කෝපය යනු සාමාන්‍ය මිනිස් චිත්තවේගීය හැඟීමක්. නමුත් එය සන්සුන්ව සහ කල්පනාකාරීව හැසිරවිය යුතු වනවා. අනවශ්‍ය ලෙස කෝපයට පත්වීමෙන් ඔබත් ඔබ වටා සිටින අයත් පීඩනයට සහ අපහසුතාවයට පත්වීමට ඉඩ තිබෙන අතර සමහරවිට ඔබේ කෝපය නිසා ඔබේ ආදරණීයන් ඈත්වීම සහ හිතවත්කම් පලුදු වීම පවා සිදුවිය හැකියි. හදිසියේ ඇතිවන කෝපය කළමනාකරණය කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමෙන් ඔබේ මානසික සෞඛ්‍යය, සබඳතා සහ දෛනික සාමය ආරක්ෂා කර ගත හැකි වනවා. කුමන හේතුවක් මත හෝ ඇතිවිය හැකි කෝපය පාලනය කර ගත හැකි සරල සහ සෞඛ්‍ය සම්පන්න ක්‍රම කිහිපයක් ගැනයි මේ ලිපිය.
ප්‍රතිචාර දැක්වීමට පෙර විරාමයක් ගන්න
කෝපය ඇති වූ විට, මිනිසුන් බොහෝ විට ඉක්මනින් ප්‍රතිචාර දක්වන අතර එවැනි අවස්ථා වලදී ඔවුන්ගේ මුවින් පිටවන දේවල් පිළිබඳව ඔවුන් පසුව පසුතැවිලි වීම සිදුවනවා. නමුත් කෝපයට පත් වූ විට අනෙකාට ප්‍රතිචාර දැක්වීමට පෙර කෙටි විරාමයක් ගැනීමෙන් ඔබේ මනස මද වශයෙන් හෝ සන්සුන් වීමට කාලයක් ලබා ගන්නවා.
එය උපකාරී වන්නේ කොහොමද?
තත්පර කිහිපයක නිශ්ශබ්දතාවය දෙදෙනෙක් අතර ඇතිවිය හැකි තර්කයක් නරක අතට හැරීම නවත්වනවා . ගැඹුරු හුස්ම ගැනීම හෝ 1 සිට 10 දක්වා සෙමින් ගණන් කිරීම ඔබේ මොළයේ ඇති පීඩනකාරී බව ලිහිල් කිරීමට උපකාර කරන බැවින් ඒ සඳහා කාලය ලබා ගන්න.
ඔබ කෝපයට පත්වන අවස්ථාවල් වලදී,
- ගැඹුරු හුස්ම 3ක් ගන්න
- වතුර පානය කරන්න
- පිළිතුරු දීමට පෙර මොහොතකට නිහඬව සිටින්න
- ඔබව අවුලුවාලූ දේ තේරුම් ගන්න
සමහර විට කෝපයට පත්වීම යනු ඒ මොහොතේදී සිදු වූ සිදුවීම හෝ තත්වය නිසා පමණක් ඇති විය හැකි දෙයක් නොවේ. දිගු කාලීන ආතතිය, බලාපොරොත්තු සුන්වීම, වෙහෙස, තනිකම හෝ නොසලකා හරින ලද බවක් දැනීම ආදී හැඟීම් සියල්ලකම එකතුවක් විය හැකියි.
එවිට ,
ඔබේ කෝපය පිටුපස ඇති සැබෑ හේතුව තේරුම් ගැනීම ඔබට චිත්තවේගීයව පමණක් නොව ඥානවන්තව ප්‍රතිචාර දැක්වීමටද උපකාරී වනවා. එම නිසා එවැනි අවස්ථාවල දී ඔබෙන්ම මෙසේ අසන්න,
“ඇත්ත වශයෙන්ම මාව කෝපයට පත් කළේ කුමක්ද?”
“මට ආතතියක් දැනෙනවාද නැත්නම් මෙය හදිසි කෝපයක්ද ?”
“මේ තත්වය පාලනය කර ගැනීමට වෙනත් ක්‍රමයක් තිබේද?”
ස්වයං දැනුවත්භාවය යනු ශක්තිමත්ම චිත්තවේගීය කුසලතාවයන්ගෙන් එකක් වන අතර කෝපයට පත්වන අවස්ථාවේදී සැබවින්ම එයට හේතුව තේරුම් ගැනීම බොහෝ ගැටලු දුරදිග යාම නතර කරනවා.
හැඟීම් සන්සුන්ව ප්‍රකාශ කිරීමට ඉගෙන ගන්න
සියල්ල මනසේ සිරකර තබා ගැනීමෙන් පසු අවස්ථාවකදී එම කෝපය පුපුරා යා හැකියි. එම නිසා, සෑම විටම සෞඛ්‍ය සම්පන්න සන්නිවේදනය වැදගත් වනවා. සන්සුන් සංවාද, කෑගැසීම් හෝ රළු වචන වලට වඩා පහසුවෙන් ගැටළු විසඳන බැවින්,
“එය සිදු වූ විට මට රිදුණා.”
“මට දැන් යම් කාලයක් අවශ්‍යයි.”
“අපට සන්සුන්ව කතා කළ හැකිද?”
යනුවෙන් ඔබේ අවංක හැඟීම අනෙකා වෙත ප්‍රකාශ කරන්න. මෘදු ලෙස කතා කිරීම ඔබව දුර්වල නොකරන අතර ඒ මගින් ඔබ තුළ ඇති චිත්තවේගීය ශක්තිය පෙන්නුම් කරනවා.
ආතතිය මුදා හරින දෙයක් කරන්න
මනස සහ ශරීරය වෙහෙසට පත් වූ විට බොහෝ විට කෝපය වර්ධනය වනවා. ශාරීරික චලනය සහ විවේකී ක්‍රියාකාරකම් ඔබේ මනස තුළ ගොඩනැගී ඇති ආතතිය මුදා හැරීමට උපකාරී වනවා. ව්‍යායාම සහ විනෝදාංශ මනෝභාවය වැඩි දියුණු කරන අතර චිත්තවේගීය පීඩනය අඩු කරන බැවින්,
- ඇවිදීම
- සංගීතයට සවන් දීම
- දිනපොතක ලිවීම
- චිත්‍ර ඇඳීම හෝ කියවීම
- භාවනා කිරීම
වැනි ක්‍රියාකාරකම් වල නියැලෙන්න. විනාඩි 15-20 ක විවේකී ක්‍රියාකාරකම් වලට පවා ඔබ කෝපයට පත් වූ විට ඔබ තුළ විශාල වෙනසක් ඇති කළ හැකිය.
අන්තර්ජාලය හරහා වහාම ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න
බොහෝ අය අධික ලෙස කෝපයට පත් වූ අවස්ථාවන්හිදී කෝපාවිෂ්ඨ කෙටි පණිවිඩ, සටහන් හෝ හඬ පණිවිඩ යවන අතර පසුව ඒ ගැන පසුතැවිලි වීම සිදුවනවා.එවැනි ප්‍රතික්‍රියා වේගයෙන් සිදු වන නමුත් ඒවා මගින් මිත්‍රත්වයන්, සබඳතා හෝ රැකියාවේ දිගුකාලීන ගැටළු ඇති කළ හැකියි. එබැවින් ඔබ කෝපයට පත් වූ අවස්ථාවන් වලදී පණිවිඩයක් යැවීමට පෙර,
එය නැවත කියවන්න
මිනිත්තු කිහිපයක් රැඳී සිටින්න
එය පවතින තත්වයට උපකාරී වේද නැතහොත් හානියක් කරයිද යන්න ඔබෙන්ම අසන්න
සමහර විට නිශ්ශබ්දතාවය, කෝපයට පත් පිළිතුරකට වඩා ඔබේ මානසික සාමය ආරක්ෂා කරනවා.
ජයග්‍රහණය කිරීමට වඩා සුව කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න
කෝපය පත් වී සිටින අතරතුර බොහෝ දෙනා බොහෝ විට තමන් නිවැරදි බව ඔප්පු කිරීමට උත්සාහ කරනවා. නමුත් “ජයග්‍රහණය” සඳහා නිරන්තරයෙන් සටන් කිරීම සබඳතා සහ ඔබේ මනසේ සාමයට හානි කළ හැකියි. අවබෝධය, ඉවසීම සහ චිත්තවේගීය සමතුලිතතාවය තෝරා ගැනීම සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතා පවත්වාගෙන යාමට උපකාරී වන බැවින්,
සෑම තර්කයකටම ප්‍රතිචාරයක් අවශ්‍ය නොවන බව,
ඔබේ සාමය ආරක්ෂා කිරීම වැදගත් බව
සන්සුන්කම යනු ශක්තියේ ආකාරයක් බව
කුඩා ගැටළු අතහැර දැමීමට ඉගෙන ගැනීමෙන් චිත්තවේගීය ආතතිය බෙහෙවින් අඩු කළ හැකි බව
ඔබ විසින් තේරුම් ගත යුතුයි.
කෝපය පාලනය කර ගැනීම යනු ඔබේ හැඟීම් සඟවා තබා ගැනීම නොවේ . එයින් අදහස් කරන්නේ හැඟීම් වඩාත් සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රඥාවන්ත ආකාරයකින් හැසිරවීමට ඉගෙන ගැනීමයි. ඉවසීම, ස්වයං දැනුවත්භාවය සහ කුඩා දෛනික පුරුදු සමඟ, ඕනෑම කෙනෙකුට කෝපය පාලනය කර ගනිමින් වඩාත් සන්සුන් ජීවිතයක් සහ පරිසරයක් නිර්මාණය කළ හැකියි
https://smartlady.lk/article/category/stories/novels/novel/page/6











