සිරුරේ බර ඉක්මනින් අඩු කරන්න Turmeric වලින් සදන විස්මිත පානය..

සිරුරේ බර අඩු කර ගැනීම සඳහා භාවිතා කරන්නට පුළුවන් හොඳම අමුද්‍රව්‍ය වලින් එකක් විදිහට කහ හඳුන්වන්නට පුළුවන්.බර අඩු කරගන්න වගේම තවත් සෞඛ්‍යමය වාසි රැසක් ලැබෙන මේ වනවිට ලෝකයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය Turmeric drink ගැනයි මේ ලිපිය.

Turmeric drink එකෙන් බර අඩු වෙන්නෙ කොහොමද ? 

විටමින් B, C, omega-3 මේද අම්ල, ඇල්ෆා-ලිනොලෙයික් අම්ලය, තන්තු මෙන්ම පොටෑසියම්, යකඩ ආදිය කහ වල අඩංගු වන අතර එමඟින් ශරීරයෙන් විෂ ඉවත් කිරීමත් සමඟ පරිවෘත්තීය වේගවත් කරනවා.මෙමගින් ශරීරයේ පවතින අතිරික්ත මේදය තවදුරටත් ඉවත් කිරීම සිදුවෙනවා 

කහ මගින් බර අඩුවීමට උපකාරී වන තවත් එක් ක්‍රමයක් නම් ශරීරයේ සීනි මට්ටම නියාමනය කිරීම, ග්ලුකෝස් පරිවෘත්තීය වැඩි දියුණු කිරීම සහ ඉන්සියුලින් ප්‍රතිරෝධය වැළැක්වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස අතිරික්ත මේදය සිරුරේ රඳවා ගැනීම වළක්වනවා. අධික බර හෝ තරබාරු අය දියවැඩියාවට පහසුවෙන් ගොදුරු වන අත‍ර කහ පරිභෝජනය කිරීමෙන් හෝ මේ turmeric drink එක භාවිතා කිරීමෙන් ඔවුන්ට මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීමට හැකි වනවා. 

කොහොමද මේ Turmeric drink එක හදන්නේ ?

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

වතුර කෝප්ප 1

කුඩු කරගත් අමු කහ ස්වල්පයක් 

කුරුදු කුඩු ස්වල්පයක් 

මී පැණි තේ හැඳි 1 

හදන්නෙ මෙහෙමයි 

භාජනයක් ලිප තබා එයට වතුර කෝපයක් එකතු කර , කුඩු කරගත් අමු කහ ස්වල්පයක් සහ කුරුදුකුඩු ස්වල්පයක් එකතු කර හොඳින් උතුරවා ගන්න.මදක් නිවුනු පසු අවශ්‍ය නම් පමණක් මී පැණි එකතු කර උදෑසන හිස් බඩ පානය කරන්න.

Turmeric drink එකෙන් ලැබෙන අනෙකුත් සෞඛ්‍යමය ප්‍රතිලාභ මොනවද ? 

ප්‍රතිශක්තිකරණය වර්ධනය කරයි 

ආහාර ජීරණය පහසු කරවයි 

රුධිර ප්‍රවාහය වැඩිදියුණු කරයි

හෘද සෞඛ්‍ය ඉහල නංවයි 

මානසික අව පීඩනය පාලනය කරයි 

වයසට යාම මන්දගාමී කරයි 

සමේ කුරුලෑ සහ ආසාදන ඇතිවීම වළක්වයි

ඇස් වටා අඳුරු පැහැය නැති කරයි

තුවාල ඉක්මනින් සුව කරයි  

කහ වල පිළිකා නාශක ගුණ අඩංගු වන අතර එවැනි සෛල වර්ධනය වීම වළක්වයි 

කහ මගින් ශරීරයේ ආරක්ෂක සෛල වල ක්‍රියාකාරීත්වය සහ ප්‍රතිදේහ නිෂ්පාදනය වැඩි දියුණු කරයි 

අස්ථි සෞඛ්‍ය වැඩි දියුණු කරයි 

බර අඩු කර ගැනීමට අමතරව බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගන්නට පුළුවන් turmeric drink එක ඔබටත් උත්සාහ කර බලන්නට හැකියාව තියෙනවා .

Related Articles

Don't Miss


Latest Articles