වෙනස්ම රසයෙන් පාන්වලින් පෝෂණීය උදෑසන ආහාර වර්ග

හැමදාම එකම විදියට කන පාන් වෙනස් රසකට වෙනස් විදිහකට හදාගන්න පුළුවන් රෙසිපි ටිකක් ගැනයි අද අපි කියන්නේ

1. බ්‍රෙඩ් කැසරෝල්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් භාගයක්
  • පොඩියට කැපූ සොසේජස් 5ක් හෝ තම්බා ගත් කැමැති මස් වර්ගයක්
  • සිහින්ව කපා ගත් ලූනූ ගෙඩියක්
  • සිහින්ව කැපූ මාළුමිරිස් කරලක්
  • කොටු හැඩයට කැපූ තක්කාලි ගෙඩියක්
  • ගම්මිරිස් කුඩු
  • ලුණු කුඩු ස්වල්පයක්
  • බිත්තර 3ක්
  • පොල් තෙල් ස්වල්පයක්
  • බටර් ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය

පෑන් එකකට තෙල් ටිකක් දමා රත් වූ විට පොඩියට කපාගත්ත සොසේජස් හෝ මස් දමා බැඳගන්න.

ඉන් පසු ලූනූ, මාළුමිරිස්, තක්කාලි, ගම්මිරිස් කුඩු හා ලුණු කුඩු එක් කර කලවම් කරන්න.

එය තරමක් තෙම්පරාදු වූ පසු පාන් කුඩා කැබැලි වලට කඩා එයට එකතු කර හොඳින් කලවම් කර මඳක් තෙම්පරාදු වීමට හරින්න.

දැන් මේ මිශ්‍රණය බටර් තැවැරූ තැටියකට දමා තුනී කර හොඳින් ගසාගත් බිත්තර එම මිශ්‍රණය උඩට වත් කරගන්න.

මෙය සෙල්සියස් අංශක 180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 20 – 30ක් උඩ දුඹුරු පාට වනතෙක් බේක් කරගන්න.

එසේ නැතිනම්  පෑන් එකටම එළවළු හා පාන් එකතු කර එයටම බිත්තර එක් කර පියනකින් වසා විනාඩි 20ක් පමණ මඳ ගින්නේ පිස ගන්න.

2.ෆ්‍රෙන්ච් ටෝස්ට්

අවශ්‍ය ද්‍රව්‍ය

  • වාටි කැපූ සැන්ඩ්විච් පාන් පෙති 6ක් පමණ
  • බිත්තර 2ක්
  • සීනි තේ හැඳි 2ක්
  • කිරි මේස හැඳි 6ක්
  • කුරුඳු කුඩු ස්වල්පයක්
  • ලුණු ස්වල්පයක්
  • මී පැණි හෝ ෂුගර් සිරප්
  • පොල් තෙල්

සාදා ගන්නා ආකාරය

බඳුනකට බිත්තර, කිරි, සීනි, කුරුඳු කුඩු එක් කර මිශ්‍රණයක් සාදාගන්න.

දැන් පෑන් එකක් ලිපේ තබා තෙල් රත් වූ පසු සාදා ගත් මිශ්‍රණයේ පොඟවා ගත් පාන් බැදගන්න.

බැද ගත් පාන් රස බලන්න පෙර අවශ්‍ය නම් මී පැණි හෝ ෂුගර් සිරප් උඩින් දමා ගන්න.

3.බ්‍රෙඩ් මීට් බෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පෙති 10 ක්
  • අඹරාගත් කටු රහිත කුකුළු මස්
  • කිරි කෝප්ප 1/2ක්
  • බිත්තර
  • ලුණු
  • ගම්මිරිස් කුඩු
  • අබ කුඩු
  • චොප් කරගත් ලූනූ ගෙඩියක්
  • කෝන් පිටි

සාදා ගන්නා ආකාරය

පාන් පෙති කිරිවල පොඟව ගන්න.

වැඩිපුර කිරි පාන් වලින් මිරිකා හැර එයටම බිත්තර, ලුණු, ගම්මිරිස්, අබ කුඩු, චොප් කරගත්තු ලූනූ එකතු කර මිශ්‍ර කරගන්න.

දැන් එයටම මස් එකතු කර හොඳින් මිශ්‍ර කර කුඩා බෝල සාදා ගන්න

සාදා ගත් බෝලවල කෝන් පිටි දවටා බිත්තර සාරුවල දමා නැවත කෝන් පිටි තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

4.බටර් ඇන්ඩ් බනානා ෆින්ගර්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පෙති
  • බටර්
  • දිග අතට පෙති කපාගත් කෙසෙල්
  • චොකලට් සෝස්
  • සීනි ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය

ටිකක් වැඩිපුර බටර් තවරා ගත් පාන් පෙති මත කෙසෙල් පෙති තබා එයට උඩින් සීනි ඉසින්න.

දැන් එයට උඩින් බටර් තැවැරු තවත් පාන් පෙත්තක් තබා දිග තීරු කපාගන්න.

දැන් මේ කපාගත් පාන් තීරුවල යන්තම් තෙල් තවරා ගත් ග්‍රිල් පෑන් එකක තබා දෙපැත්ත ග්‍රිල් කර උණුවෙන්ම චොකලට් සෝස් දමා රස බලන්න.

5 පාන් එග් බෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන්වල මැද
    අබ
  • හීනියට ලියා ගත්තු ලූණු
  •  සුදු ලූණු
  • බිත්තර
    ග්‍රේට් කරපු චීස්

සාදා ගන්නා ආකාරය

පළමුව  පාන් වල මැද කොටස හොඳින් රොටියක් ආකාරයෙන් සකසා ගන්න.

පසුව ඒ  මැද්දට මික්ෂර් පුරවා  බෝල සදා , බිත්තර සාරුවල තවරා  බේක් කරගන්න.

එසේ  නැත්නම් ගැඹුරු තෙලේ බැද ගන්නත් ඔබට පුළුවන්.

6.බ්‍රෙඩ් ස්විස් රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පෙති
  • බටර්
  • ජෑම් හෝ නියුටෙලා
  • පාන් පෙති වල වාටි කපා ඉවත් කරගන්න.

සාදා ගන්නා ආකාරය

වීදුරු බෝතලයකින් පාන් පෙති හොඳින් තුනී කර ගන්න

පාන් පෙතිවල  එක්  පැත්තක පමණක්  බටර් ගා ඉතිරි පාන් පෙත්තේ දෙපැත්තේම ජෑම් හෝ නියුටෙලා ගාගන්න.

බටර් තැවරූ පාන් පෙත්තක් මත ජෑම් තැවරූ පාන් පෙත්ත තබා, ඉතිරි බටර් තැවරූ පාන් පෙත්තේ බටර් රහිත පැත්ත ජෑම් මත සිටින සේ තබාගන්න.

ක්ලින්ග් රැප් හෝ ලන්ච් ශීට් එකක් මත තබා අතින් තද කරමින් හොඳින් රෝල් කරගන්න

පසුව  ලන්ච් ශීට් එකක හොඳින්  ඔතා ශීතකරණයේ පැය භාගයක් තබා පෙති කපා ගෙන රසවිඳින්න

bread rolls

7.පාන් බුල්සායි

  • අවශ්‍ය ද්‍රව්‍ය
  • පාන් පෙති කිහිපයක්
  • බටර් ස්වල්පයක්
  • බිත්තර කිහිපයක්
  • ලුණු  ස්වල්පයක්
  • ගම්මිරිස් ස්වල්පයක්
  • අමුමිරිස්
  • ළූණු

සාදා ගන්නා ආකාරය

පාන් පෙත්තක් අරගෙන මැද්දෙ, මෘදු කොටසින් අඟලක වගේ ඉඩක් ඉතුරු කොටඉවත් කර ගන්න

 පසුව  පෑන් එකකට බටර් ස්වල්පයක් රත් වෙන්න තබා පාන් පෙත්ත දාන්න.

පාන් පෙත්ත දාපු සැනින්  බිත්තරයක් කඩල, පාන් පෙත්තෙ මැද හිඩසට දමා ගන්න

පසුව  ලුණු කුඩු ස්වල්පයක් ගම්මිරිස්, හීනියට ලියා ගත්තු ළූණු අමුමිරිස් දමා  විනාඩියක් දෙකක් වහල තියන්න.

Related Articles

Don't Miss


Latest Articles