දින හතේ නෝ සුගර් – හයි ප්‍රෝටීන් ඩයට් එක

ඔබව පූර්ණව සහ තෘප්තිමත්ව තබා ගනිමින් ඔබේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කර ගැනීමට උපකාරී වන අධි ප්‍රෝටීන් ඩයට් ප්ලෑන් එකක් ගැන දැනගන්න ඔබ කැමතිද ? මේ ඩයට් ප්ලෑන් එකේ විශේෂත්වය තමයි මෙය අධි ප්‍රෝටීන් සහිත වගේම සීනි භාවිතයෙන් තොර වීම. ඒ වගේම පහසුවෙන් සකස් කරගන්න පුළුවන් ආහාර වේල් මේ ඩයට් ප්ලෑන් එකට ඇතුලත්. කෙසේ වෙතත් මෙවැනි ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කිරීමට පෙර වෛද්‍යවරයකු ලවා ඔබේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරවා ගැනීමත් වැදගත්. 

සඳුදා 

උදෑසන –  චෙරි තක්කාලි සමග බිත්තර දෙකක ඔම්ලට් 

මධ්‍යම උදෑසන – ග්‍රීන් ටී 

දහවල් – බත් කෝප්ප 1 , කුකුල් මස් සලාද 

සවස – කොමඩු කෝප්ප 1 

රාත්‍රී – ග්‍රිල් කරන ලද ටූනා සමඟ තම්බා ගත් බෝංචි සහ කැරට් 

අඟහරුවාදා 

උදෑසන – දෙහි එකතු කළ අඹ ස්මූති ( සීනි රහිත ) 

මධ්‍යම උදෑසන – ලුණු සහ ගම්බිරිස් එකතු කළ අලිගැටපේර තැවරූ ටෝස්ට් කළ පාන් පෙති දෙකක් 

දහවල් – ග්‍රිල් කරන ලද කුකුල් මස් සමඟ එළවළු සලාද 

සවස – අන්නාසි කෝප්ප 1 

රාත්‍රී – ඉරිඟු සහ ටූනා එකතු කල සලාද කෝප්ප 1 

බදාදා 

උදෑසන – බේකන් සහ බිත්තර 2 

මධ්‍යම උදෑසන – ග්‍රීන් ටී 

දහවල් – බත් කෝප්ප එකක් සමග කුකුල් මස් , පරිප්පු සහ කොළ වර්ගයක් 

සවස – කෙසෙල් ගෙඩි හෝ සහ යෝගට් 1 

රාත්‍රී – කුකුල් මස් හෝ එළු මස් සුප් 

බ්‍රහස්පතින්දා 

උදෑසන – චොකලට්, කිරි සහ ආමන්ඩ් smoothie 

මධ්‍යම උදෑසන – කොමඩු කෝප්ප 1 

දහවල් – පැස්ටා කෝප්ප බාගයක් , බේක් කල කුකුල් මස් සහ එළවලු 

සවස – අන්නාසි කෝප්ප 1 

රාත්‍රී –  මාළු සලාද 

සිකුරාදා 

උදෑසන –  කුකුල් මස් සුප්

මධ්‍යම උදෑසන – ග්‍රීන් ටී 

දහවල් – මාළු සලාද 

සවස – කොමඩු කෝප්ප 1 හෝ යෝගට් 1 

රාත්‍රී – ග්‍රිල් කරන ලද ටූනා සහ එළවලු වර්ග 2 

සෙනසුරාදා

උදෑසන – කෙසෙල් , කිරි සහ ආමන්ඩ් යෙදූ ස්මූති

මධ්‍යම උදෑසන – අලිගැටපේර තැවරූ ටෝස්ට් කල පාන් පෙති 2 

දහවල් – ඉරිඟු, කුකුල් මස් සහ එළවළු වර්ග දෙකක් එකතු කළ සලාද කෝප්ප 1 

සවස – නට්ස් වර්ගයක් 

රාත්‍රී – එළු මස් සුප් 

ඉරිදා 

උදෑසන – බේකන් සහ බිත්තර 2 සහ චීස් 

මධ්‍යම උදෑසන – ග්‍රීන් ටී 

දහවල් – බත් කෝප්ප 1 , කුකුල් මස් සහ ග්‍රිල් කල එළවලු වර්ග දෙක 

සවස – මිශ්‍ර පළතුරු කෝප්ප 1 

රාත්‍රී – මාලු සලාද 

ඔබට මෙහි අඩංගු මස් සහ මාළු වර්ග භාවිතයේදී ඒකාකාරී බවක් දැනෙනවා නම් ඒවා වෙනුවට ඔබ කැමති ආකාරයට වෙනත් මස් වර්ග එකතු කරගත හැකයි. ඒ වගේම ස්මූති වර්ග සකස් කිරීමේ දී කිසි ලෙසකින් සීනි භාවිතා නොකළ යුතුයි. ඕනෑම ඩයට් එකක් අනුගමනය කරන අතරතුර දී මෙන් අනිවාර්යයෙන්ම ඉතා හොඳින් ජලය පානය කළ යුතු වන අතර මෙම ප්‍රධාන ආහාර වේල් මග නොහැර නිසි වේලාවට ලබා ගැනීමත් ඔබේ සෞඛ්‍ය තත්ත්වයට අනුව නිසි ව්‍යායාම රටාවක් අනුගමනය කිරීමටත් ඔබ වගබලා ගත යුතුයි. 

Related Articles

Don't Miss


Latest Articles