චරකගේ දෑස් තෙත්ව තිබුණි. විහඟි වේගයෙන් හුස්ම ගත්තාය. අතීතයේ ඇතැම් දවස් හුස්ම හිර කෙරූ බව සිහිවීමම මෙතරම් වේදනාවක් නම්, ඒ වේදනාව තමා කෙලෙස දරාගත්තාදැයි, සිහිවීමම විහඟිගේ හුස්ම නවතා දමා තිබුණි.
” ඇයි නංගී ආයේ ආයේ මාවම තෝරගත්තේ ? … අතාරින්න ඕනි මිනිහෙක්ව ආයේ ආයේම තෝරගෙන .. ඇයි ?..”
විහඟි හිස මදක් ඔසවා බලා, චරකගේ දෙතොල් සිර කරගත්තාය. චරක විහඟි අල්ලා උන් ග්‍රහණය ලිහිල් කලේය. ඒ වෙනුවට, ඇගේ බඳ වටා දෑත යවා පිට මැද්දේ පටන් පිරිමැද්දේය.
” ආයේ ඕවා අහන්නෙපා අයියේ … මං ඉල්ලන්නේ එක දෙයයි ..ඔයාට මාව එපා වුනොත්, ඒ එපා වෙන මොහොතෙන්, මට කියලා මට යන්න දෙන්න .. ඔයාට මාව ඇති කියලා දැනුනොතින් වුනත් …. කවදාවත් ඔයා එක්ක තරහ නොගෙන, ඔයාට කරදරයක් නොවෙන ජීවිතයක් ගෙවන්න මට හයිය තියෙනවා…. කැම්පස් එකට ආවට පස්සේ, චායා මගේ එහා පැත්තේ ඉඳ නොගන්න, මගේ ජීවිතේ සම්පූර්ණ අපායක් වෙලා තියෙන්නත් තිබ්බා අයියේ .. එහෙව් මාව මේ අවුරුදු දොළහක් තිස්සේ ඇස් දෙකේ තියන් උන්න එකම ඇති ඉතුරු කාලේ ජීවත් වෙන්න …”
එවර විහඟි සිර වුනේ චරකගේ දෙතොලටය.
” අයියේ …. මේ …”
එක්වරම අඩවන්ව තිබූ දොර සම්පූර්ණයෙන්ම විවෘත කරගෙන කාමරයට පැමිණි චායා ගල් ගැසුණාය. ආපසු හැරෙන්නටද සිහියක් නොමැතිව මෙන් බලා උන්නාය. විහඟි වහා චරකට මුවා වූවාය. චරක කිසිවක් නොවූවා සේ චායා දෙස බලා දෑස් විසල් කර බලා හිනැහුනේය.
” සොරි .. මං එන්නම් …”
චායා ආපස්සට හැරුනේ, හදවතේ ඇයට නොතේරුණු රිදුමක් සමඟය. අයියාගේ නොහික්මුණ ජීවිතය දරාගන්නට විහඟි ඉදිරිපත් වීමේ සැනසීමෙන් ඒ රිදුම තැවී ගිය බවද ඕ අත් වින්දාය
” ඉන්නවා ..ඉන්නවා… “
චරක වහා අඩියෙන් දෙකෙන් චායා වෙත ගොස් ඕ යහනට තල්ලු කර දැම්මාය. විහඟි කණ්ණාඩිය ඉදිරියට වී හිස කේ පිසදන්නට වූවාය
” මගේ ගෑණිනේ හලෝ .. අවුල්ද ?.. ඔය ශාරුක් කාන් ලා එහෙම කොහෙවත් ඉන්න ගෑණුන්ව ඉඹින්නේ ආයේ අඟහරුටත් පේන්න එක්ක .. තමුසේලා හෑස් හූස් ගගා ෆුල් ස්ක්‍රීන් එකේ ත්‍රී ඩී නේ බලන්නේ බං ගිහිල්ලා සල්ලිත් ගෙවලා දාස් ගානට .. එහෙව් එකේ මෙව්වා මොනවාද ?…”
චායා මහ හඬින් සිනාසුනාය. විහඟි කණ්ණාඩියට රවමින් උන්නාය. චරක උන්නේ දෙදෙනා අතර මැද, පාලම තනමිනි.’
” මට නම් කමක් නෑ .. ආං ඔයාගේ ගෑණි තමා ඇඹරෙන්නේ …”
” පිස්සුවක් ඇතෑ.. එන්න නෝනා මෙහෙට …”
චරක විහඟිව බලෙන්ම ඇදගෙන විත් යහනේ හිඳුවා ගත්තාය. විහඟි උන්නේ දෙදෙනාටා රවමිනි.
” ම්ම් .. මේ ඉන්නේ …”
ඔහු විහඟිගේ කොපුලක්ද ඉම්බාය. චායා සිනාසි විහඟිට ඇද කලාය.
” ඒක නෙවෙයි .. මං දෙන්නට ආයේ ඩිස්ටර්බ් නොකර යන්නම් … අයියේ .. මට පොඩි මීටින් එකකට යන්න තියෙනවා ඩ්‍ර්ග් කන්ට්‍රෝල් බෝර්ඩ් එකේ… උදේ ඔයාලගෙ ඔය ගමන යන ගමන් මාවත් දාගෙන යනවකෝ .. අද මට කාර් එක ගෙනියන්න බැරි මූඩ් එකක් තියෙනවනේ ..”
” පිස්සුද බං .. ? මං කිව්වේ අපි දෙන්නට ගමනක් යන්න තියෙනවා කියලා නෙවෙයි, උඹත් එක්ක කතා කරන්න ඕනි කියලා … මඟුලක් කියවන්නේ නැතුව ලෑස්ති වෙලා එනවා…”
” අනේ බෑ අයියේ … අරක මිස් කරගන්න බෑ .. හොඳ සුදු අයියා වගේ ඔයා මෙයා එක්ක අද ගිහිල්ලා එන්න … මාව වෙන දවසක එක්ක යන්න .. මට මේ වැඩ අස්සේ එහෙම ෆ්‍රී වෙන මූඩ් එකක් නෑ හලෝ ..”
” චායා මේ … මගේ යකා අවුස්සගන්න එපා .. ලෑස්ති වෙලා එනවා.. අපි චෙක් ඉන් වෙනවා දොලහට ..”
” බෑ අයියේ අනේ…”
” හරි එහෙනම්., ඔයා මීටින් එක ඉවර කරගෙන එන්න .. අපි එතකල් ඉන්නම් .. නේ ද අයියේ ?..”
චාය විහඟි දැවී යන බැල්මක් හෙලුවාය. විහඟි එය නොවැටහුනා මෙන් ඉවතක් බලා උන්නාය.
” ආහ් හරි .. වැඩේ ඉවර කරන් එනකල් අපි ඉමු … අලුත් ඩ්‍රයිවර් මහත්තයාව එක්ක යමූ .. එතකොට පාන්දරට තියලා එන්න පුලුවන් …”
චරක අවසාන තීරණය දුන්නේය.
චායා, සූදානම් වී අවසානයේ යහනේ හිඳගත්තාය. හිතට දැනෙන යම් වෙනස්ම හැඟීම චායාට ඊයේ දිනයේ පටන්ම වද දෙමින් තිබුනේය.
” ඉන්න දිහාවකින්, ඉන්නවා කියලා එක කෝල් එකක් දෙන්න බැරි ඇයි දෙය්‍යනේ… ඔයාගේ යාලුවෝ ඔයා ඉන්නවමයි කියලා මම පොලිසි යන එකෙන් මාව නැවැත්තුවාට, මගේ හිත මහ බර බයක තියෙනවා සස්මිත .. මං මෙච්චර කාලයක් ඔයා හොඳින් ඉන්නවම හිතාගෙන ඉවසුවා වැඩිද හිතෙනවා… හැමෝම කිව්වේ ඔයා රට ගිහිල්ලා අක්කව සනීප කරගෙන හොඳින් ඉන්නවා කියලා… ඒ ඉන්න තැනකින් මට එක පෝස්ට් කාර්ඩ් එකක්වත් එවාගන්න කොහොමද දෙයියනේ බැරි වුනේ .. මම මේ ඉවසගෙන බලාගෙන ඉන්නේ තත්පර දොලහක් නෙවෙයිනේ.. විනාඩි , පැය දොලහකුත් නෙවෙයිනේ…. අවුරුදුම දොලහක්නේ … සෑහෙන්නම දවස් වල මම උදේට හැරෙන්නේ, ඔයා ඒ දවසේදි මට මොනවාම හරි කියාවි කියලා හිතාගෙන සස්මිත .. මට හිතෙනවා එක තත්පරේකට හරි චායා .. මගේ සුදු ..කියලා ඔයා මට කතා කරාවි කියලා…. තවම එහෙම හිත හිතා ජීවත් වෙන එක මට කොච්චරක් අමාරු වෙන්නෝනිද දෙයියනේ ..”
චායා ඉතා ගැඹුරු සුසුමක් කොටස් කිහිපයකින් අත් හැරියාය. එවන් සුසුම් බරට හෙලූ දවස් ගැන අවසන් කල නොහැක.
” ඔයා තව කොච්චරක් කල් මාව චෙක් කරන්න හිතාගෙන හිටියත්, ඔයාට කවදවත් දින්න ලැබෙන්නේ නෑ …”
චායා අත් බෑගය සහ ලැප්ටොප් බෑගය ගෙන ජංගම දුරකතනයද ගත්තාය.
” යං …”
විහඟි විත් චායාගේ පසෙකින් ඇවිද යන්නට ගත්තාය.
” උඹ අයියාගේ බ්‍රේන් වොශ් කරලා, මේ නටන්න හදන නාඩගම මට කියනවකෝ .. හැබැයි පුතේ, උඹ මාව එක්සීඩ් කරලා අයියා එක්ක විකාර කියෝලා තිබ්බොත් නම්, සඕදරකම් , යාලුකම් ඔක්කොම ඉවරයි ..”
” අනේ අනේ මේ.. මාව ගාවගන්න එපා ඔය මොකකටවත් .. මං අදාල නෑ ඔය එකකටව්ටහ් .. අයියා තමයි කිව්වේ, බලාගෙන උන්නා ඇති.. උබේ හිතුවක්කාරකම්වලත් සීමාවක් තියෙන්නෝනා කියලා…”
චායා විහඟිටකෙඳිරිලි හඬින් බැණ වදිමින් ඇවිද ගියාය.
චරක උන්නේ දෙව්මිත් හදිසියේ කැඳවාගන්නට සිදුවීම ගැන සමාව ඉල්ලා සිටිමිනි.
” හරියට පත්වීම දෙන්න කලින්, නිල නොවන ගමනක් එක්ක යන්න වෙන්නේ .. ඈ..”
” ඒක අවුලක් නෑ සර් .. යමු ..”
” මෙන්න කී එක … වාහනේ චෙක් කරගන්න .. පිටිපස්සේ ගැරේජ් එකේ .. “
“හරි සර් .. අංකල් පෙන්න්නුවා …”
චරක සිනාසී යලි නිවස තුලට ඇවිද ආවේය.


