රසට ගුණට ගෙදරදීම යෝගට් හදමු..

අවශ්‍ය දේවල්

  • එළකිරි හෝ කල් කිරි බෝතල් දෙකක්
  • පිරිසුදු සුදු සීනි ග්‍රෑම් 200
  • ජෙලටින් ග්‍රෑම් 12 යි
  • නටන උණු වතුර කෝප්ප තුන්කාලක්
  • මුහුණ සදහා යෝගට් එකක්
  • එග් යෙලෝ වර්ණ ස්වල්පයක්
  • වැනිලා ස්වල්පයක්

සාදන ක්‍රමය

යෝගට් සඳහා එළකිරි භාවිතා කරන්නේ නම් එය උණු කර ගැනීම අවශ්‍ය වෙනවා. එහි යොදය  ඉවත් කරන්න අමතක කරන්නට එපා .නමුත් කල් කිරිවල යොදය නැති නිසා උණු කර යොදය ඉවත් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ .දැන් ජෙලටින් උණු වතුරේ දිය කර ගන්න.සකස් කරගත් කිරි වලට සීනි එකතු කර ලිප තබන්න.රත්වන විට එයට ජෙලටින් ටික එකතු කරන්න.
මෙම මිශ්‍රණය හොඳින් උතුරන විට ලිපෙන් ඉවතට රැගෙන සිසිල් වීමට තබන්න. මදක් රස්නය තිබෙන පමණට සිසිල් වූ පසු මුහුන්  සඳහා ගත් යෝගට් කෝප්ප ය  හොඳින් ගසා මිශ්‍රණයට එකතු කරන්න.වැනිලා සහ වර්ණකාරක මෙම අවස්ථාවේදී එකතු කිරීම හරිම වැදගත්. යෝගට් සෑදීම මේ ආකාරයෙන් කරන්න පුළුවන්. ඒ වගේ ම කුඩා දරුවන් කැමැති ආකාරයට අඹ , ඇපල් , කුඩාවට කපාගත් විවිධ පලතුරු වර්ග ස්ටු කර  යෝගට් එකට එකතු කරන්නත් පුළුවන් .කුඩා දරුවන් එයට මහත් රුචිකත්වයක් දක්වන බවට කිසිදු සැකයක් නැහැ.ඊට  පසු සාදාගත් මිශ්‍රණය යෝගට් කෝප්ප හෝ මිදවීමට ගන්නා භාජනයට දමා ශීතකරණයේ දමන්න .
අවශ්‍ය නම් යෝගට් උඩින් ජෙලි මිශ්‍රණයක් ද තමා ද තමා විවිධ වර්ණ ආකාරයෙන් සකසා ගන්නත් පුළුවන් .

Related Articles

Don't Miss


Latest Articles