වෙජිටේරියන් මීට් බෝල්ස් ගෙදරදීම හදාගනිමු

කල්තබා ගන්නා හැකි ලෙස නිපදවා ඇති ආහාර පිළිබඳ විශ්වාසය අප අතරින් ක්‍රම ක්‍රමයෙන් ගිලිහෙන්නේ ඒ පිළිබඳ විවිධ මත පලවන නිසාවෙන්. එහෙත් පවුලේ ආදරනීයයන්ගේ ඉල්ලිම් මත ඔබට එවැනි ආහාර තොරාගන්නට වන අවස්තා බොහොමයක් ඇති බවට සැකයක් නැහැ. ඉතින් අපගේ මේ වෑයම සෞක්‍යාරක්ශිත ප්‍රනීත ආහාරයක් ගෙදරදීම සාදා ගැනීමට ඔබට අවස්ථාව හිමිකර දීමයි.

අවශ්‍ය වන්නෙ මෙන්න මේ දේවල්:

  • උණු වතුරෙන් පොඟවා මිරිකාගත් සෝයාමීට් කෝප්ප 1
  •  තම්බා සිහින්ව ලියාගත් මල්ගෝවා කෝප්ප 1
  • සිහින්ව ලියාගත් බී ලූනු ගෙඩි 1
  • සිහින්ව ලියාගත් කොත්තමල්ලි, මින්චි, පාස්ලි, කරපින්චා මේස හැඳි දෙක බැගින්
  • සිහින්ව කුඩුකරගත් කරඳ මුන්ගු කරල් 2, කුරුඳු පොතු කැබැල්ලක්
  • සිහින්ව කුඩුකරගත් ගම්මිරිස් කුඩු තේ හැඳි බාගයක්
  • ලුනු කුඩු තේ හැඳි එක හමාරක්
  • අමු පහේකුඩු තේ හැඳි එකක්
  • වතුරේ පොඟවාගෙන හොඳින් මිරිකාගත් පාන් පෙති 3
  • දෙහි බෑයක පමණ යුෂ
  • එළවලු තෙල් මේස හැඳි දෙකක්
  • ලියාගත් සැල්දිරි මේස හැඳි එකක්
  • එග් යෙලෝ වර්ණක බිංදු පහක්

සාදන ආකාරය:

සකසාගත් සෝයාමීට් බ්ලෙන්ඩරයට දමා පේස්ට් එකක් සේ සාදා ගන්න. ගෙදර ෆුඩ් ප්‍රොසෙසරයක් තියෙනවා නම් කාර්‍යය තව පහසුයි.

දැන් එය බෝල් එකකට ගන්න. පසුව එයටම වතුරේ පොඟවාගත් පාන් පෙති තුන දමා එයත් කුඩුකරගන්න. මල්ගෝවා ටිකද එකතු කරගන්න. හොදින් මිස්‍ර කර අනෙක් සියලුම අමුද්‍රවය ද එකතු කරන්න. වතුර ගතිය වැඩියි නම් බිත්තර කුඩු ටිකක් දමා ගන්න.

අතේ තෙල් ස්වල්පයක් තවරාගෙන බෝල සාදා ගන්න. විනාඩි දහයක් පමන අධි ශිතකරණ යෙ තබන්න.

විනාඩි දහයකට පමණ පසුව නන්ස්ටික් පෑන් එකක් ගෙන එයට බටර් මේස හැඳි දෙකක් දමන්න. සුවඳ එන ලෙස තෙම්පරාදු කරන්න. දැන් හදාගත් මීට් බෝල්ස් ටික දමන්න. හොඳට හරවමින් බැද ගන්න.

රසවත් කරියක් හදාගෙන එයට දමන්න. මේසයට පිලිගන්වා වෙනස අත්විඳින්න.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles