1977 අවුරුද්දේදී ඔක්ලොහෝමා වල ස්කොට් කියන කෑම්ප් එක කුඩා බාලදක්ෂිකාවන්ගෙන් පිරිලා යනවා.සති දෙකක් පුරාවට තියන්න සැලසුම් කරලා තිබුන සමර් කෑම්ප් එකේ පලවෙනි දවස වෙනුවෙන් තමයි කට්ටිය එහෙම එකතු වෙන්නේ. එදා හවස ඔක්ලොහෝමා වලට බලාපොරොතු නොවුන මහ වැස්සකට මුහුණ දෙන්න වෙනවා. කෑම්ප් එකේ ක්‍රියාකාරකම් බාරව උන්න ආචාර්‍යවරුන් වහාම එදා හවස් වරුව වෙනුවෙන් සැලසුම් කරල තිබුන ක්‍රියාකාරකම් අත් හිටුවන්න තීරණය කරනවා. ඒ වගේම කුඩා ගැහැණු ළමුන්ව ඔවුන්ගේ කූඩාරම් වල වෙන් වෙන් විදියට නවාතැන් ගන්වනවා.
” හරි .. මේ වැස්ස නිසා අපේ හවස් වරුවේ ඇක්ටිවිටිස් අපිට කල් දාන්න වෙනවා.. දැන් ඔයාලා ටෙන්ට් වලට ගිහින් ඔයාලාගේ සමර් කෑම්ප් එකේ පලවෙනි දවසේ උදේ වරුව ගැන විස්තර අම්මලාට කියන්නත් එක්ක ලියුමක් ලියන්න..”
එහෙම උපදෙස් මේ කුඩා ගැහැණු ළමුන්ට ලැබෙනව.
එක ටෙන්ට් එකකට ගැහැණු ළමුන් හතර දෙනෙක් එන විදියට තමයි මේ ළමයින්ව ටෙන්ට් වලට බෙදලා තියෙන්නේ. ඒත් අවසානම ටෙන්ට් එකට ගැහැණු ළමයි තිදෙනෙක් විතරක් ඉතුරු වුන නිසා ඒ ටෙන්ට් එක ඒ තුන් දෙනාට විතරක් බෙදලා දෙන්න සැලසුම් කරනවා.
අවුරුදු අට, නවය සහ දහය වයස් වල උන්න මේ ගැහැණු ළමයි තුන්දෙනා වටේ තමයි අද දවසේ කතාව ගෙතෙන්නේ. ලෝරි, මිශෙල් සහ මිල්නා තමන්ගේ ටෙන්ට් එකට ගිහින් අම්මලාට ලියුම ලියන එක ගැන සැලසුම් කරන්න ගන්නවා. අට වෙනි ටෙන්ට් එක නිසා මේ ටෙන්ට් එක තියෙන්නේත් සමර් කෑම්ප් එක බාර ආචාර්‍යවරයාගේ ටෙන්ට් එකට වඩා සෑහෙන්නම ඈතින්. මීටර් අසූවක් විතර ඈතින් තිබුනා වුනත්, ආචාර්‍යවරුන් සියලු ටෙන්ට් වල ආරක්ෂාව ගැන බය වෙලා නැහැ. ඒ මින් පෙරත් ඒ විදියටම සමර් කෑම්ප් වල අත්දැකීම් තියෙන නිසා.
ඒ වගේම මේ ටෙන්ට් හදලා තිබුනේත් වැසි ජලයෙන් කරදර නොවෙන්න ලී ප්ලැට් ෆෝර්ම් එකක් උඩ. ඕනෑම කෙනෙක්ට පිටතිනුත් ඇතුල් වෙන්න පුලුවන් විදියට.
ලෝරි තමන්ගේ මිතුරියන් දෙදෙනාට කලින් ලියුම ලියන්න ගන්නවා.
” මගේ අලුත් යාලුවෝ දෙන්නා හරිම හොඳයි … එයාලා මගේ සදාකල් මිතුරියෝ ….”
ලෝරි එහෙම ලියන අතරේ මිතුරියන්ගේ ලියුම් වලටත් උදව් කරනවා. කොහොම හරි රෑ වෙනකොට වැස්ස අඩු වුන නිසා ගැහැණු ළමයින්ව කතන්දර කියන අංගයකට එකතු කරගන්නවා.
” ටීචර් .. මට අම්මට කෝල් එකක් ගන්න ඕනි …”
ඩෙනිස් කියන ගැහැණු ළමයා එහෙම ඉල්ලනේ ඒ වෙනකොටත් ඩෙනිස් අම්මාලා නැති සාංකාවෙන් ටික ටික අසනීප වෙමින් උන්න නිසා.
” හෙට අම්මාට කෝල් කරමු .. දැන් රෑ වෙලානේ … ඩෙනිස් හොඳ ළමයා වගේ නිදාගන්න …”
ඩෙනිස්ව ඒ විදියට සනසන ක්ලාරා කියන ආචාර්‍යවරිය ඇයව කූඩාරමට යවනවා.
හැමෝම නින්දට ගියත්, එදා රෑ එකපාරටම ඇහැරෙන ක්ලාරා කියන ආචාර්‍යවරි කූඩාරම් වල ඈතම කොන දිහාවෙන් යම් විදුලි එලියක් එහෙ මෙහෙ යනවා දකිනවා. එතකොට වෙලාව උදේ එකයි. ඒ වගේම ඒ ගැන විමසිල්ලෙන් ඉන්නකොට ඇයට ඇහෙනවා කූඩාරමක ළමයි තවම නිදානොගෙන හිනාවෙන සද්දේ. ඇය සහෝදර ආචාර්‍යවරියක් එක්ක ගිහින් ඒ ළමයින්ට නිදාගන්න කියලා එන අතරේ, කූඩාරම් වලට පිටිපස්සෙන් යටි උගුරෙන් කෑ ගහන සද්දයක් ඇහෙනවා. ඔවුන් වහාම ඒ දිහාවට ෆ්ලෑශ් එක ගැහුවත් ඒත් එක්කම ඒ සද්දේ නැවතෙනවා. ඔවුන් ඒ දිහා බලාගෙන ඉඳලා ආයෙම ඔවුන්ගේ කූඩාරම දිහාවට එන්න හදනකොටම ආයෙම ඒ සද්දේ ඇහෙනවා. ඔවුන් ආයෙම ඒ දිහාවට ෆ්ලෑශ් එක ගහනවා. එතකොට වෙන්නේත් කලින් උන දේමයි. කොහොමහරි දෙන්නා ආයෙම තමන්ගේ කූඩාරම් වලට ඇවිල්ලා නිදාගන්නවා.
ඔය අතරෙදී තමන්ගේ කූඩාරමේ අඩ නින්දේ උන්න තව ගෑණු ළමයෙකුත් එලියේ එහෙ මෙහෙ යන විදුලි එලියක් දකිනවා. ඒ වගේම ටික වෙලාවකින් කවුරු හරි පිරිමි කෙනෙක් තමන්ගේ ටෙන්ට් එක ඉස්සරහට ඇවිල්ලා ආයෙම යන විදියත්. බය වෙන ගෑණු ළමයා ඇස් දෙක තදින් පියාගෙන නිදාගන්නවා.
උදෙන්ම නැගිටින ක්ලාරා කියන ආචාර්‍යවරිය නුදුරින් තියෙන නාන තැනට යනවා. ඒ යනකොට ක්ලාරා දකිනවා ගහක් යට තියෙන ස්ලීපින් බෑග් තුනක්. ඇය වහාම ඒ දිහාවට යනවා. ඒ ස්ලීපින් බෑග් දිහා විමසිල්ලෙන් බලන ක්ලාරාට කෑ ගැහෙනවා. ඒ තුනේ තියෙන්නේ ප්‍රාණය ගිලිහිලා ගියපු ලෝරා, මිශෙල් සහ ඩෙනිස්ගේ සිරුරු.
ක්ලාරාට තමන් දැකපු දේ අදහා ගන්නවත් බැරි වෙනවා. ඇය වහාම අනෙක් අයට මේ ගැන කියනවා. ඊට අප්ස්සේ ඔවුන් වහාම ඉතිරි ළමයින්ව ගෙවල්වලට යවන්න පියවර ගන්නවා. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් ස්කොඩ් කෑම්ප් එකේ ගැහැණූ ළමයි තුන්දෙනෙක්ව මරලා දාලා කියන ආරංචිය පැතිරෙන්න ගන්නවා. පොලිස් කණ්ඩායම් වහ වහා එතැනට අනියුක්ත කෙරෙනවා. එතැනට යන විමර්ෂණ කණ්ඩායම් වලට දැකගන්න ලැබෙනවා කුඩා ගැහැණූ ළමුන් තුන්දෙනාව මරලා දාලා තියෙන්නේ ඔවුන් නිදාගෙන උන්න ටෙන්ට් එකට මීටර් 150ක තරමේ දුර තැනක කියලා.
” කෑම්ප් එකේ ගේට්ටු දෙකම ලොක් කරලා තිබුනත් ඒකට ගාර්ඩ් එකක් තිබුනේ නෑ.. ඕනෑම කෙනෙක්ට ඒ ගේට්ට්ටු වලින් පැනලා එන්න පුලුවන්.. ඒ වගේම කෑම්ප් එකේ කැලෑ සීමාවේ වැටක්වත් තිබුනේ නැහැ….”
විමර්ෂකයන් කියනව. ගැහැණු ළැමුන් මරලා දාලා තිබුන ස්තානයෙන් ටේප් රෝලක්, කාන්තා උපැස් යුවලක් සහ විදුලි පන්දමක් පොලිසිය සොයාගන්නවා. ළමුන්ව මරලා තියෙන්නේ ලිංගික අතවර කරලා ඊට පස්සේ ගෙල සිර කරලා සහ හිසට පහරදීලා බව අනාවරණය වෙනවා. ඒ වගේම විදුලි පන්දමේ ආලෝකය අඩු කරලා තිබුන බවත්, විදුලි පන්දම ඇතුලට පරණ පත්තර පිටු දාලා තිබුන බවත් අනාවරනය වෙනවා.
ඊට පස්සේ විමර්ෂකයෝ ළමයි තුන් දෙනා උන්න ටෙන්ට් එකට යනවා.
” ටෙන්ට් එක තිබුනේ තැනින් තැන ගැලවිලා.. ඒත් එක්කම ඇතුලු වෙන තැන සෑහෙන්න ලේ තිබුනා.. බිම ලේ ගෑවුණ සපත්තු සලකුණුත් තිබුන බව සොයාගත්තා… ඒ වගේම අපි බියර් කෑන් කිහිපයකුත් හොයාගත්තා…”
මේ විස්තර එක්ක කෑම්ප් එක අවට තිබුණ ගල් ගුහා සහ සහ ගොවිපොලකුත් පොලිසියේ උකුසු ඇසට අසු වෙනවා.
” ඇත්තටම මගේ ගොවිපොලත් ගිය සතියේ මංකොල්ල කෑවා… ගොවිපොලේ තිබුන ලණු වගයක්, බියර් වගයක් සහ ටේප් එකක් සහ කෑම හොරු අරගෙන ගිහින් තිබුණා..”
ගොවිපොල කලමනාකරු පොලිසියට එහෙම කියනවා. පොලිසිය වහාම තහවූරු කරගන්නවා ඒ ගැහැණු ළමුන්ව මරන්න භාවිතා කරපු ලණුව සහ ටේප් බව. ඒ අතරේදී තවත් කණ්ඩායමක් අවට ගල් ගුහා පරීක්ෂා කරනවා. එතකොට ටේප් එකක්, විදුලි පන්දම ඇතුලේ තිබුන පත්තරේ ඉතුරු කොටස් , පින්තූර දෙකක් සහ ගල් බිත්තියේ ලියලා තිබුන වැකියක් හමුවෙනවා.
” මම මෙතැන සිටියා. මමයි ඔවුන් මැරුවේ. බායි මෝඩයිනේ..”
පොලිසිය වටහාගන්නවා යම්කිසි අයෙක් ඉතා සැළසුම් සහගතව මේ සියල්ල කරලා තියෙන බව. පොලිසියේ අවධානය එක් පුද්ගලයෙක් වෙත යොමුවෙනවා.ඒ හාර්ඩ් කියන එම ප්‍රදේෂයේම උන්න අයෙක්.
ඔහුගේ අතීතයේ ස්ත්‍රී දූෂණයන් පිළිබඳව අත් අඩංගුවට ගැනීම් කිහිපයක්ම ලියැවිලා තියෙනවා. ඒ වගේම ඔහු ගෙව්ල් බිඳීම් වලටත් වරදකරු වෙලා අවුරුදු 350ක සිර දඬුවම් ලබමින් ඉන්න අතරේ බන්ධනාගාරෙයෙන් පැනලා ගිය අයෙක් විදියට වාර්තා වෙලා තියෙනවා. අනෙක් කාරනාව තමයි හාර්ඩ් කාන්තා හෝ පිරිමි උපැස් යුවලවල් සොරකම් කරන්න පෙළඹිලා ඉන්න එක. ඔහු මිනීමැරුම කරාය කියන ස්තානයේ තිබුන උපැස් යුවල ඔහු සොරකම් කරපු එකක් කියලත් තහවුරු වෙනවා.
පොලීසිය වහ වහාම මේ හාර්ඩ්ව හොයන්න විමර්ෂන දියත් කරලා අත් අඩංගුවට ගන්නවා. ඒත් අවාසනාවට ඒ ගැන ප්‍රශ්න කරන අතරේදී හාර්ඩ් හෘද්‍යාබාධයක් වැළඳිලා මිය යනවා. ඒ කුඩා ළමයින්ට එහෙම කලේ ඇයිද කියන පැනය සදාකාලිකවම ඉතුරු වෙනවා. කාලෙත් එක්ක මේ මිනීමැරුම් ගැන එක එක කතන්දර කියැවෙනවා. ඒත් සත්‍ය තොරතුරක් එලියට එන්නේම නැහැ. ඒ අභිරහස තවමත් එහෙමම යට ගිහින් , සාධාරනයක් ඉශ්ට නොවී තියෙනවා.