තෛපොංගල් දවසේ හදන්න රසවත් ඉන්දියන් රසකැවිලි 3ක්.

ඉන්දියන් රුලං කේසරි

අවශ්‍ය දේවල්:

  • රුලං 225g
  • සිනී මේස හැදි 8-9
  • නැවුම් කිරි 750ml
  • කහ පාට කලරින් ස්වල්පයක්
  • වියළි මිදි 50g
  • බටර් මේස හැදි 2
  • වැනිලා ටිකක්

සාදා ගන්නා ආකාරය:

  • මුලින්ම රුලං කබලේ බැද ගෙන පසෙකින් තබා ගන්න.
  • නැවුම් කිරි හා සීනි භාජනයක හොඳින් උණු කරන්න.
  • කිරි රත් වීගෙන එන විට බටර් එක් කරන්න.
  • වැනිලා, කලරින් සහ වියළි මිදි එක් කරන්න.
  • මිශ්‍රණය හොඳින් උතුරද්දී එයට කබලේ බැද ගත් රුලං එක් කර ගෙන හොඳින් හැදි ගාමින් මිශ්‍ර කර ගන්න.
  • මෙම මිශ්‍රණය ඝන වීමෙන් පසු ලිප නිවා බටර් ගා ගත් තැටියක දමා තුනී කර කෑලි කපා ගන්න.

රුලං ලඩ්ඩු

අවශ්‍ය දේවල්:

  • රුලං කෝප්ප 1 ½
  • ගා ගත් පොල් කෝප්ප 1
  • ගිතෙල් මේස හැදි 2 ½
  • උකු ටින් කිරි පොඩි ටින් 1
  • තලා ගත් කරදමුංගු
  • කැබලි කර ගත් කජු 50g

සාදා ගන්නා ආකාරය:

  • භාජනයක් ලිප තබා එයට ගිතෙල් දමා රත් කර ගන්න.
  • එයට රුලං එක් කර විනාඩි 6-7ක් මද ගින්නේ හොඳින් හැදි ගාමින් බැද ගන්න.
  • පොල් එක් කර විනාඩි 2-3ක් බැදෙන්න හරින්න.
  • කරදමුංගු කුඩු, කජු සහ ටින් කිරි එකතු කර ගන්න.
  • මද ගින්නේ හැදි ගාමින් මිශ්‍රණය ගුලියක් වූ පසු ලිපෙන් බාගන්න.
  • මිශ්‍රණය නිවුණු පසු බෝල කර ගන්න.

කජු බර්ෆි

අවශ්‍ය දේවල්:

  • වියළි කජු මද
  • සීනි 100g
  • වතුර කෝප්ප කාලක්
  • ගිතෙල්

සාදා ගන්නා ආකාරය:

  • කජු කෑලි සිටින සේ බ්ලෙන්ඩර් කරන්න
  • භාජනයක් ලිප තබා සීනි වලට වතුර දමා ගෙන අඩු ගින්දර සහිතව හොඳින් හැඳි ගාමින් උණු කරන්න.
  • සීනි සම්පූර්ණයෙන්ම දිය වී බුබුළු දමමින් මිශ්‍රණය උකු වෙද්දී බ්ලෙන්ඩර් කර ගත් කජු එයට එකතු කරන්න.
  • දිගටම හැඳි ගාමින් කජු හා සීනි මිශ්‍රණය අඩු ගින්දරේ පිස ගන්න.
  • එය උකු වී එක ගුලියට ආ විට දිගටම හැන්දෙන් පෙරලන්න.එය මෘදු තත්වයට ආ විට ලිප නිවා ගෙන මිශ්‍රණය මදක් නිවෙන්නට හරින්න.
  • නිවුණු පසු තවත් අනමින් මෘදු කරගන්න. ගිතෙල් ද එක් කරන්න.
  • තෙල් කඩදාසියක් දමා ගත් තැටියකට කජු මිශ්‍රණය දමා ගෙන එය උඩින් ද තෙල් කඩදාසියක් තබා රෝලින් පින් එකකින් එක මට්ටමකට සකසා කෑලි කපා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles