Manicure එකක් ගෙදරදීම හරියට කරගන්නේ කොහොමද ?

ඔබේ මුහුණට සත්කාර කරනවා වගේම ඔබේ දෑත් වලට ,දෙපා වලට සහ ශරීරයටත් සත්කාර  කරන්නට ඕනේ. එනිසා නිවෙසේදීම Manicure  ( මෙනිකියු) එකක් කරන ආකාරයයි අද අපි ඔබට කියන්නේ. 

ඔබේ නියපොතු සූදානම් කරගන්න 

මේ සඳහා මුලින්ම ඔබ දැනටමත් නිය ආලේපන ගල්වලා තියෙනවා නම් ඒවා ඉවත්කර ගන්නට ඕනේ. හොඳ nail polish remover එකක් ආධාරයෙන් නිය ආලේපන සියල්ලම හොඳින් ඉවත් කරගෙන , බ්‍රෂ් එකක් ආධාරයෙන් නියපොතු මැද ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි 

නියපොතු හොඳින් වියළා ගන්න 

හොඳින් පිරිසිදු කරගත් නිය පොතු වියළා ගැනීමත් වැදගත්. මේ සඳහා paper towel එකක් භාවිතා කරන්න ඔබට පුළුවන්. ඉතින්  ඇඟිල්ලෙන් ඇඟිල්ල තෙත මාත්තු කරමින් හොඳින් වතුර ඉවත් කරගන්නට අමතක කරන්න එපා 

නියපොතු කපන්න 

nail cutter එකක් ආධාරයෙන් නියපොතු අවශ්‍ය හැඩයට කපා ගැනීම දැන් ඔබ කරන්නට ඕනේ. මෙය ඔබේ කැමැත්ත මත කොටු හැඩයට හෝ රවුම් හැඩයට , එහෙමත් නැත්නම් තරමක් කොටට වුණත් නියපොතු කපා ගන්නට පුළුවන්.

Nails file කර ගන්න

Manicure එකකට කලින් නියපොතු සූදානම් කර ගැනීමේදී නියපොතු file කර ගැනීමත් වැදගත්. නියපොතු කැපුවාට පස්සේ ඒවා වඩාත් හැඩ කරගන්න මේ file කර ගැනීමෙන් පුළුවන්

Buffer කරන්න

මේ සඳහා ඔබට nail buffer එකක් උවමනා වෙනවා. මෙය භාවිතා කරන්නේ නියපොතු වල මතුපිට වඩාත් සුමට කර ගන්නයි. නිය ආලේපන ගැල්වීමේදී හොඳ පෙනුමක් ලබා ගන්න නම් මේ buffer කිරීම අත්‍යවශ්‍යම වෙනවා

Cuticle ඉවත් කර ගන්න , පසුපසට තල්ලු කර ගන්න 

මේ පියවර ඉතාම අවධානයෙන් කරන්නට ඕනේ.මේ සඳහා ඔබට cuticle oil එකක් භාවිතා කරන්න පුළුවන්. නිය අලංකරණ ශිල්පියෙකුට නම් ඔබේ cuticle කපා ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් ඔබ නිවසේදී සිදු කරන මේ ක්‍රියාවලියේ දී එය ඔබ විසින්ම කර ගැනීම තරමක් අනතුරුදායක බව හැඟෙනවනම් ඔබට cuticle පිටුපසට තල්ලු කර ගන්නට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන උපකරණ ඔබට වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. 

Base coat එකක් ආලේප කරන්න 

නිය ආලේපන වලින් ඔබේ නියපොතු වලට හානි වීම වැළැක්වීම සඳහාත් , නියපොතු  ආරක්ෂා කර ගැනීම සඳහාත් , නියපොතු වල තෙතමනය ආරක්ෂා කර ගැනීම සඳහාත් basecoat එකක් ආලේප කිරීම අනිවාර්යය වනවා. මේ සඳහා හොඳ ගුණාත්මකභාවයකින් යුතු ,හොඳ වෙළෙඳ නාමයක් සහිත base coat  එකක් භාවිතා කිරීමත් වැදගත්. Base coat එක ආලේප කිරීමෙන් පසුව එය හොඳින් වියලීමට තබන්න

කැමති nail polish එකක්

දැන් ඔබ කැමති ආකාරයේ වර්ණයක  nail polish එකක් හෝ nail art එකක් යොදා ගන්න ඔබට පුළුවන්. මෙහිදී විවිධ වර්ණ හෝ එකම වර්ණයක් වුණත් වුණත් යොදා ගනිමින් ඔබේ නියපොතු අලංකාර කරගන්න ඔබට හැකියාව තියෙනවා 

Top coat එක

Nail polish එකක් ගැල්වීමෙන් පසුව top coat එකක් යෙදීම අනිවාර්යයෙන්ම කල යුතු දෙයක්. එයින් ඔබේ nail polish එකේ වර්ණය ආරක්ෂා වෙනවා වගේම කල් පැවැත්මත් වැඩි වෙනවා. ඒ නිසා මේ පියවර නම් කොහෙත්ම අමතක කරන්න එපා. 

නියපොතු වියළා ගන්න

මේ සඳහා තරමක් වෙලාවක් වැය කරන්න ඕනේ. නැත්තම් ඔබට UV Light එකක් සහිත උපකරණයක් තියෙනවා නම් මෙය වඩාත් පහසුයි. 

මේ පහසු පියවරයන් අනුගමනය කිරීම මගින් දැන් ඔබට නිවසේදීම පහසුවෙන් සහ වියදමකින් තොරව manicure එකක් කර ගන්න පුළුවන්. කාලය සහ මුදල් ඉතිරි කර ගැනීම ගැන උනන්දු වෙන Smart කාන්තාවන්ට නම් මෙය ඉතාම ප්‍රයෝජනවත් වෙයි කියලා smartlady අපි හිතනවා.

Related Articles

Don't Miss


Latest Articles