මැටි වළඳක් හරියට පදම් කරන්නේ කොහොමද ?

කාන්තා ඔබට කුස්සියේදි වැදගත් වන කාරණයක් පිළිබඳවයි අද අපි කතාකරන්නෙ.ඒ තමයි වෙළඳපොලෙන් ගන්න මැටි හට්ටි, මැටි මුට්ටි දීර්ඝකාලයක් පාවිච්චි කරන්න පුලුවන් විදියට season කරගන්නෙ එහෙම  නැත්නම් පදම් කරගන්නෙ කොහොමද කියන එක.

මැටි වළඳක් ආහාර පිසීමට භාවිතා කිරීමේ තියෙන වාසි මොනවාද?  

සෞඛ්‍යමය වශයෙන් හිතකරයි

අපි ඇලුමිනියම් භාජන පහසුවට ආහාර පිසීමට භාවිතා කළත් ඇත්තටම ඒවා ශරීරයට අහිතකර වෙන්නත් පුලුවන් වගේම ඒවායින් පිළිකා හැදෙන්න තියෙන අවස්ථාවත් වැඩියි.නමුත් මැටි වළදක් පාවිච්චි කරන කෙනෙකුටනම් මෙවැනි අවදානමක් නැහැ.  

ආහාර රසවත් වීම

මැටි වළදක උයන කෑම හරිම රසවත්.ඒක  අපි හැමෝම අත්දැකීමෙන්ම දන්න දෙයක්.

ආහාර ඉක්මනින් නරක් වන්නේ නැහැ

ඇලුමිනියම් භාජන වල පිසින ආහාර වලට සාපේක්ෂව මැටි වළන්වල පිසින කෑම ඉක්මනින්  පිළුනු වෙන්නෙත් නැහැ.

මැටි වළඳක් හරියට  පදම් කරගන්නෙ කොහොමද ?

1 පියවර  


මුලින්ම වළඳ  පිරිසිදු වතුරෙන් හොදින්  සෝදන්න ඕන.

2 පියවර  

සේදුව වළඳ පැයක් විතර වතුර භාජනයක  දාලා හොදින්  පෙගෙන්න තියන්න ඕන.

3 පියවර

පොඟවාගත් වළඳ හොඳින් පිසදමා ඒකට තෙල් ටිකක් දාගෙන වළඳේ  උඩු මෙන්ම අඩිය පැත්තේ එම තෙල් හොඳින් ගාගන්න

 4 පියවර  

තෙල් ටික මැටි වළඳට උරා ගත්තට පස්සෙ හොඳින් ගින්දරට අල්ලා රත් කරගන්න.

ඔබත් සෞඛ්‍යාරක්ෂිතව  රසවත්ව  ආහාර පිස ගැනීමට කැමති අයෙක් නම් මේ ක්‍රමයට පදම් කළ  මැටි වළන්  භාවිතා කිරීම ඔබට වඩාත් කදිම විසදුමක් වෙවී.

Related Articles

Don't Miss


Latest Articles