ආදරේ ගැන අනාවැකි කියන Forecasting Love and Weather..

හැමදාම චිත්‍රපට ගැන ලියන එකේ මම අද හිතුවා Korean Series එකක ගැන ලියන්න. ඔන්න තරහවෙන්න එපා ඉතින් ඒකට හොඳේ.

මේක හරිම ලස්සන, හිත නිවන, ආදරණීය කොරින් ටීවි සීරීස් එකක්. මම ගොඩක් වෙලාවට ඔය මහන්සි දවසට, වැඩ පිරිච්ච දවසට හිත නිවාගන්න ඕන වුනාම බලන සීරිස් එකක් තමයි මේ Forecasting Love and Weather.

කතාව යන්නෙ මෙන්න මේ විදියට.

KMA කාලගුණ විද්‍යාඥ Jin Ha-kyung , තමන් එක්කම එක ආයතනයේ වැඩ කරන Han Ki-joon එක්ක තමන්ගෙ වෙඩින් එකේ වැඩවලට බිසී වෙලා ඉද්දි, අගනුවරට කඩා වැදුණු හිම කැට වර්ෂාවක් ගැන අනාවැකි කීමට කාලගුණ දෙපාර්තම්නේතුවට අනාවැකි කියන්න බැරි වීම නිසා ඇතිඋන ප්‍රශ්න මැද්දෙ හෙම්බත් වෙලා ඉන්නෙ. . හිම කැට වර්ෂාවක් ඇති විය හැකි බව කලින් දුටු ඉතා සුළු කාර්ය මණ්ඩලයෙන් කෙනෙකු වූ කනිෂ්ඨ කාලගුණ විද්‍යාඥ ලී ෂි-වූ, සවස් යාමයේ වැසි ඇති විය හැකි බව මූලස්ථානයට ඒත්තු ගන්වන්න උත්සහ කරනවා . මේ ඔක්කොම අතරවාරෙ තමයි Ha-kyung දැනගන්නෙ තමන්ගෙ පෙම්වතා වන Ki Joon තමන්ගෙ ආයතනයේම වැඩකරන Che Yu-Jin එක්කත් සම්බන්ධයක් තියෙනව කියල.

මාස දෙකකට පසුව, Ha-kyung එයාගෙ කලින් බොස්ගෙ ඉල්ලා අස්වීම නිසා ප්‍රමෝශන් එකක් ලබනවා. ෂිShi-Wooo එයාගෙ දක්ශතා නිසාම Headquarters වලට Promote වෙලා එනවා. මේ වෙද්දි Yu-Jin සහ Ki Joon කසාද බැඳල.  Ha-kyung, Shi-woo සහ අනෙකුත් KMA කාලගුණ විද්‍යාඥයින්, වසන්ත සමය මැදදිත් කොරියානු අර්ධද්වීපය ශීතල වෙන්න හේතුව හඳුනාගන්න උත්සහ කරනවා . Ha-kyung සහ Ki-joon ඒ දෙන්න සල්ලි දිල ගත්ත අපාට්මන්ට් එක තමන්ගෙ බ්‍රේක් අප් එකෙන් පස්සෙ අයිතිවෙන්නෙ කාටද කියල රන්ඩු වෙනව . මේ රණ්ඩුව නිසා හිත රිද්දිච්ච Ha Kyung, Shi-Woo එක්ක බොන්න යනවා. එතනදි දෙන්නට දෙන්න අඳුරගන්නව තමන්ව අතෑරපු තමන්ගෙ කලින් බෝයි ෆ්‍රෙන්ඩ් සහ ගර්ල් ෆ්‍රෙන්ඩ් තමයි මේ Ki Joon සහ Yu – Jin කියන්නෙත් දැන් බැඳල ඉන්නෙත් ඒ දෙන්න බව.

බිව්වට පස්සෙ අවසිහියට යන Ha-Kyung සහ  Shi-Woo පස්සෙන්ද උදේ නැගිටින්නෙ Ha-Kyung ගෙ අපාට්මන්ට් එකේ එයාගෙ ඇඳ උඩදි. දන්නවනෙ ඉතින් මොකද වෙන්නැත්තෙ කියල.

හැබැයි මේ දෙන්න මෙතනදි කතා වෙනවා “අපි මේක මෙතනින් අමතක කරල, ඉස්සර වගේම ඉන්නව” කියල.

ඉතින් ආදරේ හෙමින් හෙමින් වැස්සක් වෙලා වැටෙන්න පටන් ගනිද්දි රස්සාව ඇතුලෙ වගේම පරණ පෙම්වතුන් නිසාත් මෙයාලට නොසෑහෙන ප්‍රශ්න කරදර හිත් අමනාපකම් වලට මූන දෙන්න වෙනවා.

ඒත් ජීවිතේ ඒ විදියට ගෙවෙනවා.

Ha Kyung සහ Shi Woo දෙන්නම ටික ටික අඳුරගන්නව තමන් එකිනෙකාට ආදරේ කරන බව. ඒත් එකට රාජකාරිය කරන අතරවාරෙම තමන්ට වඩා ලාබාල තමන් යටතෙ වැඩ කරන සේවකයෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්න එක තමන්ට ප්‍රශ්නයක් සහ අවතක්සේරුවක් වෙන්න පුලුවන් කියල හිතන Ha Kyung ඒ ආදරේට එලියට එන්න ඉඩ දෙන්නෙ නෑ.

මේ දෙන්නගෙ කතාව මෙහෙම යද්දි පැත්තකින් පෙන්නනව තමන්ගෙ පෙම්වතුන්ව රවට්ටල හොරෙන් සම්බන්ධයක් අරගෙන ගිහින් කසාද බැන්ද Ki-Joon සහ Yu-Jin අතර අපි හිතන විදියෙ සුන්දර විවාහයක් නැති බව. Yu-Jin කවදාවත් තමන්ගෙ සැමියට කියන්නෙ නෑ තමන්ට කලින් පෙම්වතෙක් ඉඳිය බව සහ ඒ පෙම්වතා එක්ක තමන් එකට ජීවත් උන බව. එයා කියන්නෙ තමන් ඒ පෙම්වතා එක්ක කතා කරල විතරයි තියෙන්නෙ වගේ.  ඒත් බොරුවක් හැමදාම හංගගෙන ඉන්න බෑනෙ. ඒ විදියට තමයි Ki-Joonදැනගන්නෙ තමන්ගෙ බිරිඳ තමන්ව රවට්ටල බවත්, තමන්ගෙ බිරිඳගෙ පරණ පෙම්වතා තමයි තමන්ගෙ පරණ පෙම්වතී එක්ක දැන් ඉන්නෙ කියල.

කොච්චර උනත් Ha-Kyung කියන්නෙ හරිම සපෝටිව් ගෑණියෙක් කියන ඇත්ත හිතෙන් අමතක කරන්න Ki-Joon ට අමාරුයි. එයා තමන්ට උදව් කරපු හැටි, රස්සාවෙන් උඩට එන්න උදව් කල හැටි වගේම තමන්ගෙ බිරිඳ වගේ මෙලෝ වැඩක් තනියම කරගන්න බැරි කෙනෙක් ලඟදි Ha-Kyung කොච්චර හයිය ගෑණියෙක්ද කියන එක Ki – Joon ට අමතක කරන්න අමාරුයි.

ඒත් ආයෙමත් තමන්ට එකතු වෙන්න බැරි බව එයා දන්නවා.

මේ විදියට ඒ දෙන්නගෙ ජීවිත අස්සට ප්‍රශ්න ආවට බිඳිච්ච හිතක් තියෙන Ha-Kyung ගෙ ජීවිතේට මල් වැස්සක් වගේ වැටෙන්න Shi-Woo ට පුලුවන් වෙනව. Ha-Kyung කියන්නෙ තමන්ගෙ බොස් උනත්, තමන්ට වඩා අවුරුදු කීපයකින් වැඩිමල් උනත් Shi-Woo ගෙ ආදරේ අපි හැමෝවම පිස්සු වට්ටන විදියෙ ආදරයක් කියල ඉතින් කියන්නම ඕන.

කොරියන් කතා ගොඩක් අය බලන්න ආස නෑනෙ. අපි හිතනවනෙ මේ කොරියන් කතා තියෙන්නෙ පොඩි හුරුබුහුටි කෙල්ලො කොල්ලන්ට බලන්න කියල. ඒ උනාට හැම කොරියන් කතාවම එහෙම නෑ. Forecasting Love and Weather කියන්නෙ ඕනම කෙනෙක්ට බලන්න ආස හිතෙන සුන්දර ආදරයක් ගැන අනාවැකි කියන හරි අපූරු කතාවක් කියල කියන්නම ඕන.

ඉතින් Forecasting Love and Weather Netflix ඔස්සේ ඔයාලට බලන්න පුලුවන්.

වැඩ ඇරිල ගෙදර ඇවිත් කෑම කාලා, ඇඟ පත හෝදගෙන සැහැල්ලු ඇඳුමක් දාන් මේ ලස්සන ආදර කතාව බලන්න!

ඔයාටත් ආස හිතෙයි!

Related Articles

Don't Miss


Latest Articles