පිටි අනන්නෙ නැතුව විනාඩි 10න් බිත්තර රොටි හදමු

සාම්ප්‍රදායික ක්‍රමයට බිත්තර රොටී හදන්න පිටි මෝලිය අනලා පැය හයක්වත් වහලා තියන්න ඕනේ. ඉතින් ඒ ක්‍රමේට හදිස්සියෙ ම බිත්තර රොටී හදන්න කාර්‍ය්බහුල ස්මාට් ඔබට අමාරුයි. ඒ නිසා දඩිබිඩි ගාලා විනාඩි පහෙන් බිත්තර රොටී හදන්න පුලුවන් රෙසිපි එකක් අද ස්මාට්ලේඩී පිටුවෙන් අපි ඔබ වෙත අරන් එනවා. මේ ක්‍රමයට ඔබට උදෑසන දරුවන්ට පාසල් ගෙන යාමට උනත් විනාඩි දහයෙන් රසම රස බිත්තර රොටී හදල දෙන්න පුලුවන්. 

  • අවශ්‍ය ද්‍රව්‍ය 
  • පාන් පිටි කෝප්පයක්
  • පොල් කිරි ටිකක්
  • බිත්තර කිහිපයක්
  • කැරට් 
  • ලීක්ස් 
  • ලූනු 
  • පොල්තෙල් 
  • කෑලි මිරිස් 
  • අමු මිරිස් 
  • ගම්මිරිස් කුඩු 
  • ලුනු 

සාදාගන්නා ආකාරය 

  • පාන් පිටි භාජනයකට දමා ලුණු ස්වල්පයක් හා සදාගන්නා ලද පොල්කිරි අවශ්‍ය තරමට එකතුකරගෙන පිටි වල කැට ගතිය නැතිවන තුරු අතින් මිරිකා උකු මිශ්‍රනයක් සදාගන්න. පොල්කිරි වෙනුවට ෆ්‍රෙශ් මිල්ක් භාවිතා කිරීමටත් පුලුවන්. 
  • සදාගන්නා ලද මිශ්‍රණය පෙනේරයක් ආධාරයෙන් වෙනත් භාජනයකට පෙරාගන්න. මිශ්‍රණය තරමක ක්‍රීම් එකක් වගේ තියෙන්න ඕනේ. 
  • සුදානම් කරගත් බිත්තර වෙනත් භාජනයකට කඩාගෙන එයට හීනියට කපාගත් කැරට්, ලීක්ස්, ලූනු, අමුමිරිස් සහ කෑලි මිරිස් ස්වල්පයක්, ලුනු කුඩු ස්වල්පයක් එකතු කර හොඳින් ගසාගන්න. 
  • ගින්දර ඉතාම අඩුවෙන් පෑන් එකක් ලිපෙන් තියාගෙන එයට අපි කලින් සැකසූ පිටි මිශ්‍රණයෙන් හැන්දක් එකතු කර ආප්ප වක්කරන ආකාරයට පෑන් එක පුරා මිශ්‍රණය පැතිරෙන ලෙස කරකවාගන්න. 
  • විනාඩි දෙකක් පමණ එය ලිපේ තිබෙන්නට හැර අපි කලින් සදාගත් ඔම්ලට් මිශ්‍රණයෙන් ටිකක් රොටියේ හරි මැදට දාගන්න. 
  • විනාඩියක් පමණ එසේ තිබෙන්නට හැර රොටිය සමචතුරස්‍රාකාර වන ලෙස රොටියෙ හතර පැත්තෙන් වාටිය නමාගන්න. ලිපේ ගින්දර අඩුවෙන් තබාගැනීම ඔබට මෙම ක්‍රියාවලියේදී වැදගත්. 
  • පොල්තෙල් ස්වල්පයක් රොටියේ දෙපැත්තෙම ගාගෙන පිටි වල අමුගතිය ගොස් බිත්තර රොටී පදමට එන තුරු දෙපැත්තම රත් වෙන්න දෙන්න.
  • ඉන්පසු බාගන්න.
  • මේ රස ම රස බිත්තර රොටී තේ වෙලාවට වගේ ම ප්‍රධාන වේලකට වුණත් කන්න පුලුවන්. 

බිත්තර රොටී කන්න රස ම රස කරි එකක්

අවශ්‍ය ද්‍රව්‍ය 

  • තැම්බූ අල 250gක්
  • සිහින්ව කැපූ රතුළූණු සහ අමුමිරිස්
  • කරපිංචා 
  • උළුහාල් ටිකක්
  • කහ
  • ලුණු
  • පොල්කිරි අවශ්‍ය තරම්

හදන්නේ මෙහෙමයි

තැම්බූ අල හැර ඉතුරු සියල්ල එක බඳුනකට දමා ගන්න. කහ ඉතා ම ස්වල්පයක් දමන්නට වග බලාගන්න ඕනේ. දැන් මෙය ලිප තබා නටන විට අල ටික එක් කර විනාඩි පහක් පමණ පිස ගන්න. අවසානයේ එක් අල කැබැල්ලක් හොඳින් පොඩි කර කරියට එකතු කරන්න. 

Related Articles

Don't Miss


Latest Articles