ගෙවත්තේ සුන්දරත්වය වැඩි කරන උඩවැඩියා

කාන්තාවන්ව නිතරම උපමා කරන්නේ මල් වලට. ඉතින් ඒ වගේම මල් වලට වඩාත්ම කැමතිත් කාන්තාවෝ. ඉතින් මල් අතින් හැඩවෙන මල් පිරුණු ගෙවත්තක සිරියාව ගැන අප ඔබට කියා දිය යුතු නැහැ නේද? ඉතින් මල් අතරිනුත් ඉතාමත්ම සුන්දර මල් වර්ගයක් වන උඩවැඩියා මල් වලින් ඔබේ ගෙවත්ත අලංකාර කර ගැනීමට මග පෙන්වීමක් කරන්නයි අපේ මේ සූදානම….

  • ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ගැළපෙන උඩවැඩියා වර්ග තියෙනවා.
  • ඒවා අතරින් තම ප්‍රදේශයට ගැළපෙන උඩවැඩියා වර්ග තෝරා ගන්න.
  • මෙරට උඩවැඩියා හොඳින්ම වැවෙන ප්‍රදේශය ලෙස හඳුනාගෙන ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 1500 ක් දක්වාවූ තෙත් කලාපීය ප්‍රදේශයයි. මෙහි පවතින මල් වර්ණවත්ය. කල් පැවැත්ම, මලේ විශාලත්වය අනෙක් ප්‍රදේශ වලට වඩා වැඩි වේ.
  • අවශ්‍ය ආලෝක තත්වය, ජල වාෂ්ප ප්‍රමාණය, මල් වර්ගයෙන් වර්ගයට වෙනස් වේ.
  • තෙත් කලාප වලදී ඩෙන්ඩ්රෝබියම්, කැට්ලියා, වැනි ශාක සඳහා 50% ක සෙවණක්ද, වැන්ඩා, ඔන්සිඩියම් ශාක සඳහා 40% ක ආලෝකයක්ද, පැලනොප්සිස් වැනි ශාක සඳහා 30% ක ආලෝකයක්ද ප්‍රමාණවත් වෙනවා.
  • වියළි කලාප ප්‍රදේශ වලදී ඩෙන්ඩ්රෝබියම්, කැට්ලියා වැනි ශාක සඳහා 60% ක සෙවණක් ද, වැන්ඩා, ඔන්සිඩියම් ශාක සඳහා 30% ක සෙවණක් ද යෝග්‍ය වේ.
  • තෙතමනය අඩු ප්‍රදේශවලදී අවට පරිසරය තෙතමනය වැඩි කිරීම මගින් 60%-70% අතර ජල වාෂ්ප ප්‍රතිශතයක්  ලබා දීමට වග බලා ගත යුතු වේ. 

    – චම්මි –

Related Articles

Don't Miss


Latest Articles