“Good Morning, අද මොකද මගෙ කෙල්ල කරන්නෙ?” කියලා උදේම එන මැසේජ් එක මන්දිරාට දැන් නුපුරුදු දෙයක් නෙවෙයි. ඒ උනාට දැන් මාස කීපයක් තිස්සෙ ඇදිලා යන ඔය ප්‍රේමණීය කතා බහ මන්දිරාව Long Distance Relationship එකක ඉවසීම, දරාගැනීම ඕනවටත් වඩා කියලා දුන්නා.
මන්දිරාට Jake ව හම්බුනේ අහම්බෙන්. Facebook එකට ආව රික්වෙස්ට් එක Accept කරන්න මන්දිරාට තිබුණ එකම හේතුව එංගලන්තෙ ජීවත්වෙන වෘත්තියෙන් Neurologist කෙනෙක් වුණ Jake Adams ගෙ Profile එකේ තිබුණ විස්තර, පින්තූර වලින් මන්දිරා දැක්ක විශ්වාසෙ විතරමයි.
“You are so pretty, you reminds me of my wives younger days” කියලා Jake එවපු message එකෙන් පටන් ගත්ත කතාබහ මාස ගාණක් ඇදුනෙ මන්දිරා – Jake ආදර කතාවට අත්තිවාරම දාලා. ටිකක් මහත ශරීරයක් තියෙන හන්දා කොල්ලෙක් එක්ක යාලු වෙන්නත් බැරිවෙච්ච, ආව Proposal වුණත් කැමති නොවුණ මන්දිරා උන්නෙ වයස අවුරුදු තිස් පහ පන්නන ගමන්. Jake ට අවුරුදු පණස් ගාණක්. දුවෙක් ඉන්නවා තරුණ. තරුණ වයසෙදිම කසාද බැන්ද Jake ගෙ නෝනා කැන්සර් එකකින් මැරෙද්දි දුවට අවුරුදු පහක් ලු. තාත්තගෙ අඩිපාරෙ ගිය දුවත් දැන් වෛද්‍යවරියක්.
“අපි මේ සම්බන්ධෙ දැන් Online කරගෙන ගිය කාලෙ හොඳටම වැඩි. කැතී යනවා වොලන්ටියර් ඩොක්ටර් කෙනෙක් විදියට ඉරාක් වල අසරණ වෙච්ච දරුවන්ට ට්‍රීට් කරන්න. මම එයා ගියාට පස්සෙ ලංකාවට එන්න ඉන්නෙ ඔයාව බලන්න. අපිට පුලුවන් මීට් වෙලා හැමදේම කතාකරන්න. මම කැමතියි ආපහු ඉන්ග්ලන්ඩ් එන්න කලීයෙන් ඔයාලගෙ ගෙදර අය එක්කත් කතා කරල මේව ඔක්කොම විසඳගන්න” කියලා Jake කියද්දි මන්දිරා ඇත්තට උන්නෙ හීන ලෝකෙ ඇතුලෙ හදන්න පුලුවන් තරම් මාළිගා හදන ගමන්.
ලංකාවෙ ලොකුම සමාගමක, ඉහළම පුටුවක රස්සාවක කරපු, සල්ලිවලින්, සමාජ තත්ත්වෙන් අඩුවක් තිබ්බෙ නැති මන්දිරාගෙ ජීවිතේ තිබුණ එකම අඩුව වුණේ ආදරයක්, හිතට දැනෙන ආදරයක්, තමන්ගෙ කියලා කෙනෙක් ළඟ නැති එක.
ඒ හිස්තැන පුරවන්න එංගලන්තෙ ඉඳල කුමාරයෙක් ආව මන්දිරා හරියට දැක්කෙ හීනයක් හැබෑවුණා වගේ දෙයක්.
“මගේ වයිෆ් කැන්සර් එකෙන් සෆර් කරපු අන්තිම කාලෙ කිව්ව දෙයක් තමයි දුවත් පොඩි නිසා ආයෙ මැරි කරන්න කියලා. ඒ උනාට මට කවදාවත් බැරිවුණා වෙන කෙනෙක් එක්ක එහෙම මැරේජ් එකකට යන්න තියා හිතන්නවත්. There were a few ladies. ඒත් එයාලත් ආවා ගියා මිසක සදහටම මං ළඟ නතර වෙන්න, නතර කරගන්න Plan එකක් තිබුනෙ නෑ. මං හිතන්නෙ හැමදේම දෙවියන්ගෙ තීරණයක්. ඔයාව මට මේ විදියට හම්බුනෙත් එහෙමයි” කියලා ජීවිතේ ඇත්ත ඇති සැටියෙන්ම Jake කියද්දි මන්දිරා තව තවත් Jake ට බැඳුණා.
Jake ගෙ දුව එහෙම නැත්තම් “අපේ දූ” මන්දිරා එහෙමයි හිතුවෙ – කැත්ලීන් සහන කණ්ඩායමකට එකතු වෙලා ඉරාකෙට යන්න සූදානම් වෙච්ච වෙලාවෙ මන්දිරා ලංකාවෙ තාලෙට පන්සලට ගිහින් පහනක් පත්තු කරලා “කෙල්ලට අනතුරක් වෙන්න එපා” කියලාත් පැතුවා. පන්සලේ ඉන්න ෆොටෝ එකකුත් Jake ට යැව්වා. අනිත් පැත්තට “මගෙ දුවට දැන් ආයෙම අම්මා කෙනෙක් ඉන්නව වගේ මට දැනෙනවා” කියලා Reply කරා.
“තව මාසෙකින් මම ලංකාවට එනවා” කියලා Jake කිව්වම මන්දිරා ඒ දවස එනකම් ඇඟිලි ගැන ගැන උන්නා.
හැමදේම වෙනස් වුණේ නොහිතපු විදියකට.
“කැත්ලීන්ලා උන්නු කෑම්ප් එකට ඇටෑක් එකක් වෙලා. කැත්ලීන්ට අමාරුයිලු. මම ඉරාක් වලට යනවා: කියලා විනාස වෙච්ච කෑම්ප් එකක Photo එවලා Jake කතා කරද්දි මන්දිරාගෙ පපුව ගැහුනෙ “අනේ අපෙ කෙල්ලට මොනවා වෙලා ඇතිද” කියලා.
Jake ඉරාකෙට යන්න ලෑස්ති වුනා. ඉක්මනට බඩු පැක් වුනා. ටිකට් බුක් කරා. “මම පරිස්සමෙන් ගිහින් එන්නම්” කියලා Jake ගියා. ආයෙම එයාගෙන් පණිවිඩයක් ආවෙ පස්සෙන්දා.
“මගේ බෑඩ් එක කවුරුහරි හොරකම් කරලා මන්දිරා. මගෙ සල්ලි, පාස්පෝට්, අයිඩෙන්ටිටි කාඩ්ස් ඔක්කොම තියෙන්නෙ ඒකෙ. මට මගේ දරුවව බලන්න ඉරාක්වලට යන්නවත් විදියක් නෑ. මාව එයාපෝට් එකේ නතර කරගෙන ඉන්නෙ” කියලා Jake කතාකරලා කියද්දි මන්දිරා උන්නෙ කරකියා ගන්න දෙයක් නැතුව.
“අපි දැන් මොකද කරන්නෙ?”
“මම දැන් ඉක්මනට මගෙ පාස්පෝට් එක හදාගන්න ඕන. එම්බසියට යන්න ඕන. ඉතුරු ඩොකියුමන්ටේශන් හදාගන්න ඕන. මට තේරෙන්නෙ නෑ මන්දි මං මොකද්ද කරන්න ඕන කියලා, මං ගාව සතයක් නෑ” කියලා Jake වැලපෙද්දි මන්දිරා ඇහුවෙ එක ප්රශ්නයයි
“කීයක් ඕනද Darling, මම ඔයාට දැන් Deposit කරන්නම්” කියලා.
ඒ විදියට ලංකාවෙ ඉන්න මන්දිරාගෙ බැංකු ගිණුමෙ ඉඳලා එංගලන්තෙ ඉන්නවා කිව්ව Jake Adams ගෙ ගිණුමට හුවමාරු වුණ මුදල ලක්ෂ ගාණක්. පාස්පෝට් හදාගන්න, එම්බසියට යන්න, දුව බලන්න කියල සල්ලි ඉල්ලගත්ත මන්දිරාගෙ එංගලන්ත කුමාරයා තමන්ගෙ ෆේස් බුක් ගිණූම deactivate කරලා හැංගිලාම ගියේ මන්දිරාට විරහව, රැවටීම, වංචාව ගැන අලුත් පාඩමක් කියල දීලා.
මේ වගේ කතන්දර ලංකාවෙ අපිට අහලා නුපුරුදු කතාවක් නෙවෙයි. දවස පුරා මේ වගේ කතන්දර අපිට අහන්න ලැබෙනවා සමාජ මාධ්‍යවල ඕන තරම්.
මේ වගේ Romance Scam වලට අහුවෙච්ච අය අපි අතරෙත් ඕන තරම් ඉන්නවා. සමහරවිට මේ කියවන ඔබ අතරෙත් එහෙම කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්තාවකදි ඇත්තටම අපිට මොකද කරන්න පුලුවන්?
තමන්ගෙ ගිණුමක ඉඳලා තමන් දැනුවත්ව වෙන කෙනෙක්ට කරන මුදල් ගනුදෙනුවක් ආයෙ තමන්ට හරවගන්න නම් ඒ මුදල ලැබුණ කෙනාගෙ ලිඛිත අවසරයක් ඕන. ඉතින් මේ වගේ දේකට මූණ දෙන්න වුන කෙනෙක්ට තමන් එහෙම දුන්න සල්ලි ආපහු අරගන්න එක හීනයක්.
සල්ලිවලට වඩා දරාගන්න බැරි දේ තමයි හිත් රිදීම, තමන් වංචාවකට අහුවුණා කියන එක. හිත පුරා ආදරේ කල මනුස්සයෙක් තමන්ව රවට්ටලා කියන හැඟීම.
ගොඩක් වෙලාවට මේ වගේ දේවල්වලට, විශේෂයෙන්ම මේ Romance Scam කියන ඒවට කෙනෙක්ව හොයාගන්න කලින් ඒ අදාල Scammer ඔයාගෙ Profile එකේ ඔයා Publish කරන විස්තර, ෆොටෝස්, ඔයා ටැග් කරන අනිත් අය කවුද කියන එක හොඳට හොයලා බලනවා.
මේ වගේ ගැටලුවක් වුණොත් අපි මොකද කරන්න ඕන කියන ගැටලුව ඔබටත් තිබෙන්න පුලුවන්. එවන් අවස්තාවක ඔබට ගත හැකි ක්‍රියාමාර්ග වන්නේ:
1. තර්ජනය කරන කෙටි පණිවිඩ, දුරකතන ඇමතුම්, අසභ්‍ය දර්ශන වල ජායාරූප, වෙබ් අඩවි වල පල කර ඇති දර්ශන/තොරතුරු වල URL, Screenshot ආදී සාක්ශි සමග ළඟම ඇති පොලිසිය වෙත යොමුවන්න
2. තර්ජනය කරන පුද්ගලයාගේ තොරතුරු නිවැරදිව දන්නේ නම් පොලිස් පැමිණිල්ල ඉදිරිපත් කරන වෙලාවේ ඒ තොරතුරු ලබා දීමට යොමුවන්න
3. වයස අවුරුදු 18ට අඩු නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිල්ලක් සඳහා Hotline අංක 1929 ඔස්සේ යොමුවන්න (පිරිමි/ගැහැණු දරුවන් දෙපාර්ශවයම වෙනුවෙන්)
4. කාන්තාවන් මුහුණ දෙන මෙවන් ගැටලුකාරී තත්ත්වයන් වලදී ළමා හා කාන්තා කාර්යංශයේ උපකාරක සේවා අංක 109 ඔස්සේ යොමුවන්න නැතිනම් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ Women Health Line අංකය වන 1938 වෙත යොමුවන්න
5. අසභ්‍ය වෙබ් අඩවිවල ඔබගේ ජායාරූප හෝ වීඩියෝපට ආදිය උඩුගත කරගත තිබෙන විටෙක එය ඉවත් කරගැනිමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) ආයතනයේ උපකාරක සේවා අංකය වන 101 වෙත යොමුවන්න
ඉතින් සමාජ මාධ්‍යවල ඔයා Publish කරන Content ගැන ඉතාම සැලකිලිමත් වෙන්න ඕන ඒ නිසාමයි.
සයිබරේ සැරිසරන්න – හැබැයි පරිස්සමෙන්!
තොරතුරු මූලාශ්‍ර: ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු – චරුක දමුණුපොල මහතාගෙන්