මුලින්ම ආදරේ කියන්න ඕන කෙල්ලද කොල්ලද?

මුලින්ම ආදරේ කියන්න ඕන කෙල්ලද කොල්ලද? කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කියලා කියන එක හොඳ ද, නරකද කියලා සෘජුවම උත්තරයක් දෙන්න අමාරුයි. ඒක depend වෙන්නෙ තම තමන්ගෙ අත් දැකීම් මතයි. හැමෝටම ආදරේ කියලා කියන්න පුලුවන් විවිධ විවිධ හැඟීම් තියෙන්න පුළුවන්.

කාටත් තමන්ගේ ආදරය ප්‍රකාශ කිරීම කියන්නෙ විශාල වගකීමක් සහ අනෙකුත් කෙනාගේ හැඟීම්, තත්ත්වයන් හා සමාජමය තත්ත්වය ගැන දක්වන වගකීමක්. ආදරය කියන්න හිතන විට කෙල්ලෙක්ට හෝ කොල්ලෙක්ට emotionally, mentally, and practically “මම මේක කරන එක, කියන එක හොඳද?” කියලා හිතන්න පුලුවන්කම තියෙන්න ඕන.

1. True Feelings – ඇත්තම හැඟීම් පවසන වගකීම

කෙනෙකුට තමන්ගේ සත්‍ය හැඟීම් පවසන එක අගය කරන්න ඕන දෙයක් වෙන්න පුලුවන්. එය එතරම්ම වගකීමක් සහිත දෙයක්, මොකද ආදරය කියන එකේ තිබෙන මූලික සංකේතය තමන් තුළ ඇති සත්‍ය හැඟීම් පෙන්වීමයි. මේක තමන්ගේ ඇත්තම emotions යොදාගෙන කරන connection එකක් වන විට එය සාර්ථක වීමට ඉඩ වැඩියි.

ඇත්තෙන්ම, ආදරය කියන එක ගොඩක් ස්වභාවිකත්වයෙන් හා කෙනෙකුගේ ඇත්ත හැඟීම් අඩංගු කාරණයක් බවට පත් විය යුතුයි. බොරුවක් මුල්කරගෙන හරි තමන් ලඟ නැති හොඳක් පෙන්නගෙන හරි කරන දෙයක් ආදරයක් කියලා ඇත්තටම කියන්න බෑ.මොකද අපි කෙනෙක්ට ඇත්තටම ආදරය කරනවා නම් අපි එයාව රවට්ටන්න හිතන්නෙ නැති නිසා. ආදරයත් එක්ක අපි බෙදාගන්නෙ එකිනෙකාගෙ විශ්වාසය කියන එක අපි අමතක නොකර යුතුයි.

2. Time and Space – කාලය සහ අවකාශය හොඳින් පරික්ෂා කිරීම

කාලය සහ අවකාශය කියන දෙය අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතුය. ආදරය කරන්න හෝ කියන්න ඔයා යොදාගන්න, කටයුතු කරන පරිසරය සහ කාලය හරි නම්, ඒකේ හැඟීම් නිවැරදිව ප්‍රකාශ කරන එකත් සමඟ, ඊට අදාළ ප්‍රතිචාරයන් ගොඩක් හොඳ ඒවා වෙන්න ලොකු ඉඩක් තියෙනවා. කෙල්ලෙක් හෝ කොල්ලෙක්ට ආදරය කියන්න ප්‍රමාණවත් හේතු හා පැහැදිලි කාලයක් තියෙන කොට, ඔහු හෝ ඇය ඒ මොහොත සඳහා emotional maturity හා mental readiness පෙන්වනවාද කියන එකත් හොඳින් තේරුම්ගන්න ඕන.

ඒ විතරක් නෙවෙයි, අදාළ කෙනාගේ current status, mental state, life goals, and thoughts ගැන හොඳින් විමසා බලන්න ඕනේ. එයාගේ ජීවිතේ හෝ relationship එකේ කොටසක් වෙන්න පෙර, emotional attachment එකක් පවතිනවාද, ඔහු හෝ ඇය ඒක ප්‍රියයන් එක්ක වෙච්ච සබඳතාවයක් ලෙස සලකනවාද යන්නත් බලන එක ගොඩක් වැදගත්.

3. Comfort and Rejection – ආරක්ෂාව සහ ප්‍රතික්‍ෂේප කිරීමේ තත්ත්වයන්

කෙල්ලෙක් හෝ කොල්ලෙක් ආදරය කියන විට, සමහරවිට rejection එකක් සිදුවීමට ඉඩක් තියෙනවා. අපි සමහර විට එයත් මට කැමතියි කියලා වරදවා වටහාගෙන ඉඳියා වෙන්නත් පුළුවන් නේ. එම අවස්ථාවන්ට මුහුන දෙන්න mental readiness අවශ්‍යයි. කෙනෙක් ආදරය ප්‍රතික්ශේප කරොත් ඒක භාරගන්න එකත් අපිට සුබවාදී විදියට කරන්න පුලුවන් වෙන්න ඕන. එහෙම නැතුව හිතේ ආදරය තියෙන තුරු අහිංසකව ඉඳලා, ආදරේ ප්‍රතික්ශේප කරාම නපුරු වෙලා, කලහකාරී වෙලා වැඩ කරන්න බෑ.

ඒ වගේම තමයි මේ Rejection කියන දේ නරක දෙයක් විදියට දකින්න එපා. ආදරේ නැති කෙනෙක්ගෙ ආදරේ ලැබෙනවට වඩා ඒ Reject වෙන එක හොඳයි කියලා තේරුම් ගන්න.

ප්‍රතික්‍ෂේප වීමක් සිදු වුවහොත්, කෙල්ලෙක් හෝ කොල්ලෙක් මිත්‍රත්වය තවත් දිගටම පවත්වාගැනීමට හැකියාවක් තිබේද කියලාත් හිතන්න ඕනේ. සමහරවිට ආදරයක් ප්‍රකාශ කරත්, මිත්‍රත්වය එකතු කර තබාගත හැකිද යන්න ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම සමහර විට මිත්‍රත්වයේ bond එකක් නව ආදරමය තත්වයක් වෙන්නත් පුළුවන්.

4. Mutual Understanding

ආදරයක් ප්‍රකාශ කිරීමෙන් relationship එකේ mutual understanding එකක් කරගන්න වෙනවා කියන එක තේරුම්ගන්න. ආදර සබඳතාවයක් ඇතුලෙ තියෙන්නෙ ආදරේ විතරක්ම නෙවෙයි. ඒක විශ්වාසය, තේරුම් ගැනීම, ගරුකිරීම වගේ ගොඩක් දේවල් වල එකතුවක් කියලා තේරුම්ගන්න.

එය ආදරය සමග සාර්ථක bond එකක් නිර්මාණය කිරීමට, ස්වභාවික healthy romantic relationship එකක් දියුණු කරමින් sustainable විදියට ඉස්සරහට යන්න ඔයාලට උදව් වෙනවා. එවන් අවස්ථාවක, ආදරය ප්‍රකාශ කිරීමෙන් සාර්ථක connection එකක් නිර්මාණය කරගැනීමට වැඩි ඉඩ ඇත.

ආදරය ප්‍රකාශ කරන්න හොඳම වෙලාව මෙන්න මේක කියලා කියන්න බැරි වුණත් ඒ තීරණය ඔහු හෝ ඇගේ අත්දැකීම් මත හා එයාලා ඒ වෙලාවෙ ඉන්න සමාජ, ජීවිත තත්ත්වයන් මත රඳාපවතින බව කිව යුතුය. එය සාර්ථකව පවත්වාගෙන යන්න emotional readiness, time and space, rejection, සහ mutual understanding යන අංග සියල්ලකම එකතුවක් බව තේරුම්ගන්න එක හරිම වැදගත්.

කෙල්ලෙක් හෝ කොල්ලෙක් හදවතින්ම පෙනෙන හැඟීම් ප්‍රකාශ කිරීමට, එකිනෙකට උදව් කිරීමට, සහ healthy relationship එකක් නිර්මාණය කිරීමට සූදානම් නම්, ආදරය පවසන එක අතිශයින්ම හොඳ දෙයක් වෙන්න පුලුවන්.

හැබැයි අමතක කරන්න එපා, ආදරයක් ප්‍රකාශ කරන්න ගියාම ඔයාව Reject වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඒ Rejection එකත් ලස්සනට භාරගන්න පුලුවන් නම් තමයි වඩාත්ම සාර්ථක වෙන්න පුලුවන්!

Related Articles

Don't Miss


Latest Articles