තෙල් නැතිව කෑම පිළියෙල කර ගතහැකි Air Fryer නිවැරදිව පාවිච්චි කරන්නේ මෙහෙමයි.

Air fryer එක අපේ වැඩකටයුතු බොහොම පහසු කරන උපකරණයක්.එමඟින් ඔබට තෙල් ස්වල්පයක් භාවිතා කරලා සෞඛ්‍යාරක්ෂිතව ආහාර ෆ්‍රයි කරගන්න පුලුවන්.ඒ විතරක් නෙවෙයි විවිධ කෑම වර්ග හදා ගන්නත් පුලුවන්.

මොනවද එයාර් ෆ්‍රයර් එකේ ප්‍රයෝජන?

  • මෙය සාමාන්‍ය අවන් එකක්, ලිපකට වඩා අඩු ශක්තියක් භාවිතා කරන උපකරණයක්.අවන් එකේ ෆ්‍රයි කරන, ගැඹුරු තෙලේ වැඩි ගින්දරේ බැද ගැනීමට ලක් වන ආහාරවලට වඩා කැලරි අඩු ආහාර සකසන්න එයා ෆ්‍රයර් එකට පුලුවන්.
  • ඊට අමතරව කාලයත් ඉතුරු කරනවා.
  • එයා ෆ්‍රයර් එකෙන් ආහාර පිසිද්දී ඒවාගේ මේද ප්‍රමාණය බොහෝ අඩු වෙනවා.
  • ගැඹුරු තෙලේ බදිමින් සකසා ගත යුතු බොහෝ ආහාර ඉතා ඉක්මනින්ම එයාර් ෆ්‍රයර් එකෙන් සාදා ගන්න පුලුවන්.

එයාර් ෆ්‍රයර් එකෙන් සැකසිය හැකි ආහාර.

  • බේක් කළ මස් වර්ග
  • බ්‍රවුනීස්
  • ඩෝනට්ස්
  • සීසන් කරන කඩල
  • බේක් කළ එළවළු සහ පළතුරු සහ අල
  • බනානා බ්‍රෙඩ්
  • පොප් කෝන්

මේ කිහිපයක් පමණයි. අන්තර්ජාලයේ ඇති විවිධ රෙසිපි වර්ග ගණනාවක් ඔබට එයාර් ෆ්‍රයර් එකෙන් සාදා ගන්න පුලුවන්

Air fryer එක පිරිසිදු කර ගන්න එක අපි මේ විදියට කරලා බලමු.

ඔබ මේ දේවල් ගැන අවධානය යොමු කළ යුතුමයි.

  1. කම්බි දැල් ආදියෙන් සැකසූ පිරිසිදු කිරීම් උපකරණ යොදා ගන්න එපා. ස්පොන්ජ් එකක් යොදා ගන්න.නැත්නම් ස්ටීල් වයර් බ්‍රෂ් එකකින් ඉතිරිව ඇති කෑම ඉවත් කර ගන්න.නැත්නම් එහි නන්ස්ටික් කොටසට හානි සිදුවෙනවා.
  2. ඒ වගේම උපකරණය කෙලින්ම ජලයේ බහාලන්න එපා. මෙය විදුලි උපකරණයක් නිසා පරිපථ වලට හානි සිදු වේවි.
  3. එයා ෆ්‍රයර් එකෙන් දුඟදක් හමනවා නම් සේදීමට පෙර එහි බාස්කට් එකට දෙහි බෑයක් බහා පැය බාගයක් පමණ තබන්න.

Air Fryer එක පිරිසිදු කළ යුතු කොපමණ කාලයකට සැරයක් ද?

ඔබ මෙය පාවිච්චි කිරීමෙන් පසු අනිවාර්යයෙන් එය පිරිසිදු කරන්න ඕනෑ.සබන් හෝ ඩිෂ් වොෂර් එකක් සහ උණුසුම් ජලය මේ සඳහා යොදා ගන්න.මෙහි ඇතුළ තෙත රෙදි කඩකින් පිස දමා ඉක්මනින් වේලා ගන්න.ඒ වගේම පිරිසිදු කිරීමෙන් පසු එහි ක්‍රියාකාරිත්වය යහපත් දැයි හොඳින් පරීක්ෂාවක් නොකර නැවත පාවිච්චියට ගන්න එපා.

අමතක නොකළ යුතු දේ තමයි මීට අමතරව එයා ෆ්‍රයර් එකක් සතියකට වතාවක් වත් ගැඹුරු පිරිසිදු කිරීමකට ලක් කරන්න ඕනා.

Deep Clean එකක් හරි විදියට කරන්නේ කොහොමද?

අවශ්‍ය දේවල්

  • තෙත් රෙදි කඩක් හෝ ස්පොන්ජ් කැබැල්ලක්
  • ඩිෂ් වොෂර් එකක්
  • බේකින් සෝඩා
  • කුඩා බ්‍රෂ් එකක්
  • වියළි පිරිසිදු රෙදි කඩක්

පිරිසිදු කර ගැනීමේ පියවර

  1. එයා ෆ්‍රයර් එක විදුලි විසන්ධි කර පැය භාගයක් සිසිල් කර ගන්න.
  2. එහි භාජන ඉවත් කර සබන් වතුරින් සෝදා ගන්න.
  3. ආහාර කැබලි කරවී බැඳී ඇත්නම් භාජනය සබන් වතුරේ හොඳින් පොඟවාගෙන ස්පොන්ජ් කැබැල්ලකින් මෘදුව පිරිමදිමින් ඉවත් කර ගන්න.
  4. එසේ ඉවත් වන්නේත් නැතිනම් බේකින් සෝඩා සහ ජලය තවරා මඳ වෙලාවක් තබා බුරුසුවෙන් අතුල්ලන්න
  5. ඇතුළත ද තෙත් රෙදි කඩකින් පිස ගන්න.
  6. උපකරණය Upside down කරමින් එහි electric element එක පිස ගන්න.
  7. නැවත සවි කරන්න පෙර හොඳින් වියළා ගන්න.

එයාර් ෆ්‍රයර් එක සැලකිලිමත් ලෙස භාවිතා කරනවා නම් බොහෝ කලක් ඔබට උදව්දිය හැකි හොඳ මිතුරෙක් වනවාට සැක නෑ.

Related Articles

Don't Miss


Latest Articles