පනස් හතර වැනි නෙත් සැරිය
චත්‍ර නිවසට පැමිණියේම සිහිනිට බැණ වැදෙමිනි. ඔහු සාලයේ මැදට වී කෑ ගසමින් ඇයට බැණ වැදුනාය. අතුකෝරල මහතා ද පෙරලා චත්‍රට බැණ වැදුනේය. සන්ධ්‍යා දෙදෙනාම සන්සුන් කරවන්නට උත්සාහ කලාය.
නිවසේ අනෙක් සාමාජිකයන් උන්නේ බියපත්ව උන් තැනම ගල් ගැසෙමිනි. චත්‍රගේ උස් හඬද, එයට නොදෙවනි අතුකෝරල මහතාගේ උස් හඬද නිසා නිවසේ සුරතල් සුනඛයාද මහ හඬින් බුරා හැලෙන්නට ගෙන උන්නේය.
” මම ජීවත් වෙන විදිය, මම ගන්න තීරන කාට හරි ප්‍රශ්නයක් නම් යන්නම් මම ඔක්කොම දමලා ගහලා… මට ඕනි ණෑ කිව්වේ ඕනි නැති නිසා.. අයත්මා හිත හදාගනිවී.. මට වඩා එයාගේ ජීවිතේ දේවල් අහිමි වෙලා තියෙනවනේ…”
සිහිනි සියල්ල නිශ්ෂබ්දව අසා උන්නාය. අයත්මා අයියාට බැණ වදින්නට හේතුව අයියා සහ කල්පනා අතරේ වීයැයි ඇය සිතා සිටින කතන්දරයේ අහු කොන් බවට සැකයක් නැත.
අයියා ඒ ගැන අයත්මා සමඟ කෙතරම් දුරට කතා බහ කර ඇතිදැයි දන්නේද නැත. අවිශ්ක කුමක් කීවද, සිදුවී ඇති සියල්ල චත්‍ර වටා කේන්ද්රීයවම සිදුවී ඇති බව දැන දැනම ඔහුට ඒවා සඟවන්නට අවශ්‍ය නැති බව සිහිනි පැය ගනනක් තිස්සේ කල්පනා කර තීරනය කලාය. තමා මේ විඳවන්නේද, අයත්මා එලෙසින් විඳවන්නේද අයියාගේ පාලනයක් නොවූ හැසිරීම් නිසා බව ඕ තීරනය කලාය.
සිහිනි චත්‍රගේ කාමරයට පිවිසියේ අවසර ගැනීමකින්ද තොරවය. ඕ පැමිණි වග දුටු වහාම චත්‍ර දත් මිටි විකා ගනිමින් ඇයට පිටතට යන්නට තර්ජනය කලේය. එහෙත් සිහිනි උන්නේ තීරණයක් සමඟය. අයියාගේ මේ හිතුවක්කාර සිතුවිලි කෙලෙසකින් හෝ පාලනය විය යුතුමය සිතමිනි. ඕ ජනේලයෙන් ඉවත බැලුවාය. අහසම අඳුරුය. බලාපොරොත්තු දැල්විය හැකි හැකි තරු එලියක් එක්වරම නැඟුණි.
” ඔයාගේ අර කල්පනා ගේ මල්ලි එක්ක මං යාලු වෙලා හිටියේ… එයා මාව අතෑරියා එක පාරටම … ඒ ඔයාගෙයි අයත්මාගෙයි අර සිද්දිය ලීක් වුන දවසේ ඉඳන් ..
ඒක ලීක් කරලා තියෙන්නේ එයා… එයා මාව අතෑරියෙත් , අරම කතාවක් ලීක් කරලා අයත්මාව ලැජ්ජා කලෙත් ඔයාගෙන් පලිගන්න … ඔයා, එයාගේ අක්කට දුන්න කරදර වලට ඔයාගෙන් පලිගන්න …. ඔයා නිසයි අයියේ මායි අයත්මයි දෙන්නම දැන් දුක් විඳින්නේ..
මං සූසයිඩ් කරගන්න ගියේ මට ඒ හැමදේම දරාගන්න බැරිව ගිය නිසා… ඔයා රට හදන්න යන මිනිහෙක් වෙන්න කලින්, ඔයා ඔයාව හදාගන්න අයියේ… ඔයාව කන්ට්‍රෝල් කරගන්න … එදා ඔයා අයත්මාව අතෑරලා කල්පනාව තෝරගත්තා. ආයේ කල්පනාව අතෑරලා අයත්මාව තෝරගත්තා… අද ඔයා අයත්මාව අතෑරලා ලොකු අප්පච්චී කියන කෙල්ලව බඳින එක තෝරගන්නවා…… ඒ වගේම.. හෙට ඔයා ඔය ලොකු අප්පච්චි කියන කෙල්ලව අතෑරලා ආයේ අයත්මාව තෝරගනී …
ඔයා හිතන් ඉන්නේ කොහොමද අයියේ?… ඔයාට විතරයි රිදෙන්නේ දැනෙන්නේ කියලද?… අනෙක් මිනිස්සුන්ට එහෙම නෑ කියලද? … කල්පනා විදෙව්ව තරමටම මට විඳවන්න වෙයි .. ඒක තමා සහන්ගේ උවමනාව .. කමක් ණෑ..විඳවන්නම් .. ඒත් අඩුම තරමේ අර අයත්මාටවත් සැණසීමක් දෙන්න .. කෙල්ලෙක්ට ලේසි නෑ ඔය ඔක්කොම දරාගන්න එක.. එයා තීරනයක් ගත්තොත් එහෙම අවිශ්ක අයියා මාව බේරගත්ත වාසනාව එයාටත් තියේවිද කියන්නත් අපි දන්නේ නෑනේ අයියේ…”
” ඕයි …..චූ …ටි .. මො..මො..ක ..ද්.ද ….”
සිහිනිට ඉන් එහා කතා කරන්නට ඉඩක් ලැබුනේ නැත. චත්‍ර මහ හඬින් කෑ ගසමින් නැගිට්ටේය. සිහිනි කෙල පිඬක් ගිල්ලාය. අයියා කලබල වෙන බව දැන උන් නිසාම ඇයට තත්වයට මුහූණ දීමේ අපහසුවක් දැනුනේ නැත.
” මොන මඟුලක්ද ඕයි කියන්නේ ?… “
සිහිනි මුල සිට සියල්ලම පැවසීම ඇරඹුවාය. කල්පනා ලංකාවට පැමිනීමෙන් පසු චත්‍රගේ අහිමිවීම තුල විඳවා ඇති තරම් කීවාය. සහන් ඒ සියල්ල බලා හිඳ අවසානයේ සියුම් දැලක් එලා තමා එහි පටලවා ගන්නට ඇති බවද කීවේය.
අයත්මා සහ චත්‍ර අතරේ වන සම්බන්ධතාවය පිළිබඳව තම සිතට විශබීජ එක් කලේ ඔහු බවද කීවේය. අයත්මාට චත්‍ර අතින් වූයේයැයි සිතූ කරදරය පිළිබඳව සහන්ට කීවේ තමා බවද කීවේය. සියල්ල පවසා අවසන් කලද ඒ සියල්ල සොයා ගත්තේ කවුරුන්දැයි ඕ කීවේ නැත. අවිශ්ක මෙහි නිරාවරනය විය යුතු නැත. ඇයට එය සඟවන්නට සිතුනි. චත්‍රගේ යක්ෂාවේශ බව සම්පුර්නයෙන්ම බිඳී ගොස් තිබුනි. ඔහු උන්නේ සිහිනිගෙන් ඉවත බලාගෙනය.
” මම මේ ඔයාට කියන්න උන්න කතාවක් නෙවෙයි අයියේ .. මට වුන දේ ගැන මම හිත හදාගන්න තීරනය කරලා තිබුනේ.. ඒත් ඔයා අයත්මාට සෑහෙන්න වද දෙනවා.. ඒ ලමයා පවු .. එක්කෝ කල්පනා එක්ක ඔයාට තිබ්බ කතාව ඔයාම කියලා, එයාගේ සැක සංකා දුරු කරලා මේ සම්න්ධෙ ඉස්සරහට ගෙනියන්න බලන්න .. එහෙම නැත්නම් එක පාරින්ම අයින් වෙන්න .. මොකද අයත්මාත් සෑහෙන්නම ඉරිසියාව පුරොගත්ත ඉක්මනට පුපුරන බෝම්බයක් .. එදා උදේ වෙන්න ඇත්තෙත් ඒක.. ඔය දෙන්නා එකට ඉන්න නම් එක්කෙනෙක් නිෂ්ක්‍රීය වෙන්නම වෙනවා ….”
සිහිනි චත්‍රගේ පිළිතුරු බලාපොරොත්තු නොවීම කාමරයෙන් පිටතට ගියාය. සිත් සේ නාගෙන, තෙත කොණ්ඩය පිටින්ම යහනේ පෙරලුනාය. සිතට යම් සැහැල්ලුවක් දැනෙන බව සිහිනිට විශ්වාසය. ඕ අඩ අඳුර අතරින් දෑත් එක් කර බැලුවාය. අවිශ්ක තම දෑත් මැදිවන සේ අල්ලාගෙන උන් සෙයියාව මැවුවාය. සිනහවක් නැඟුණි. මේවා නමක් දීමට කවුරුන්ම හෝ ඉස්සර විය යුතු හැඟීම් ය.
චත්‍ර උන් ඉරියව්වේම ගල් වී උන් කාලය ගැන ඔහුටම අදහසක් වූයේ නැත. අතීතය මෙලෙසින් තමා හඹා ඒවියැයි වන අදහසක් කෙලෙසකින්වත් වූයේද නැත. චත්‍ර නෙත් ඉතා තදින් මිරිකා හැරියේය. සිහිනිගේඑ චෝදනාමය ස්වරයන් කඩු තුඩු මෙන් පැටලී චත්‍ර රිදවමින් තිබුණි.
කල්පනා, එසේනම් ඇය පළිගත්තාය. චත්‍ර වියරුවෙන් සිනාසුනේය.
අයත්මා නාට්‍ය වෙනුවෙන් වූ කුඩා සැකසුම් කිහිපයක් සකස් කර අවසන් කලාය. සවස් කාලයම ගෙවුණේ හිත සන්සුන් කරගන්නට නොහැකිවය. හිත කෙතරම් චංචල වුවද මේ වගකීම මඟෑරෙන්නට දිය නොහැකි වග ඕ දනී.
අනතුරුව ඒවායේ චායාරූප කිහිපයක් කලණටද යැව්වාය. සියල්ල අවසාන අදියරේ ඇත. තව දින කිහිපයකින් මාතර රාහුල විද්‍යාලයේදී මේ දරුවන්ගේ හැකියාවන් දිග හැරේ. තමා ඇරඹුවා වුවද දැන් කලණ ඒ සියල්ල ඉතා වගකීමෙන් සහ අධ්‍යාපනික දැණුවත්කම සහ ශිල්පීය කුසලතාද වඩා මුහු කරමින් පවත්වාගෙන යයි. ඒ ගැන දැනෙන්නේ සතුටකි. අයත්මා කල්පනාවේ ඉඳිමින්ම අයියාගේ දියණිය සොයා ගියාය. ඕ උන්නේ නින්දේය. අයත්මා ආපසු හැරුනාය. අවිශ්ක උන්නේ ඇය දෙස බලාගෙනය. ඔහු ඇය පසුපස සාලයට ආවේය.
” අරූ දවල් ආවා නේද?…”
අයත්මා හිස සැළුවාය.
” මොකද්ද කියන්නේ?…”
” එයාට කල් ඕනි කිව්වා…. “
” මොකටද?..”
අයත්මා සුසුමක් හෙලුවාය.
” දන්නෙ නෑ අයියේ .. ඒත් අපේ හිතවත් අපිට පාලනය කරගන්න බැරි එකේ අපි ඉතින් කොහොමද තව කෙනෙක්ව පාලනය කරන්නේ කියලා මම හිතන්න උත්සාහ කරනවා… චත්‍ර තවම මට ආදරේ ඇති .. ඒත් ඒ ආදරේ මාත් එක්ක එකට ජීවත් වෙන්න තරමටද කියලා එයාට හිතන්න ඕනි ඇති …”
අවිශ්ක අයත්මාගෙන් ඉවතට ඇවිද ගියේය. කුඩා කල සියල්ල ඉල්ලා ඇඬූ ඇය, දැන් නොලැබෙන දේවල් වෙනුවෙන් හේතු හදමින් හිත සනසා ගන්නට උත්සාහ කරන්නීය. කඳුලු සඟවාගෙන සිටින්නීය. ජීවිතය කුඩා කෙල්ලක දරදඬු කර අති තරම ………,
” තමුසේට මෙහෙ ඉන්න බැරි නම් මේ ඔක්කොම විකුණලා දාලා අපි කොහේ හරි යමු අයත්මා … මට වැඩිපුර වටින්නේ තමුසේවයි දෝණිවයි… ඒ ඇරුනම දාලා යන්න බැරි දෙයක් නෑ මටත් ඇත්තටම ආදරේ කියලා මඟුලක් නැතුව ඇති ඕයි .. මෙන්න මේ මඟුල් දාලා, නිමලා අම්මා එනවානම් එයාවත් එක්ක අපි රට යමුද නංගී ?.”
අවිශ්ක එලෙස පවස්මින් සාලයට ඇතුලු වෙන විටම ඉදිරිපස දොර අසල සිටගෙන උන් පුද්ගලයා ගැස්සී යනු අවිශ්ක දුටුවේය,
| අපේක්ෂා ගුණරත්න |
ReplyForwardAdd reaction |