සිරුරේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට බලපාන පුරුදු

අන්කවර කලෙකටත් වඩා මිනිසුන් ලෙස අපිට මිනිසාගේ ස්භාවික ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වැදගත්කම හොදින්ම අවබෝධ වූ කාලවකවාණුවක් ලෙස මේ වසංගත සමය හැදින්විය හැකියි.

වර්ථමානයේ පවතින වසංගත තත්වයන් හමුවේ මෙන්ම පමණක් නෙවෙයි ,දෙනිකව වැලදෙන සමාජය රෝග හමුවේදීත් ,ඒම රෝග තත්වයන්ට හොඳින් මුහුණ දීමට නම් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතා හොඳින් පවත්වාගෙන යාම අනිවාර්යයි.

ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉතා හොඳින් ආසාදනයක් හෝ රෝගයක් සමඟ සටන් කිරීමේ ශක්තිය ලබාදීමට නම් ඔබ අවධානය යොමු කළ යුතු වැදගත් කරුනු තිබෙන අතර ඔබේ එදිනෙදා ජීවන රටාව මෙහිදී විශාල වැදගත් කාර්‍යයක් සිදුකරනව.

මේ ලිපියෙන් ඔබට කියන්නේ ඔබේ ප්‍රතිශක්තිකරණය වැඩි කළ හැකි ඔබ දෙනිකව අනුගමනය කල යුතු සාර්ථක ලොවම පිළිගත් දෙනික පුරුදු කිහිපයක් ගැනයි.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පවත්වා ගන්න

ඉතා හොඳ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වා ගැනීමට නම් පෝෂ්‍යදායී ආහාර වේලක් යනු අනිවාර්ය දෙයකි.නැවුම් එළවළු, පලතුරු , රනිල කුලයට අයත් බෝග ,ධාන්‍ය වර්ග , ප්‍රෝටීන් සහිත ආහාර සහ සෞඛ්‍ය සම්පන්න මේදය ඔබේ ආහාර වේලට අනිවාර්යයෙන්ම ඇතුළත් කරගත යුතුය .ඒ වගේම උදෑසන ආහාරය මග නොහැරීමටත් ඔබ වග බලා ගන්නට ඕනේ.

දිනපතා ව්‍යායාම කරන්න

ශාරීරික ක්‍රියාකාරකම් සහ ව්‍යායාම කිරීම මාංශ පේශීන් ශක්තිමත් කිරීමට ,ගොඩනැගීමට සහ මානසික ආතතියෙන් මිදීමට සහය වනවා මෙන්ම සෞඛ්‍ය සම්පන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ගොඩනැගීම සඳහාත් සහය වනවා.ව්‍යායාම කිරීම මගින් ප්‍රතිශක්තීකරණ සෛල සහ අනෙකුත් ආසාදන සමග සටන් කරන අණු ඔබේ ශරීරයේ පුරා වඩාත් පහසුවෙන් ගමන් කිරීමට ඉඩ සලසනවා.බොහෝ අධ්‍යන වලින් පෙන්නුම් කර ඇති ආකාරයට සෑම දිනකම මිනිත්තු තිහක් වැනි කාලයක් ව්‍යායාම කිරීම මඟින් මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කිරීමට හැකියාව ලැබෙනවා.ඒ නිසා නිතිපතා ව්‍යායාම කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම අතිශය වැදගත්

සජලීයව සිටින්න

ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහාය වීම ඇතුළුව ශරීරයෙ තවත් වැදගත් භූමිකාවන් රැසක් ජලය මගින් සිදු කරයි.ඔබේ ශරීරයෙ ආසාදන වලට එරෙහිව සටන් කරන ප්‍රතිශක්තීකරණ සෛල රැගෙන යන රුධිර සංසරණ පද්ධතියේ ඇති වසා නම් වූ තරලය ජලයෙන් සෑදී ඇත.යම් හෙයකින් ඔබේ ශරීරය විජලනය වුවහොත් එම වසා ගැටිති වල චලනය මන්දගාමී වනවා.එය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමට හේතු වේ.

ඔබ ව්‍යායාම නොකළත් ,ඔබට නිසි අයුරින් දහඩිය නොදැම්මත් , ඔබ පිට කරන හුස්මෙන් ,මල සහ මුත්‍රා වලින් ඔබේ ශරීරයේ ඇති ජලය පිට වනවා.එම නිසා නිරන්තරයෙන්ම ජලය පානය කිරීම මගින් ඔබේ ශරීරය විජලනය වීම වැළැක්වී ප්‍රතිශක්තිකරණ පද්ධතිය ද නිසි ලෙස ක්‍රියා කරනවා.

නිසි නින්දක් ලබාගන්න

ඔබ නින්දේ පසුවන විට ඔබගේ ශරීරය බොහෝ වැදගත් ක්‍රියාකාරකම් සිදු වනවා.ආසාදන සමඟ සටන් කරන අණු නිර්මාණය වන්නේ ද ඔබ නින්දේ සිටින අතරතුර දී ය.අධ්‍යන වලින් හෙළි වී ඇති ආකාරයට ප්‍රමාණවත් තරම් ගුණාත්මක නින්දක් නොලබන පුද්ගලයන් සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන වෛරස් වලට නිරාවරණය වීමෙන් පසුව රෝගාතුර වීමේ ප්‍රවණතාවය වැඩිය.එම නිසා ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට විවිධ ආසාදන සහ රෝග වලට එරෙහිව සටන් කිරීමට අවස්ථාව ලබාදීම සඳහා ඔබ සෑම රාත්‍රියකම ප්‍රමාණවත් නින්දක් ලබාගත යුතුය.ඒ වගේම එම නින්ද ගුණාත්මක නින්දක් ද විය යුතුය.

මානසික ආතතිය අවම කර ගන්න

ආතතිය සහ කාංසාව සමනය කර ගැනීම ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියකට මග පාදනවා.දිගුකාලීන ආතතිය ප්‍රතිශක්තිකරණ සෛලවල ක්‍රියාකාරිත්වය අසමතුලිත කරන අතර රෝග වලට එරෙහිව සටන් කිරීමේ ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවනවා.යෝගා ව් ව්‍යායාම වල නිරත වීම සහ භාවනා කිරීම මඟින් මානසික ආතතිය බොහෝ දුරට අවම කර ගත හැකිය.ඊට අමතරව ඔබ කැමති ක්‍රියාකාරකමක නිරත වීම , එනම් චිත්‍රපට නැරඹීම, ගීත වලට සවන් දීම , ඔබ ප්‍රිය කරන ස්ථානයක ඇවිදීමට යාම වැනි දේවල් වල නිරත වීමෙන් ද මෙම මානසික ආතතිය සමනය කරගත හැකිය.

මෙවැනි ජීවන රටාවන්ට හුරු වීම මගින් ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීමට මෙන්ම වඩාත් හොඳින් පවත්වාගෙන යාමට ඔබට හැකියාව ලැබෙනවා.එම නිසා විවිධ රෝග වලට හා ආසාදන තත්වයන් වලට ඔබ තවදුරටත් බිය විය යුතු නැහැ

Related Articles

Don't Miss


Latest Articles