අවුරුදු තුනක සරසවි ප්‍රේමය පෝරු මස්තක කරලා අපි මුදු මාරුකරගෙන අවුරුදු නවයක් ගෙවුණත් මටත් පවන්ටත් අපේම කියලා දරුසුරතල් බලන්න වාසනාවක් තිබුණේ නෑ. හැම පැත්තකින්ම පිහිට පතලාඒත් කිසිම සරණක් නැතිව හෙම්බත් වෙලා හිටපු අපි අන්තිමට තීරණයකළා දරුවෙක් අරන් හදාගන්න.
මගේ පවුලේ තනි ළමයා මම වුණාට පවන්ට අයියෙක් සහ අක්කෙක් හිටියා. ඒ හැමෝටම දරුවෝ හිටියත් පවන්ට තාත්තෙක්වෙන්න පුළුවන් වුණේ නෑ. සාඵල්‍යතාවයේ ගැටළු තිබුණේ මගේ වුණාට පවන් මගේ හිත නොරිද්දුවේ “අනේ අපි බබාලා හදන්නැතිඑකට තමා මං කැමති ” වගේ කතන්දර කියමින්. ඒත් හිත යටින් පවන් දරුවොන්ට කැමති වග දැනගෙන හිටියා. දරුවෙක් නැතිදුකෙන් මම පීඩා විඳිද්දි ඇඩොප්ෂන් එකකට යමු කියන යෝජනාව ගෙනාවෙත් පවන්මයි..
“අපිට පේරන්ට්ස්ලා වෙන්න අපෙන්ම දරුවො හදන්න ඕනනෑ කවී. ඕනෙනම් අපිට සරෝගෙට් මාම් කෙනෙක් හොයාගන්න වෙනවා. ඒත් තමන්ගෙම අම්මලට එපා කියලා දාල යන අහිංසක දරුවො කොච්චරක් ඉන්නවද….”
දරුවෙක් අරන් හදාගන්න අපි තීරණය කළා. ඊළඟට තිබුණේ අම්මලාගෙ ගෙවල් දෙකට අපේ තීරණය දැනුම් දෙන්න.
“ඔයාලගේ අම්මලා මේ සතියේ ආරණ්‍ය දානෙට යන නිසා අපි මුලින් අපේ ගෙදර ගිහිල්ල දන්වලා එමු දවස් තියෙන එකේ”
ලෝන්ග් වීකෙන්ඩ් එකේ පවන්ලගෙ මාතලේ මහගෙදර යන්න තීරණය කළේ ගිහිල්ලා නුවර පළාතේ ටිකක් ඇවිදලා රිලැක්ස් වෙලාආයේ කොළඹ එන්න පුළුවන් නිසා. දරුපවුල් වුණ පවන්ගේ සහෝදර සහෝදරියෝ වෙනම පදිංචි වෙලා හිටපු නිසාත් පවන්ගේඅප්පච්චිත් අවුරුද්දකට කලින් මියගිය නිසාත් මහගෙදර හිටියේ අම්මයි වැඩට උදව්වටයි අම්මගේ පාළුවටයි හිටපු විමලායිවිතරයි.
සිකුරාදා නිවාඩු දවසේ උදෙන් කොළඹින් පිටවෙලා හවස් වෙද්දි අපි මාතලේ මහගෙදරට ආවා. අපේ අනපේක්ෂිත පැමිණීමෙන්පුදුම වුණ පවන්ගේ අම්මා ඉස්සර පුරුද්දට අපිව වැළඳගන්න දුවලා ආවත්, පවන් ඊට කලින් ඉස්සර වුණා..
“හෝව් හෝව්, අපි වොෂ් දාගෙන එන්නම්”
අපි පිරිසිදු වෙලා සාලෙට එද්දි හවස උණුසුම් කරන්න අම්මා උණු උණු ලැවරියා එක්ක තේ මේසයක් හදලා තිබුණා. “විමලානිකමට වගේ ලැවරි හදමු කීවෙ, පුතාලා ආව එක කොච්චර හොඳද…”
තේ මේසේ ඉඳගෙන ආගිය තොරතුරු කියද්දි පවන්ගේ අත්තම්මාත් දැන් අම්මත් එක්ක ඉන්න විත්තිය අම්මා පවන් ට කියද්දිපවන්ගේ මූණ අඳුරු වුණා.
“ඇයි ඒ? එයා බාප්පලා එක්කනෙහ් හිටියේ”
“සරලා පුංචි එක්ක රණ්ඩු වෙලා , අත්තම්මගෙ හැටි දන්නවනෙ පුතා” අම්මා කෙඳිරුවෙ පහත් හඬින්.
“පරණ සිද්ධි අමතක කරන්න පුතා…”
පවන්ගේ අප්පච්චිගේ අම්මගේ කේලම් නිසා අප්පච්චිගේ නංගිලා තුන්දෙනාත් මල්ලිත් අප්පච්චි එක්ක කාලයක් ඉතා තදින් විරසකවෙලා හිටපු විත්තිය මම දැනගෙන හිටියා. ඒ කාලය පුරා අත්තම්මා තමන්ගේ අම්මට ඉතා නරක නින්දිත විදියට සලකපු වග පවන්මා එක්ක කියලා තිබුණා.
“ඉතිං ඇයි සුදුනැන්දා? පොඩි නැන්දා?”
” සමරෙ මාමා අත්තම්මා තියාගන්න කැමතිවෙලා නෑ පුතා. සරත් මාමා කොහොමත් අමුතු මනුස්සයෙක් නෙහ්.. කිසිම හේතුවක්නැතිව පුංචි ගැන නැති කතන්දර බාප්පා එක්ක කියලා බාප්පා ඒවට පුංචි එක්ක රණ්ඩු නොවුණම අත්තම්මා තරහ වෙනවලු. එහේචූටි නංගි මේ සැරේනේ එක්සෑම්, ඒ ළමයා පාඩම් කරද්දි එය ගාවට ගිහිල්ලා එක්කො මහ හයියෙන් බණක් ගැන කියවනවලු , නැත්නම් ඒ නංගිගේ මොකක් හරි අඩුපාඩුවක් කියලා බනිනවලු. ඔන්න ඔහොමයි. සරලා පුංචි විස්තරේ කියද්දි මම කිව්ව මෙහෙටඑවන්න කියලා. අර දරුවගේ එක්සෑම් එකත් අවුල් වෙයි..”
“අම්මටම වද දීලා අන්තිමටම අම්මා ගාවටම තමා එන්න වුණේ…”
” එක එක අයගේ හැටි කියලා හිතන්න දරුවෝ…”
අත්තම්මගේ කතන්දරේ නතර වුණේ කාමරයක දොර ඇරන් අත්තම්මත් සාලෙට ආව නිසා. “ආ පොඩි පුතා, මට නින්ද ගියාටිකක්…”
අත්තම්මත් තේ මේසෙට ඉඳගත්තා.
“ළමයි ඔහොම තමා , කසාද බැන්දම අම්මල ගැන වගක් නෑ, එන්නෙ යලට මහට “
“පුතාලා මාස තුනකට කලින් ඇවිත් ගියා අම්මේ, හැමදාම දවසකට සැරයක් මට කෝලුත් කරනව. මේ ළමයි දෙන්නම රස්සාකරද්දි කොහෙද මේවයෙ එන්න වෙලාවක් .. මං තමා හරිනම් ගිහිල්ලා බලලා එන්න ඕන, නිකං ගෙදරට වෙලා ඉන්න එකේ…”
” එහෙම අම්මලා ළමයි බලන්න යන්නෙ කොයි රටේද? ළමයි එපායැ අම්මල බලන්න එන්න. මේ ළමයට තාම දරුපලවත් නෑනේද, එහෙව් එකේ මාසෙකට සැරයක්වත් එන්නහැකි නෙව “
අත්තම්මගේ කතාව මට ඊතලයක් වගේ දැනෙන වග දන්න පවන් මගේ අතින් අල්ලගත්තා.
“ඒ ගැන අම්මලට කියන්නත් එක්කම තමා අපි ආවෙ. අපි තීරණය කළා දරුවෙක්ව අරන් හදාගන්න”
“අනේ පුතා….”
අම්මගේ මුණ පිපීගෙන එද්දි අත්තම්මාගේ මූණ රකුසු වෙස් අරන් කුටුකුටු ගාන්න ගත්තා
“අරන් හදාගන්න? අපේ හත්මුතු පරම්පරාවට ළමයෙක් අරන් හදාගන්න සිද්ධ වෙලා නෑ. මේ මොන නවනිංගිරාවක් ද? මම ළමයිහයක් වැදුවා, හයක්! අපේ හැම පවුලකම තියෙන්නෙ පිරිසිදු ලේ..
පාතෙන් වඳගෑනු ගේන්න කලින් මේව උඹලට හිතන්න තිබ්බා…”
“මේ අත්ත්….”
පවන්ගේ කේන්තියේ පරිමාව දන්න මම ඉතිරිය සම්පූර්ණ කරන්න නොදී පවන්ගේ කට වැහුවා..”වයසක මිනිස්සු පවන්…”
“අනේ මට හරි සතුටුයි පුතා.. මං ඇත්තටම ඔය යෝජනාව දුවාට කරන්න හිටියේ කාලෙකට කලින් ඒ…”
“සුභද්‍රා උඹලටම හොඳයි මේ නාඩගං… අපේ පව්ල්වල නම්බුවට දැලි ගානව….”
තේ කෝප්පේ අඩියේ කහට ටිකක් ඉතුරු කරපු අත්තම්මා නැගිටලා යන්න ගියා.. අපේ හිත් වල ඇතිවුණ කහට යවන්න පවන්ගේඅම්මා කොච්චර උත්සාහ කළත් ඒක අඩුවුණේ නෑ..
පවන්ගේ තීරණේ පිට අපි සෙනසුරාදා උදේම මහගෙදරින් පිටත් වෙලා කොළඹ ආවා. නිහඬවම ගෙවුණ පැය ගානකට පස්සෙපවන් හඬ අවදි කළා.
“අපේ තීරණේ වෙනස්වෙන්නෑ කවී, දෙයියො අපිට දෙන්නැත්නම් අපි වෙන විදියකින් ඒ දේ ගන්නවා. අපි හොඳ අම්මෙකුයිතාත්තෙකුයි වේවි…”
අපිව පුදුම කරමින් ඉරිදා උදේ පටන් ගත්තේ පවන්ගේ අයියගේ පවුලත් අම්මත් අපේ දොර ඉස්සරහා ඉඳීමෙන්.. මාතලේ ඉඳන්මඅම්මා අපි හැමෝටම කිරිබත් හදාගෙන ඇවිත් තිබුණේ පවන්ගෙයි මගෙයි කැදැල්ලට දරුවෙක් එන සුබාරංචිය සමරන්න.
” ළමයි හැදුවා කියලා අම්මලා හැමෝම මවුවත් නෑ කවී නංගි…ඔයඅපේ අත්තම්මා , මාවනැල්ලේ ඉඳන් මහනුවරට එන්ඩ දන්නෑ කියලාඅපේ අප්පච්චි සර්ජරි එක කරලා දවස් ගාණක් හොස්පිට්ල් ඉද්දිපළාතක ආවෙ නෑ, ඕනකමක් තිබ්බනම් බාප්පිට කතා කරගෙන හවසකඑන්ඩ තිබ්බා.. එහෙමත් නැත්නම් ට්‍රයිෂෝ එකක් දාගෙනත් එන්ඩතිබ්බා.. සල්ලි නැති මිනිස්සු යැ.. හැබැයි තුන්පාරක් ඉන්දියාවෙ නම් ගියාතනියම… “
පවන්ගේ අයියා එහෙම කියලා පවන්ගේ අම්මා දිහා බැලුවා. කිරිබත්කෑල්ලක් කටේ දාගත්ත පවන්ගේ අම්මගෙ මූණෙ ඇදුනේ හිනාවක්.
“ඔවු දුවා, ඒ දවස් වල අපිට ගොඩක් උදව් කළේ පවන්ලෑ අප්පච්චිගේ පුංචියි බාප්පයි. අප්පච්චිට පඩිත් නැතිව අතේ සතේ නැතිවඅපිට ඉන්ඩ වුණා. අත්තම්මා නෙවෙයි ඇහැක් ඇරලා බැලුවේ.. එයා තුන්වෙනි පාරට දඹදිව වන්දනාවෙ යන්ඩ සල්ලි ඉතුරු කළා.. ” කලින් හිනාවෙන්ම අම්මා කිව්වා.
-රවීෂා ජයසේකර-