සස්මිතගේ තත්වය සාමාන්‍ය තත්වයේ බව පැයකින් පමණ චරකට දන්වනු ලැබීය. සස්මිතව විනාඩි කිහිපයකින් විහඟිගේ රෝහල් කාමරය වෙතටම කැටුව එන මෙන් සස්මිත කීවේ, දරුවා දැකීම නිසා වටහාගත නොහැකි ලෙසින් වෙනස්ව ඇති හද ගැස්ම, එලෙසම වෙන්නට දෙමිනි. අම්මාගේ සහ තාත්තාගේ ඇස් වල වන හැඟීමද, තමා සමහ අප්‍රමාන කෝපයකින් සිටිනා චායාගේ වත මත වන හැඟීමද, චරකගේ හඳ ගැස්ම අප්‍රමාණ ලෙසින් ඉහළ යමින් තිබුණි. විහඟි සිටින්නේ තවමත් තමාට වාරුවීගෙන නිසා ඇගේ වත මත වන හැඟීම චරකට පෙනෙන්නේ නැත. එහෙත්, ඔහුට ඒ හැඟීම ඇය තුළින් කියවාගැනීම අපහසු වූයේ නැත. සියල්ල පරිපුර්ණ බව දන්නේ චරක පමණය. සස්මිත පැමීනියාට පසු, සියල්ල ඔහුට පැහැදිළි කිරීම සහ ඉන් පසු ඔහුගේ ප්‍රතිචාරය මත ඒ පරිපූර්ණත්වය අඩපණව යෑම හෝ ස්තිරසාර වීම තීරණයවනු ඇත.
” දැන් ආයේ රූම් එකට යමු .. බබාට ෆීඩ් කරන්නම් අපි …. අම්මා රෙස්ට් කරන්න ඕනි ..”
හෙදියක් පැමිණ එලෙසින් පැවසුවාට පසු, විහඟිව යළි රෝද පුටුවේ හින්ඳවූ පසු සහයක හෙදියකම පැමිණ, රෝද පුටුව තල්ලු කරමින් ඉදිරියට ගියාය. අම්මා විත් චරකව වැළැඳගත්තාය. චරකගේ පියා යම් පීඩනයකද හිඳිමින්ම දෙදෙනා දෙස සැනසීමෙන් බලා උන්නේය. චායා වහා විහඟි පසුපස ඇවිද ගියාය.
” මගේ රත්තරන් පුතේ … මොන දේ කලත්, මේ කිරිසප්පයාගේ මූණ මතක් කරගෙන කරන්න පුතේ …. නංගි හිතේ අමාරුවට ඔය මොක කිව්වත් මගේ පුතාට එහා යන්නේ නෑ .. මෙවෙලේ ඔය පරණ කුණු ඇදගන්න එකෙන් හැමෝගෙන ජීවිත කුණු ගඳ ගහනවා පුතේ …. “
” අපි යමු අම්මේ ..”
චරක අම්මාට ඉස්සර වන්නට ඉඩ දී, තාත්තාද ඇය සමගම ගමන් කලාට පසු ඉදිරියට ගමන් කලේය. මේ වනව්ට සස්මිත සිටින්නේ විහඟිගේ කාමරයේ වන අසුනක හෝ යාබද යහනේ බව චරක දනී. චායා ඔහු දකින්නට නියමිත මොහොතට වැඩි වෙලා නැත.
.
.
. සියලු දෙනා එක් එක් තැන් වල හිඳගෙන උන් හ. චායා උන්නේ සස්මිත අසලම හිඳගෙනය. අම්මා සහ තාත්තා සමග සෙටියේ හිඳගෙන උන් හ. විහඟි උන්නේ ඇගේ යහනේ අඩක්වනසේ හිඳගෙනය. චරක ජනේලය අසල හිටගෙන උන්නේ සියලු දෙනා පෙනෙන පරිදිය.
” මං මේ කියන්න යන කතාව, මෙතන ඉන්න හැමෝම තම තමන්ගේ පැත්තෙන් දන්නවා… ඒත් ගලපගෙන නැතුව ඇති … මං හදන්නේ ඒක ගලපන්න.. මේ ගැලපීමෙන් පස්සේ, මොන දේ සිද්ද වුනත් ඒ හැමදේටම මම බොහොම කැමැත්තෙන් ෆේස් කරනවා… විහඟි මං වෙනුවෙන් ඒ හැමදේම දරාගන්න බව මම දන්නවා..”
චායා සස්මිතගේ පිටි අල්ල පිරිමැද්දාය. සස්මිත තවම සිටින්නේ සිදුවන්නේ කුමක්දැයි වටහා ගන්නට නොහැකිවය. එහෙත්, චායා තමා සමිපයේ මෙලෙසින් සිටීම තුළ , තමා නොදන්නා යමක් සිදුව ඇති බවද වැටහේ.
” මේ කතාවේ හැම වචනයක් ගානේම, .. මම සස්මිතගෙන් සමාව ඉල්ලනවා.. ඒක මම කලින් තියා .. කියලා තියන්නෝනා…”
චරක එලෙසින්ද කීවේය. සස්මිතට එහෙත් කිසිවක් වැටහුණේ නැත.
චරක ඔහු මිතුරෙකුගේ පාර්සලයක් මඟට රැගෙන යෑමේදි සිදුවූ සිදුවීමේ පටන්, සිදුවූ සියල්ල යලි කීවේය. තමා වෙනුවෙන් වරද පිළිගන්නට විජේසිරි මහතා විසින් අයෙකු සොයාගැණීම, තම ජීවිතය නිදහස් වීම, තමා දේශපාලනයට පිවිසීම ,විජේසිරිම රියැදුරු රැකියාව සඳහා තරුණයෙකු සොයාගෙන ඒම, එම තරුණයා චායා සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති බව තහවුරු කරගැනීම, තමා විසින් සස්මිතව පැඃඇර ගැනීම, රහස් පොලිසි මිතුරෙකුට සස්මිත පිළිබඳව සොයා බලන මෙන් පැවසීම, අවසානයෙ ඔහු සියල්ල සොයාගෙන පැමිණෙන විත් තමා දැනුවත් කිරීම දක්වා වන සියල්ල චරක පැය භාගයක් ඉක්මවා යන තෙක් කිව්වේය. චරකගේ අම්මා දිගින් දිගටම හඬමින් උන්නාය. චරක, උන්නේ සියලුදෙනාගෙම මුහුණු දකිමින් තම පාපොච්චාරණය කරමිනි.
චායා සස්මිතගේ අත අත් නොහැරම උන්නාය. විහඟිද හඬමින්ම උන්නාය. ඇයට නැගිට චරක වෙතට යන්නට අවශ්‍ය වුවද, දැනෙන අප්‍රාණික බව නිසා ඕ කලේ යහනේ හිඳගෙන සිටීම පමණි.
” සස්මිත උඹ ඇයි වෙන මිනිහෙක් වෙනුවෙන්, ගැලවීමක් නැහැ කියලා දන්න තැනකට පත්වුනේ… ඩ්‍රග් ඩිලින් කියනෙක ඇතුලේ ගැලවීමක් නැති එකක් බව උඹ දන්නවානේ… මොන මඟුලක්ද උඹව එච්චරට ඉස්සරහට යැව්වේ.. “
” ඔව්වා කතා කරන්නෙපා සර් .. “
” ආයේ ආයේ ඔයා මොකටද අහන්නේ අයියේ ?.. ඊයේ තාත්ත කිව්වානේ… සස්මිතගේ අක්කාගේ ඔපරේෂන් එකට කියලා… තාත්තා කල දේවලුත් තාත්තා කිව්වානේ.. ඔයා ඇයි දැන් ඕවා අහන්නේ ?.. ඔයාගේ ඇමතිකම් වල හයිය මෙතනට තියාගන්න එපා.. පොලිටික්ස් මොළේ මෙතන්ට ඇප්ලයි කරන්න තියාගන්නත් එපා.. ඔයාගේ ඔය ඩ්‍රාමා එක ඉවරනම් , මම යන්නද ?”
චායාගේ උස් හඬ ඇසුණි. සස්මිතද ඇය දෙස විමතියෙන් බලා හිඳිනු චරක දුටුවේය.
චරක ඇය දෙස බලා මද සිනහවක් පෑවේය. ප්‍රේමය ගැහැණුන්ට එතරම් හය්යක් දෙයි. ලෝකයක් විරුද්ධ වනවිට පවා නැගී සිටින සවිය දෙය්.
” ඕකේ … හරි ..”
චරක හිස සැලුවේය.
” සස්ම්ත උඹ ඔක්කොම දන්නවා… ඒත් උඹ තවම දන්නේ නැති එක දෙයක් තියෙනවා.. මේ කතාව වෙනස් වෙන්නේ අන්න ඒ කෙනාව උඹ දැණගත්තට පස්සේ… උඹ ඒක දැනගන්නා ඕනි කියලා විශ්වය පවා අදහනවා ඇති සස්මිත … මේක උඹට හංගන එකෙන් මට ලැබෙන දෙයක් නෑ… ඒත් මේක උඹට කියනෙකෙන් මට සෑහෙන්න දේවල් නැති වෙනවා… උඹට පේනවානේ, මගේ නංගි මට කතා කරන විදිය. .. ඒ උඹේ ආදරේ හයිය ..”
” මම යන්නම් සර් .. දැන් ඔය කතා වලින් තේරුමක් නෑ .. අනෙක අතීතයක් ආයේ හාරා අවුස්සන එකෙන් කාටවත් තේරුමක් නැහැ…”
චරකගේ මව සැනසුම් සුසුමක් හෙලන්නට උත්සාහ කලාය.
” යන්න ඕනි කෙනා කවුද කියලා තීරණය වෙන්න තව වෙලා ඕනි සස්මිත ..”
” සර් ..”
” උඹ අයියේ කියපං මල්ලී … දැන් ම උඹේ අයියා … හැබැයි, මට මේ මොහොත වෙනකල්, හොඳ අයියා කෙනෙක් වෙන්න බැරි වුනා…. කොහෙත්තම බැරි උනා.. මේකෙන් මට කොච්චර හානියක් වුනත්, මේ කතාව කියලා…. මම හොඳ අයිය කෙනෙක් වෙන්න මේ හදන්නේ බං … නංගිව බලාගනින් මොන දේ වුනත් ..”
” සර් අපි … මොනවද මේ…”
සර් ලෙසින් පැවසීම අවශ්‍ය් නොවන බව පවසමින් චායා සස්මිත හා අරගල කලාය. සස්ම්ත උන්නේ චරක දෙසම බලාගෙනය.
” උඹ එදා හිරේ ගියේ, මාව බේරන්න සස්මිත …”
විහඟි සහ චායා ද, අම්මාද උස් හඬින් හඬා වැටුණහ. තාත්තා උන්නේ ඊලඟ තත්පරය කෙලෙසින් වේවිදැයි සිතාගන්නට නොහැකිවය.
” දන්නවා සර් ..”
” වට් ?..”
චායා සස්මිත දෙස බැලුවාය. විහඟිගේද හැඬුම් නැවතුණි. ඕ උන්නේ නින්දෙන් අත් මිදිමිනි.
අවසාන කොටස හෙට…………….


