ප්‍රසූතියට දෙසතියක් තිබියදී අමානුෂික පලිගැනීමකට ලක් වූ ලෝ ප්‍රකට සරාගී නිළිය

සමහර බිහිසුණු අපරාධ සිදු වී මොනතරම් කාලයක් ගියත් ඒවා අමතක කරන්නට අපිට හැකියාවක් නෑ. ෂැරොන් ටේට් යන නම ඔබට මතක ඇති. ඇගේ ඝාතනය ලෝකයම කම්පා කල එකක්.

ෂැරොන් ටේට් ඇගේ නූපන් දරුවා සමඟ ඇගේ මිතුරන් තිදෙනෙකු සහ  ආගන්තුකයෙකු ඝාතනය කරන විට ඇගේ වයස අවුරුදු 26 ක්. ටේට්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට පාත්‍ර වූ නිළියක වන අතර, ඇය Valley of The Dolls චිත්‍රපටයේ රඟපෑම සඳහා වඩාත් ප්‍රසිද්ධියට පත් වූව, ඇය ප්‍රංශ-පෝලන්ත චිත්‍රපට අධ්‍යක්ෂක රෝමන් පොලාන්ස්කිගේ බිරිඳ ද වූවා. 1969 අගෝස්තු 9 වන දින, මාස අටහමාරක ගැබිනියක් වූ ටේට්, ප්‍රසිද්ධ කොණ්ඩා මෝස්තර ශිල්පී ජේ සෙබ්‍රින්ග්, නවක තිර රචක Wojciech Frykowski සහ Frykowski ගේ පෙම්වතිය වූ Abigail Folger, ද ඇය සමඟම ඝාතනය කළා. ඒ ලොස් ඇන්ජලීස් හි බෙනඩික්ට් කැනියොන් හි 10050 Cielo Drive හි දී. ඔවුන් පිටත ගොස් රාත්‍රී ආහාරය රැගෙන නිවසට පැමිණ තිබුණා.

මෙම ඝාතන, පළිගැනීමේ ක්‍රියාවක් ලෙස විස්තර කරනවා. චාල්ස් මැන්සන් නම් කල්ලියක් විසින් මේ අපරාධ සිදු කළ බවයි පැවසෙන්නේ.

මේ රාත්‍රියේ ඇගේ සැමියා ඔහුගේ නවතම චිත්‍රපටියට දර්ශන තල බලන්නට ගොස් සිටියා.දරුවෙකු උපදින්නට සති දෙකක් පමණක් තිබූ රූමත් ෂැරෝන්ට දහසය වතාවක් පිහියෙන් ඇන ඇති ආරංචිය ඔහුට ලැබෙන්නේ ඔය අතරදී. ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ කෲරතරම අපරාධයක් ඒ ආකාරයෙන් ලියැවෙනවා. ඔවුන් මරණ සිදු කර අවසානයේ නිවසේ පිටත බිත්තියක Pig ලෙස ලියා තිබුණා.

පොලාන්ස්කිට ආදරය කරන්නට පෙර ෂැරෝන් ජනප්‍රිය කොණ්ඩා මෝස්තර නිරූපණ ශිල්පියෙකුට ආදරය කළා. 1968 ජනවාරි මාසයේදී පොලාන්ස්කි සමඟ ඇය විවාහ වෙනවා. ඔවුන් හොලිවුඩ් ඉතිහාසය තුළ සන්තෝසයෙන්ම ජීවත් වූ යුවලක් ලෙස සැලකෙනවා.

“ෂැරොන්ගේ මරණය තවමත් මගේ හිතේ හොල්මන් කරනවා. මට ඇය  ගැන තවම සිහි වෙනවා.”

මේ වෙද්දී ජීවිතේ සැඳෑ සමය ගත කරන පොලන්ස්කි එසේ පවසනවා.ෂැරෝන් තමන්ට ජීවිතය දෙන ලෙස අයදින විට පවා ඇයට උමතුවෙන් මෙන් පිහියෙන් ඇන්නේ සුසාන් ඇට්කින්ස් විසින්. ඇය 61 වියේදී මොලයේ පිළිකාවකින් මිය ගියා. 1971 දී මැන්සන් ප්‍රමුඛ කණ්ඩායමම අත්අඩංගුවට පත් වුණා.

Once upon a time in hollywood චිත්‍රපටිය මේ ඝාතනය අලලා සැකසුණු චිත්‍රපටියක්. ලියනාඩෝ ඩිකැප්‍රියෝ, බ්‍රැඩ් පිට් සහ මාර්ගට් රොබී එහි ප්‍රධාන චරිත නිරූපණය කළා.

ෂැරෝන් අතිශය සරාගී සහ රූමත් නිළියක්. ඇගේ දක්ෂතා අනුව ඇය සිනමාව තුළ බොහෝ දුරක් යන්නට සිටි නිළියක්. සියල්ලටම වඩා ඒ අලුත් අම්මා කෙනෙක් වන්නට පෙරුම් පිරූ ගැහැනියක්.

කලාව තුළ පවා ඇති වෛරය සහ පලි ගැනීම බොහෝ දේ නැත්තටම නැති කර දමන බවට ෂැරෝන් අපිට යළි යළිත් සිහිපත් කරනවා.

Related Articles

Don't Miss


Latest Articles