සිරුරේ බර වේගයෙන් අඩු කරන සුපිරි ආහාර 08ක්

සෞඛ්‍ය සම්පන්නව සිටීමට ඔබේ ශරීරයට නිසි පෝෂණයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වන අතර ඔබ ගන්නා ආහාර වලින් ඔබේ ශරීරයට අත්වන ප්‍රතිලාභ ගැනත් ඔබ අනිවාර්යයෙන්ම දැනුවත්ව සිටිය යුතුයි. සමහර ආහාරවලින් ශරීරයේ මේදය තැන්පත් වන අතර සමහර ආහාරවලින් ශරීරයේ බර අඩු කිරීමද සිදුවෙනවා. ඒ නිසා සිරුරේ බර අඩු කරන කෑම වර්ග ගැන ඔබට කියන්න අපි හිතුවා.

සිරුරේ බර අඩු කරන ආහාර වල ස්වාභාවිකවම තන්තු සහ ජලය අඩංගු වන අතර ස්වාභාවිකවම අඩු හෝ මධ්‍යස්ථ කැලරි ප්‍රමාණයක්ද ඇතුලත් වෙනවා.

එවැනි ආහාර මොනවද ? 

කුකුල් මස් , සැමන් සහ හරක් මස් 

ප්‍රෝටීන් ඔබේ මාංශ පේශි ගොඩනැගීමේ ඒකකය වන ඇමයිනෝ අම්ල වලින් සෑදී ඇති බැවින් මාංශ පේශි වර්ධනය සහ අලුත්වැඩියා කිරීමේ ක්‍රියාවලිය දියුණු කරනවා. විශේෂයෙන්ම ඔබේ ශරීරය කාබෝහයිඩ්රේට සහ මේදවලට වඩා ප්‍රෝටීන සැකසීමට වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කරනවා. මෙයට හේතුව එය ආහාරවල ඉහළ තාප බලපෑමක් ඇති කිරීමයි, එනම් ආහාර අවශෝෂණය කළ හැකි අංශු බවට ජීර්ණය කිරීමට ඔබ භාවිතා කරන ශක්තියයි. එය ආහාර දිරවීම ප්‍රමාද කරන අතරම ඔබ අධික ලෙස ආහාර ගැනීමද වළක්වනවා. 

පිපිඤ්ඤා 

පිපිඤ්ඤා තන්තු වලින් පොහොසත් වන අතර අඩංගු වන්නේ ඉතා අඩු කැලරි ප්‍රමාණයකි.ඒ නිසා ආහාර දිරවීමේ ක්‍රියාවලියට සහ බර අඩු කර ගැනීමේ ක්‍රියාවලියට පිපිඤ්ඤා ආහාරයට ගැනීම ඉතා සුදුසු වන බව පෝෂණවේදීන් පෙන්වා දෙනවා.මීට අමතරව පිපිඤ්ඤා මගින් ශරීරය සජලීයව තබා ගන්නා අතර ආහාර ජීරණ පද්ධතියේ ඇති විය හැකි දැවිල්ල තත්වයන් වලට එරෙහිව සටන් කරනවා.ඒ වගේම රුධිරයෙන් අපද්‍රව්‍ය සහ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමද , අක්මාවේ විශ ඉවත් කිරීමටද පිපිඤ්ඤා උපකාරී වන අතර මල බද්ධය වැළැක්වීමට ද සහය වෙනවා. මේ සියලු කාරණා නිසා ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා පිපිඤ්ඤා පරිභෝජනය කිරීම ඉතා සුදුසුයි

බෝංචි 

බෝංචි යනු බර අඩු කරගැනීමට උත්සාහ කරන ඔබේ ආහාර වේලට ඇතුළත් කරගත යුතුම ආහාරයකි.ඒවායේ අඩංගු දිය නොවන තන්තුවල ඉහළ අන්තර්ගතය නිසා ආහාරයට ගැනීමෙන් පසු පැය ගණනක් පුරාවට පූර්ණ බවක් දැනීමට උපකාරී වෙනවා.බෝංචි වැනි ඇට වර්ග රනිල කුලයට අයත් බෝග ලෙස හැදින්වෙන අතර මෙය පෝෂණ බලාගාරයක් ලෙසද සැලකෙනවා. බෝංචි වල ප්‍රෝටීන , පොටෑසියම් සහ ෆෝලේට් වැනි අත්‍යවශ්‍ය  පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන අතර සෑම බෝංචි කෝප්ප භාගයක් තුළ ම කුකුල්මස්, මාළු හෝ ඌරු මස් අවුන්සයකට සමාන ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු වනවා.ඒ නිසා ඔබේ දෛනික ආහාර වේලට බෝංචි එකතු කර ගැනීම බෙහෙවින් ප්‍රයෝජනවත්.

අලිගැටපේර 

මොනොසැටරේටඩ් මේදයෙන් පොහොසත් ප්‍රභවයක් වන අලිගැටපේර බර අඩු කර ගැනීමට උත්සාහ කරන ඔබට ඉතා හොඳ ආහාරයක්.එයින් ඔබට දැනෙන තෘප්තිමත් භාවය වැඩිවන අතර ආහාර ගැනීම වළක්වනවා. පාන් තැවරුමක් ලෙස , ස්මූති එකක් ලෙස හෝ සලාදයකට එකතු කර අලිගැටපේර ආහාරයට ගත හැකි වන අතර මෙය ඔබේ උදෑසන ආහාරයට එකතු කර ගැනීමෙන් දවල් ආහාරය තෙක් වෙනත් ආහාර ගැනීමෙන් වැළකී සිටීමේ හැකියාව තියෙනවා.

ග්‍රීක යෝගට් 

සාමාන්‍ය යෝගට් වලට වඩා ග්‍රීක යෝගට් බර අඩු කරගැනීමට උත්සාහ කරන ඔබට හොඳ බව පෝෂණවේදීන් පෙන්වා දෙනවා.එහි ස්වාභාවිකවම කාබෝහයිඩ්‍රේට් අඩු වීම සහ ප්‍රෝටීන් වැඩි වීම එයට හේතුවයි. probiotic ඉහල අන්තර්ගතයක් ඇතුලත් වෙන නිසා ඒවා ආහාරයට ගැනීම මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන අතර බඩවැල්වල සෞඛ්‍ය සම්පන්න බවට ද ග්‍රීක යෝගට් පරිභෝජනය කිරීම හේතු වෙනවා.මේ සියලු කරුණු වලට අමතරව කුසගින්න අඩු කිරීම , පූර්ණත්වය වැඩි කිරීම සහ ආහාර ගැනීම ප්‍රමාද කිරීමට ග්‍රීක යෝගට් වලට හැකියාව තියෙනවා. ඒ අනුව ශරීරයේ බර අඩු කිරීම සම්බන්ධයෙන් ග්‍රීක යෝගට් ආහාරයට ගැනීම සෘජුවම හේතු වනවා.

ඕට්ස්

ශරීරයේ බර ගැන උනන්දු වන බොහෝ දෙනා අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වන ඕට්ස් විවිධ ආකාරයෙන් පරිභෝජනය කළ හැකියි.ඕට්ස් වල අනෙකුත් ධාන්‍ය වලට වඩා ඉහල ප්‍රෝටීන්  ප්‍රමාණයක් අඩංගු වන අතර ද්‍රාව්‍ය තන්තු වලින්ද පොහොසත් වෙනවා. ඕට්ස් , කිරි සහ අනතුර සමඟ ආහාරයට ගත හැකි වන අතර ස්මූති , රොටි සහ ආකාර වලින්ද ආහාරයට ගත හැකියි.මේ කුමන ආකාරයෙන් වුවත් ඔබේ උදෑසන ආහාරයට ඕට්ස් එකතු කර ගැනීම මගින් පැය ගණනාවක් පුරාවට ම බුද්ධිමත්ව සිටීමේ හැකියාව ඔබට තිබෙනවා.

මෙවැනි ආහාර ඔබේ ආහාරයට එකතු කර ගැනීම මගින් ශරීරයෙ බර අඩු කර ගැනීමට ඔබට පුළුවන් වගේම සමබල ආහාර වේලකට විවිධාකාරයෙන් මේ ආහාර එකතු කර ගන්නත් ඔබට පුළුවන් .

Related Articles

Don't Miss


Latest Articles