තුනීවට හදාගත් නාන් එක උඩ කොත්තමල්ලි කොල ටිකක් තියලා රෝලින් පින් එකෙන් කොළ ටික තද වෙන විදිහට තව ටිකක් තුනී කරන්න.
  • දැන් නාන් එක අනිත් පැත්ත හරවලා ඒකේ වතුර ටිකක් තවරලා රත් කරගත් රොටි තැටියේ වතුර ගාගත් පැත්ත හරවලා තැටියේ තියන්න (කොළ දාපු පැත්ත උඩට සිටින සේ). මතක ඇතුව තැටිය අඩු ගින්දරේ තබාගන්න
  • ටික වේලාවකින් වතුර ගාපු පැත්ත තැටියේ ඇල වෙනවා. ඊට පස්සේ තැටිය පරිස්සමෙන් අනිත් පැත්ත හරවලා කොල දාපු පැත්ත පොඩ්ඩක් ලිපට අල්ලාගෙන ඉන්න. එතකොට නාන් එක පිම්බිලා බුබුලු දාලා ලස්සනට එනවා. දැන් නාන් එක හරවලා කලින් හදාගත් සුදුළූණු බටර් මිශ්‍රණයෙන් පොඩ්ඩක් නාන් එක උඩ තවරා පුලුස්සා ගන්න

පනීර් හදන්නේ මෙහෙමයි

අවශ්‍ය ද්‍රව්‍ය

  • නැවුම් එළකිරි ලීටර් 1ක්
  • දෙහි /ලෙමන් යුශ එහෙම නැත්නම් විනාකිරි මේස හැදි 1 ක්
  • පිරිසිදු තරමක් ලොකු රෙදි කැබැල්ලක්

සාදා ගන්නා ආකාරය

  • මුලින්ම කිරි ටික භාජනයක දාලා රත් වෙන්න තියන්න. සැරින් සැරේ කිරි උතුරන කල් හැදි ගාමින් රත් කරන්න.
  • කිරි ටික බුබුලු දමමින් උතුරන විට ලෙමන් යුශ හෝ විනාකිරි ටික එකතු කරන්න.
  • යම් අවස්තාවක කිරි කැටි වෙන් වීමට පටන් ගෙන පැහැදිලි වතුර ක් සෑදෙන තෙක් හොදින් හැදි ගාන්න.
  • පසුව ලිප ගින්දර වසා දමන්න.
  • දැන් මේ දියරය පිරිසිදු රෙදි කෑල්ල භාවිතයෙන් පෙරා රෙදි කෑල්ලට කිරි කැට ටික එකතු කර හිමින් මිරිකා ගන්න.පසුව රෙදිවලින් ඔතා ඇති චීස් පැය 2-3 ක් තව දුරටත් බේරෙන්න උඩින් එල්ලා තබන්න.

දැන් පනීර් එක ලෑස්තියි. ශීතකරණයේ හොදින් ආවරණය කර තබා ගන්න.

අපි දැන් බලමු කොහොමද මේ සාදා ගත් පනීර්වලින් කරී එකක් සාදා ගන්නේ කියලා

අවශ්‍ය ද්‍රව්‍ය

  • සකසා ගත් පනීර්
  • ඉඟුරු
  • සුදු ළුණු
  • මාළු මිරිස්
  • තක්කාලි
  • ළුණු
  • සෝස්
  • පොල් තෙල්

පළමුවෙන්ම ඉඟුරු,සුදු ළුණු,මාළු මිරිස් ,ළුනු සහ තක්කාලි කුඩා කැබලි වලට කපා ගන්න
කුඩා කොටු හැඩයට පනීර් කපා ගන්න
පසුව තෙල් ස්වල්පයක් දැමු භාජනයක් ලිප තබා මදක් රත් වුණාම කපා ගත් ඉඟුරු,සුදු ළුණු,මාළු මිරිස් ,ළුනු සහ තක්කාලි එයට එක් කරන්න
පසුව එයට පනීර් එකතු කර විනාඩි 25ක් මද ගින්නේ පිසින්න
අවසානයේ ලිපෙන් භාගෙන සෝස් ස්වල්පයක් එකතු කරගන්න

මේ රසවත් පනීර් කරි එක සමග ගාර්ලික් බටර් නාන් ඔබත් අදම රස බලන්න.

Related Articles

Don't Miss


Latest Articles