උත්සව සමයේ ඔබගේ නිවෙසට පැමිණෙන අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින් රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්.
අවශ්‍ය දේවල්
- තම්බාගත් පැස්ටා ග්‍රෑම් 125
- එළවළු තම්බා ගත් ස්ටොක් කෝප්ප භාගයක්
- කළු හතු හෝ කැමති හතු වර්ගයකින් ග්‍රෑම් දෙසීයක්
- තලාගත් සුදු ළූණු බික් දෙකක්
- ශුද්ධ කර ගත් ඉස්සන් ග්‍රෑම් 300
- ලුණු තේ හැදි බාගයක්
- ගම්මිරිස් කුඩු තේ හැදි බාගයක්
- බටර් මේස හැඳි එකක්
- කුඩාවට චොප් කර ගත් ලූනු ගස් කෝප්ප කාලක්
- මාළු සෝස් තේ හැදි එකක්
සාදන ක්‍රමය
- මුලින්ම භාජනයක් ලිප තබා එයට තැම්බු එලවලු ස්ටෝක්, හතු සහ සුදු ලූණු එකතු කර මිනිත්තු හතරක් පමණ පිස ගන්න.
- ඉන්පසු එයට ඉස්සන් එක්කර ලුණු සහ ගම්මිරිස් රස පදමට දමා ඉස්සන් රෝස පැහැ වනතුරු පිසගන්න .
- එයට බටර් දමා මිශ්‍ර කරන්න .
- මෙයට තම්බා ගත් පැස්ටා, මාළු සෝස් සහ කැබලි කැපූ ළූනු කොල එකතු කර හොදින් කලවම් කර උණුවෙන්ම සංග්‍රහ කරන්න .