Sea Food නරක් වෙලාද නැද්ද ? හොයාගන්නේ මෙන්න මෙහෙමයි.

Sea Food කියන්නේ ඕනම රටක ඕනම මනුස්සයෙක් කන්න ආස කරන හරිම රසබර කෑමක්. සමහරු මුහුදු බඩ පලාත්වලට විනෝද චාරිකා පවා යන්නේ මේ Sea Food වල රස බලන්න හිතාගෙන.

ඉස්සො, දැල්ලො, කකුලුවො, මාලු, මාලු බිත්තර මෙකී නොකී මේ රසම රස Sea Food රසටම හදන රාජකාරිය නම් හැමෝටම කරන්න පුලුවන් එකක් නෙවෙයි. උයන එකත් කොහොමත් වෙනම කලාවක්නේ.

හැබැයි අද මේ ලිපියෙන් නම් අපි ඔයාලා එක්ක බෙදාගන්න හදන්නේ Sea Food හදන්නෙ කොහොමද කියලා නෙවෙයි, මුහුදු ආහාර නරක් වෙලාද නැද්ද කියන එක ගැන හරියටම අඳුරගන්නෙ කොහොමද කියලා.

මාලු නරක් වෙලාද කියල දැනගන්නේ කොහොමද?

ටින් කරපු මාලු වර්ග ගන්නවානම් Best before date එක බලන්න අමතක කරන්න එපා. සැමන්, ටූනා වගේ මොනම මාලු වර්ගයක් වුණත් ටින් කරපු හෝ වෙනත් විදියට අසුරා තිබෙන කොට අපිට ඒ අසුරණය ඇරලා බලන්න බෑනේ නරක් වෙලාද නැද්ද කියලා බලන්න. ඉතින් හොඳම දේ තමයි කල් ඉකුත්වෙන්න තියෙන දවස කවදද කියල බලන එක. ඔයා ගන්න හදන මාලු ටින් එක කල් ඉකුත්වෙන්න ළඟ නම් ඒක නොගෙන ඉන්න තරමට තමයි සුදුසු.

මාලු වෙළඳසැලකින් මාලු ගන්න කොට අනිවාර්‍යෙන්ම මාලුන්ගේ පාට බලන්න. මාලු තැලිලා, අවපැහැයට/කිරි පැහැයට හැරවිලා තියෙනවනම් ඒ කියන්නෙ ඒ මාලු පරිභෝජනයට නුසුදුසුයි කියන එක.

ඒ වගේම තමයි මාලු නරක් වෙලා නම් අපිට මාලුන්ගෙන් එන ගඳෙන් ඒක තීරණය කරන්න පුලුවන්.මාලු කොහොමත් පිළී ගඳ නිසා මේක පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු දෙයක් බව ඇත්ත. හැබැයි මාලු නරක් වුණාම එන්නෙ පිලී ගඳටත් වඩා දරාගන්න අපහසු හරිම අප්‍රසන්න දුර්ගන්ධයක්.

ඉස්සන් නරක් වෙලාද කියල දැනගන්නේ කොහොමද?

අමු ඉස්සන්ව ගනිද්දි හොඳට හොයල බලල තමයි ගන්න ඕන. ඒකට හේතුව නිසි උෂ්ණත්වයන් තුල දී ගබඩා කරේ නැති වුණාම ඉස්සො ඉක්මනට නරක් වෙන්න බලනවා.

ඉතින් ඉස්සො ගනිද්දි බලන්න ඉස්සන්ගෙන් නරක් වුණ ගඳක් හෝ වර්ණයේ අවපැහැයක් දනින්න ලැබෙනවද කියලා.

අමු, නැවුම් ඉස්සන් ලා අලු පැහැතියි හෝ විනිවිද පෙනෙනවා. ඒවා උයපු ඉස්සො වගේ තැඹිලි පාට නම් නෑ.

සීත කරපු ඉස්සො ගොඩක් වෙලාවට නැවුම් ඉස්සන්ට වඩා නරක් වෙන්න ගන්න වෙලාව වැඩියි. හැබැයි ඒකෙන් අදහස් කරන්නෙ නෑ ශීත කරපු ඉස්සො නරක් වෙන්නෙ නෑ කියලා. ශීත කරපු ඉස්සන්ව වුනත් ශීතකරණයෙන් එලියට අරගෙන තියෙනකොට ඉක්මනින් නරක් වෙන්න බලනවා.

ඒ නිසා ශීත කරපු ඉස්සන්ව වුණත් උයන්න ගන්නවානම් පාට, වර්ණය ගැන හොඳින් සැලකිලිමත් වෙන්න ඕන.

ඒ වගේම අද උයපු ඉස්සන්ව හෙට අනිද්ද දිහාවට තියාගෙන කන්න බලන් ඉන්නවනම් එතනදි වුණත් පාට, සුවඳ ගැන සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

මට්ටි (mussels) නරක් වෙලාද කියල දැනගන්නේ කොහොමද?

මේ මට්ටින්ගේ කටුව සම්පූර්ණයෙන්ම ඇරිල තියෙනවානම් ඒ කියන්නේ මේ මට්ටි නරක් වෙන්න තියෙන ඉඩ ඉතාම වැඩියි.

අපි කිසිම වෙලාවක මැරුණ මට්ටින්ව ආහාරයට ගන්න සුදුසු නෑ. ඒ නිසා මට්ටින්ව ආහාරයට ගන්න හිතාගෙන ඉන්නවනම් නැවුම් හෝ ශීත කල මට්ටින්ව ගත්ත වහාම උයන්න පටන් ගන්න අමතක කරන්න එපා.

කටුව පොඩ්ඩක් ඇරිල තියෙනවනම් ඒ කියන්නෙ මේ මට්ටි නැවුම්. පොඩි තට්ටුවක් කටුවට දාලා බලන්න. කටුව වැහෙනවනම් ඒ කියන්නේ මේ මට්ටි නැවුම් සහ පිසගන්න සුදුසුයි කියන එක.

කටුව කැඩිලා, ඉරිතලල ගිහිල්ල නම් ඒ කියන්නෙ මට්ටි නැවුම් නැහැ. 

අධි ශීතකරණයේ දාලා නම් මට්ටි මාස අවුරුද්දක් වගේ කාලයක් වුණත් තියාගන්න පුලුවන් නරක් නොව. ඒත් නැවුම් මට්ටින්ගෙන් තරම් ඉමිහිරි රසයක් නම් ලැබෙන එකක් නැහැ.

කකුලුවෝ හෝ පොකිරිස්සෝ නරක් වෙලාද කියල දැනගන්නේ කොහොමද?

කකුලුවො සහ පොකිරිස්සො නරක් වෙලාද කියල අඳුර ගන්නෙත් ඉස්සන් නරක් වෙලාද කියල අඳුරගන්න විදියටම තමයි.

නැවුම් කකුලුවන්ගෙන් සහ පොකිරිස්සන්ගෙ එන සුවඳ, නරක් වුණු කකුලුවන් සහ පොකිරිස්සන්ගෙන් එන සුවඳට හාත්පසින්ම වෙනස්. 

පොකිරිස්සන් හා කකුලුවන් නැවුම් නම් ගොඩක් වෙලාවට තද නිල් පාටක් ගන්නවා. නමුත් කවචවල තියෙන ප්‍රෝටීන වර්ණකවලට තාපයේ බලපෑම වැඩි නිසා දීප්තිමත් තැඹිලි පාටක් පෙන්නනවා.

දුම් ගහපු මුහුදු ආහාර නරක් වෙලාද කියල දැනගන්නේ කොහොමද?

දුම් ගැසීම කියන්නේ ගොඩක් වෙලාවට මේ මුහුදු ආහාර සහ මස් වර්ග නරක් නොවී දීර්ඝ කාලයක් තියාගන්න පුලුවන් විදියක්. 

දුම් ගහපු මාලු වර්ග වුණත් නරක් වෙලාද නැද්ද කියන එක දැනගන්න තියෙන හොඳම විදියක් තමයි ගඳ, සුවඳ සහ වර්ණය නිරීක්ෂණය කිරීම.

දුම් ගැසූ මාලු වර්ග වල වුණත් නරක් වුණාම තියෙන සුවඳ ප්‍රියජනක නැහැ. ඒ වගේම මතුපිට පුස් පැල්ලම් වගේ දේවල් තිබෙන්නත් පුලුවන්.

ඉතින් මේ වගේ කාරණාවලින් මුහුදු ආහාර වල නැවුම් බව තක්සේරු කරගන්න ඔයාට පුලුවන් කමක් ලැබුණත් මුහුදු ආහාර ගනිද්දී ඔයාට හොඳටම විශ්වාසවන්ත තැනකින් අරගන්න අමතක කරන්න එපා.

ඉතින් ගඳ සුවඳ වර්ණය වගේ දේවල් ගැන හොඳට නිරීක්ෂණය කරලා විශ්වාසවන්ත තැනකින්ම Sea Food අරගන්න.

අරගෙන රසට, පිරිසිදුවට ගෙදරදීම Sea Food හදලා Try කරන්න. ඒ වගේම ඒ රසබර කෑමවල ලස්සන විස්තර, පින්තූර අපේ Smart Ladies ලා එක්කත් බෙදාගන්න අමතක කරන්න එපා.

මූලාශ්‍රය: https://food.onehowto.com/article/how-to-know-if-seafood-has-gone-bad-1005.html

Related Articles

Don't Miss


Latest Articles