ශීතකරණයේ ඇති ආහාර නැවුම් ලෙස තබා ගන්නා ක්‍රම හතක්

ආහාර නාස්තිය බොහෝ නිවෙස් වලට ඇති ප්‍රධාන ගැටලුවක්.ශීතකරණයේ තැබීම මෙයට සරල විසඳුමයි. නමුත් එහි තබන ආහාර පවා ඇතැම් විට තද ශීතල නිසා භාවිතයට ගැනීම අපහසු වෙන අවස්තා තිබෙනවා. මේ ආහාර නාස්තිය වළක්වා ගන්න ඔබට කළ හැකි smart tips බොහොමයි.

  1. zip lock බෑග් භාවිතා කිරීම. – මස් මාලු ආදිය අධි ශීතකරණයේ බහාලු විට අධික සීතල නිසා භාවිතයේ අපහසුතා ඇති කරනවා.එය වළක්වා ගන්න zip lock බෑග් භාවිතා කරන්න ඔබට හැකියි. සුපිරි වෙළඳසැල් වලින් මේ බෑග් ලබා ගන්න පුලුවන්. කපා ගත් මස් මාලු බෑගයට දමන්න. සිප් එකේ කුඩා සිදුරක් ඉතිරි වන්නට වසා බෑගය ජල බඳුනකට ඇතුළු කරන්න. (සිප් එක බඳුනෙන් පිටත ඉතිරි වෙන සේ) බෑගයේ වාතය ඉවත් කරමින් සම්පූර්ණයෙන් සිප් එක වසන්න. ඔබට දින කිහිපයකට පසුත් නැවුම් මස් මාලු ආහාරයට ගන්නට පුලුවන්.
  2. විනාකිරි වතුරෙන් සේදීම – එලවලු පළතුරු ශීතකරණයේ තැබූ විට වේලී යාම සුලබ දෙයක්. ඒවා විනාකිරි මිශ්‍ර වතුරෙන් සෝදා ශීතකරණයේ තැන්පත් කරන්න . දින කිහිපයක් ගියත් නැවුම් එළවළු පළතුරු ආහාරයට ගන්නට ඔබට හැකියි.
  3. පාන් කල් තබා ගැනීම – පෙති කැපූ පාන් දවසක් ඉක්මවන විට පුස් ඇල්ලීම්, වියළීම්වලට ලක් වෙනවා. සැල්දිරි කොළයක් පාන් කවරයේ තැන්පත් කරන්න. සතියක් ඉක්මවූවත් නැවුම් පාන් ආහාරයට ගන්න ඔබට හැකියි.
  4. බිස්කට් මෘදු හා නැවුම් කිරීම- බිස්කට් භාජනයේ ඇති බිස්කට් හා කුකීස් ටික දවසකට පසු නැවුම් ගතියෙන් තොර වෙන්න පුලුවන්. බිස්කට් බඳුනට පාන් පෙත්තක් දමන්න. මෘදු හා නැවුම් බිස්කට් ඔබට ආහාරයට ලැබේවි.
  5. දියර කිරි නරක් වීම වැළකීම- දියර කිරි ශීතකරණයේ තැන්පත් කිරීමට පෙර බෝතලයට මේස ලුණු ස්වල්පයක් එකතු කර හොඳින් සොලවන්න. ඉන්පසු ශීතකරණයට දමන්න.
  6. කෙසෙල් ඉක්මනින් නරක්වීම වැළක්වීම – කෙසෙල් ඇවරිය වටා පොලිතීන් කවරයක් ගැට ගසන්න. එය සතියකටත් වඩා නැවුම්ව තබා ගන්න පුලුවන්.
  7. කොළ වර්ග නරක් වීම වැලකීම- කොළ වර්ග කිචන් ටවල් එකකින් ආවරණය කර බඳුන් ගත කර ශීතකරණයේ තබන්න. දින ගණනක් නැවුම් ලෙස පවතිනවා.

 

Zip lock බෑග්

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles