අද වේගයෙන් දිව යන කාර්ය බහුල ලෝකයේ, රූපලාවණ්‍යගාර සඳහා වැය කිරීමට කාන්තාවන් හට කාලය සොයා ගැනීමට අපහසු වනවා . එම නිසා රැකියාව, අධ්‍යයන කටයුතු සහ දෛනික වගකීම් අතර, බොහෝ කාන්තාවන් ඉක්මනින් සහ අඩු කාල වේලාවක් ඇතුළත කර ගත හැකි රූපලාවන්‍ය සත්කාර සඳහා යොමුවී සිටිනවා. Press-On Nails කියන්නේත් නිය අලංකරණය සම්බන්ධයෙන් මේ වන විට වේගයෙන් ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින විසදුමක්.
Press-On Nails නිය අලංකරණය සඳහා ඇති සරල විසඳුමක් පමණක් නොවන අතර වැඩි කාලයක් හෝ වැඩි මුදලක් වැය නොකර සුන්දර නියපොතු අවශ්‍ය ඕනෑම කෙනෙකුට පහසුවෙන් සිදු කර ගත හැකි ආකර්ෂණීය විකල්පයකි.
Press-On Nails කියන්නේ මොනවද?
Press-On Nails යනු ඔබට නිවසේදී පහසුවෙන් යෙදිය හැකි කෘතිම නියපොතු වර්ගයක්. ඒවා සාමාන්‍යයෙන් විවිධ හැඩයන්, ප්‍රමාණ සහ මෝස්තර වලින්, ඇලවුම් මැලියම් හෝ ඇලෙන සුළු ස්ටිකර් සමඟ මිලදී ගත හැකිවනවා.
රූපලාවන්‍යාගාරයකදී සකස් කරන සාම්ප්‍රදායි නියපොතු මෙන් Press-Ons සඳහා ඔබට වෘත්තීය උපකාර අවශ්‍ය වන්නේ නැහැ. ඒවා මිනිත්තු කිහිපයක් ඇතුළත ඔබට යෙදිය හැකි අතර අවශ්‍ය විටෙක ඒවා ඉවත් කිරීමද කළ හැකිය.
Press-On Nails එතරම් ජනප්‍රිය වීමට හේතුව කුමක්ද ?
Press-On Nails බොහෝ තරුණියන් අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඒවා භාවිතා කිරීමට ඇති පහසුවයි. රූපලාවන්‍යාගාරයක පැය ගණනාවක් වැය කිරීම හෝ, ඉහළ මිල ගණන් ගෙවීමක් හෝ හමුවීම් සඳහා රැඳී සිටීමක් හෝ මෙහිදී සිදු නොවන නිසා ඔබට ඔබේ කාර්යබහුල දිනවල පවා නිවසේදී පිළිවෙලට හා විවිධ විලාසිතාවන්ගෙන් යුත් පෙනුමක් ඔබගේ නියපෙලට ලබා ගත හැකිය.
Press- On Nails වල ඇති වාසි මොනවද?
මුදල් සහ කාලය ඉතිරි කිරීම
සරලවම ඔබට උත්සව අවස්ථාවකට හෝ වෙනත් අවස්ථාවකට යාමට පෙර අවසාන විනාඩි කිහිපයේදී පවා ඔබේ නිය නිය අලංකරන කටයුතු ඔබටම සිදුකර ගත හැකිය. ඔබගේ ඇඳුම් වලට ගැලපෙන ආකාරයට, ඔබ සහභාගී වන උත්සව අවස්ථාවට ගැලපෙන ආකාරයට හෝ එදිනෙදා ජීවිතයට ගැලපෙන ආකාරයට වුවත් ඔබට මෙම නියපොතු මිලදී ගැනීමට හැකියාව තියෙනවා.
අනෙක් විශේෂතම කාරණාව නම් ,ඔබ ඒවා නිසි ලෙස රැකබලා ගන්නේ නම් ඔබට බොහෝ ප්‍රෙස්-ඔන් නියපොතු නැවත භාවිතා කළ හැකියි. මෙය ඔබේ මුදල් බොහෝ ප්‍රමාණයක් ඉතිරි කරනවා මෙන්ම කාලයද ඉතිරි කරනවා.
විවිධ මෝස්තර , විලාසිතා සහ වර්ණ වලින් තෝරාගත හැකිවීම
Press- On Nails නිමක් නැති මෝස්තර සිය දහස් ගණනාවකින් මේ වන විට වෙළඳපලෙන් මිලදී ගැනීමට හැකියාව තියෙනවා.ඔබට අවශ්‍ය,
සරල සහ ස්වාභාවික පෙනුම
මෘදු පැස්ටල් වර්ණ
විවිධ විලාසිතා
විශේෂ අවස්ථාවන්ට සරිලන මෝස්තර
වලින් ඔබට Press- On Nails තෝරා ගත හැකියි. එම නිසා ඇඳුම හෝ අවස්ථාව අනුව දැඩි වෙහෙසකින් තොරව ඔබටම පහසුවෙන් ඔබේ විලාසිතාව වෙනස් කළ හැකිය.
ඉක්මන් සහ පහසු යෙදීම
Press- On Nails වලින් ඇති විශාලතම වාසි වලින් එකක් වන්නේ ඒවා යෙදීමේ ඇති පහසුවයි.
පියවර කිහිපයකින් ඔබට ඉතාම සුන්දර නිය පෙලක් ලබාගත හැකියි.
ඒ සඳහා,
ඔබේ ස්වාභාවික නියපොතු හොඳින් පිරිසිදු කරන්න
ඔබ තෝරා ගන්නා Press- On Nails වලින් ඔබේ නියපොතු වලට සරිලන නිවැරදි ප්‍රමාණ තෝරන්න
අනතුරුව මැලියම් හෝ ඇලවුම් ස්ටිකර් යොදන්න
ඒ ඒ නියපොත්තට අදාළව ඔබ තෝරා ගත් Press- On Nail එක ඔබේ ස්වභාවික නියපොත්ත මත තත්පර කිහිපයක් තද කර තබන්න
නිය පොතු සකස් කර ගැනීමේ ක්‍රියාවලිය ඉන් අවසන් වන අතර වියලීමේ කාලයක් හෝ සංකීර්ණ ක්‍රියාවලියක් සඳහා කාලය වැය කළ යුතු නැහැ.
රූපලාවන්‍යාගාරවල සාමාන්‍ය ක්‍රියාවලියට වඩා හානිය අඩුවීම
නිසි ලෙස භාවිතා කළ විට, Press- On Nails යනු සාමාන්‍ය නියපොතු යෙදීම් වලට වඩා සාපේක්ෂව හානි අවම ක්‍රියාවලියකි.
ඒවා ස්ථිර නොවන බැවින්, ඔබට රළු රසායනික ද්‍රව්‍ය හෝ අධික වෙහෙසකින් තොරව ඒවා ඉවත් කළ හැකිය. මෙය ඔබ අවශ්‍ය වූ විට පමණක් භාවිතා කරන නිසා ඔබේ ස්වාභාවික නියපොතු වලට සෞඛ්‍ය සම්පන්නව සිටීමට කාලයද ලබා දෙනවා.
ආරම්භකයින් සඳහා පරිපූර්ණයි
ඔබ නිය අලංකරණයට අලුත් නම් හෝ රූපලාවන්‍යාගාරවල කෙරෙන නියඅලංකරණය උත්සාහ කිරීම ගැන සැකයකින් පසුවනවා නම් Press- On Nails යනු ඔබට විශිෂ්ට සහ සුවපහසු තේරීමක්.
ඒවා සරල, ආරක්ෂිත සහ කළමනාකරණය කිරීමට පහසු බැවින් ඔබට ඒවා ඉක්මනින් නිවැරදි කිරීමට හෝ නැවත යෙදීමට හැකියාව තියෙනවා.
අවධානය යොමු කළ යුතු කරුණු
Press- On Nails පහසු වුවත්, ඒවා රැකබලා ගැනීම අතිශයින්ම වැදගත්.
Press- On Nails යෙදූ පසු වහාම වැඩිපුර ජලය භාවිතා කිරීමෙන් වළකින්න
ඔබේ දෑත් පුරුදු ලෙස භාවිතා කරන්න
ඒවා ගලවා දැමීම වෙනුවට ප්‍රවේශමෙන් ඉවත් කරන්න
මෙම කුඩා පුරුදු මගින් ඔබේ Press- On Nails දිගු කාලයක් පවතිනු ඇති අතර ඔබේ ස්වාභාවික නියපොතු ආරක්ෂා කර ගැනීමටද උපකාරී වනවා.
පහසු මිල ගණන් යටතේ අඩු කාල වේලාවක් තුළදී ඔබට Press- On Nails භාවිතා කළ හැකි නිසා කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මෙය ඉතා හොඳ තේරීමක් බවට සැකයක් නැහැ.

