නත්තලට ඇපල් වයින් හදමු

නත්තලට නැතුවම බැරි දෙයක් තමයි වයින්. කෑම මේසය රසවත් වෙන්න වගේම හැඩ වැඩ වෙන්න ඇපල් වයින් ගෙදරදීම හදලා බලමු ද?

අවශ්‍ය දේවල්-

  • ඉදුණු ඇපල් 2kg
  • සීතල වතුර ලීටර්  පහයි
  • සීනි 1 1/2 kg
  • ලෙමන් ගෙඩි 2ක්
  • දොඩම් ගෙඩියක්

සාදාගන්නා ආකාරය:

ඇපල් හොඳින් සෝදා ඇපල් වල පොතු ඉවත් නොකර කෑලි වලට කපන්න. හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. අඹරා ගත් ඇපල් ලොකු භාජනයකට දමා වතුර දමා දමන්න.
භාජනයේ කට රෙදි කඩකින් වසා සතියක් තබන්න. දිනපතාම ලී හැන්දකින් කලවම් කරන්න
සතියකට පසු මිශ්‍රණය පිරිසිදු රෙදි කෑල්ලකින් වෙනත් භාජනයකට පෙරා ගන්න.
එයට සීනි  එකතු කර ලෙමන් ගෙඩියක් සහ දොඩම් ගෙඩියක් ලෙල්ලත් සමග සිහින්ව කපා කලවම් කරන්න. සීනි දියවන තුරුම මිශ්‍රණය හැදිගාන්න. ඉන්පසු භාජනයේ කට වසා දවසක් තබන්න.
දවසකට පසු මිශ්‍රණය හොඳින් පෙරා වීදුරු බෝතල් වලට දමා ගන්න. බෝතල් මත ගසන පොරොප්පයක් බුරුලට ගසන්න.
ටික දවසකින් බෝතල් තුළින්  සියුම් ශබ්දයක් නිකුත් වෙනවා.එවිට බෝතල් වල මුඩි තද කිරීම කරන්න. මාස හතරක් වත්  අඳුරු තැනකින් පල්වීමට තබන්න.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles