අලුවා,අප කොයි කා අතරත් අතිශයින්ම ජනප්‍රිය රසවත් රස කැවිලි වර්ගයක්.නමුත් එකම නම තිබුණත් අලුවා සැදීමට ක්‍රම රැසක් තිබෙනවා.ඉන් ක්‍රම කිහිපයක් අප මේ ලිපියෙන් ඔබට ගෙන එනවා.ඉතින් ඉක්මනින්ම හදලා රස බලමු නේද ?
පැණි අලුවා

මේ දේවල් සූදානම් කරගන්න.
- හාල් පිටි ග්‍රෑම් 750 ක්
 - කිතුල් පැණි බෝතල් බාගයක්
 - සීනි ග්‍රෑම් 100 ක්
 - කජු ග්‍රැම් 75
 - ලුණු කුඩු තේ හැඳි බාගයක්
 - කුඩුකරගත් කරඳමුන්ගු කරල් 3 ක්
 
සාදන ක්‍රමය
- හාල් පිටි හොඳින් බැද ගන්න.(නොකඩවා හැඳි ගාමින් බැද ගත යුතුයි.)
 - පිටි නියම පදමට බැදුනු පසු පිටිවලින් විශේශ සුවඳක් එනවා .ස්වල්පයක් ලිපට දැමූ විට ඉක්මනින් ගිනිගන්නවා.බැදුනු පසු ලිපෙන් බා කැට ඇත්නම් පොඩිකර පිටි හලාගන්න.
 - ග්‍රෑම් 150 ක් පමණ වෙන් කර තබන්න.
 - බඳුනකට පැණි සහ සීනි එකතුකර වතුර කෝප්ප හතරෙන් එකක් දමා බුබුලු එනතුරු උතුරුවන්න.
 - මෙම පැණි බඳුනෙන් ටිකක් ගෙන ඇල් වතුර පීරිසියකට දැමූ පසු පැණි ටික විසිරී නොමැති ආකාරයට තිබේ නම් පත් පැණි ආකාරයට පැණි උනු වී තිබෙනවා.
 - ඒ වෙලාවෙදී බඳුන ලිපෙන් ඉවත් කරන්න.
 - පැණි වලින් ටිකක් වෙනත් බඳුනකට දමා තබා ගන්න.
 - ඉන්පසු එම බඳුනට කජු,කරදමුන්ගු,ලුණු එකතුකර හොදින් කලවම් කර පිටිවලින් ටිකෙන් ටික එකතු කර හොඳින් කලවම් කරන්න.
 - පිටි ඉසගත් ලෑල්ලක තුනීකර ඉක්මනින් කපාගන්න.
 
සීනි අලුවා

මේ දේවල් සූදානම් කරගන්න.
- හාල් පිටි ග්‍රෑම් 500 ක්
 - සීනි ග්‍රෑම් 400ක්
 - කජු ග්‍රෑම් 50ක්
 - කුඩුකරගත් කරඳමුන්ගු කරල් 2 ක්
 - ලුණු කුඩු තේ හැඳි බාගයක්
 - ටින් කිරි මේස හැඳි 1 ක්
 
සාදන ක්‍රමය
- ඉහත ආකාරයට පිටි සකසා ගන්න.
 - කොටසක් පෙර පරිදිම වෙන් කරන්න.
 - කජු කුඩා කොටස් ලෙස කපාගන්න.
 - බඳුනක් ලිප තබා සීනි දමා වතුර කෝප්ප එකහමාරක් පමණ දමන්න.
 - වතුර සීනි මට්ටමේ තිබිය යුතුයි.
 - සීනි හොඳින් උනුකරගන්න.
 - බුබුලු එනවිටම ටින්කිරි එකතු කරන්න.
 - ලිපෙන් බා කජු එකතු කරන්න.
 - කරඳමුන්ගු සහ ලුනු එකතු කරන්න.
 - තරමක් නිවෙන්නට හැර පිටි ටිකෙන් ටික එකතු කරන්න.
 - යාන්තමට දියාරුවට ආ පසු පිටි ඉසගත් ලෑල්ලක් මත අතුරා ඉක්මනින් කපාගන්න.
 
මීගමු අලුවා

මේ දේවල් සූදානම් කරගන්න.
- හාල් පිටි ග්‍රෑම් 750
 - පොල් පැණි බෝතල් 1
 - කජු මද ග්‍රෑම් 25
 - ලුනු කුඩු ටිකක්
 
සාදන ක්‍රමය
- හාල් පිටි ලා දුඹුරු වනතෙක් බදින්න.
 - පොල් පැණි බඳුනකට දමා හොඳින් උණු කරන්න.
 - පත් පැණි වන තෙක් උණු කරන්න.
 - පත් පැණි බැලීම සඳහා වතුර ටිකකට පැණි
 - බින්දුවක් දෙකක් වක් කරන්න. එවිට පැණි විසිරෙන්නේ නැතිව තිබේ නම් පත් පැණි ආකාරයට උණු වී ඇත.
 - මෙම අවස්ථාවේ ලිප නිවා බැදගත් හාල් පිටි වලින් ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් දමන්න.එයට ලියා ගත් කජු මද එකතු කරන්න.
 - හොඳින් හැඳි ගාමින් මිශ්‍ර කර කෑලි කැපිය හැකි පදමට එන විට පිටි ටිකක් ඉස ගත් ලෑල්ලක මිශ්‍රණය දමා තුනීකර අලුවා හැඩයට කපන්න.
 
තල අලුවා

මේ දේවල් සූදානම් කරගන්න.
- හාල් පිටි ග්‍රෑම් 500 ක්
 - සීනි ග්‍රෑම් 400ක්
 - තල ග්‍රෑම් 100ක්
 - කුඩුකරගත් කරඳමුන්ගු කරල් 2 ක්
 - ලුණු කුඩු තේ හැඳි බාගයක්
 
සාදන ක්‍රමය
- ඉහත ආකාරයට පිටි සකසා ගන්න.
 - කොටසක් පෙර පරිදිම වෙන් කරන්න.
 - තල ටික තරමක් බැද ගන්න.
 - බඳුනක් ලිප තබා සීනි දමා වතුර කෝප්ප එකහමාරක් පමණ දමන්න.
 - වතුර සීනි මට්ටමේ තිබිය යුතුයි.
 - සීනි හොඳින් උනුකරගන්න.
 - ලිපෙන් බා තල එකතු කරන්න.
 - කරඳමුන්ගු සහ ලුනු එකතු කරන්න.
 - තරමක් නිවෙන්නට හැර පිටි ටිකෙන් ටික එකතු කරන්න.
 - යාන්තමට දියාරුවට ආ පසු පිටි ඉසගත් ලෑල්ලක් මත අතුරා ඉක්මනින් කපාගන්න.
 
දැන් ඔන්න අලුවා සූදානම්.උණු උණුවේ තේ සාදා අලුවා දීසියකට දමා තේ මේසයට යවන්න .
සිනහා ඉතිරෙන ලස්සන සැන්දෑවක අසිරිය විඳ ගන්නට ඔබට හැකි වේවි.
            
                                    










