උණුසුම් වැඩි මේ කාලෙ AC / Fan නැතුව රස්නෙ අඩු කර ගන්න පුලුවන් ක්‍රම

මේ දිනවල විදුලි බලය නැති වීම නිසා වායු සමීකරන සහ විදුලි පංකා අපිට අවශ්‍ය අන්දමින් ක්‍රියා කරවීමට අවස්ථාව නොලැබෙන තරම්.එවැනි මොහොතකදී පවතින දැඩි උණුසුම අපට විශාල හිරිහැරයක් වන්නට පුළුවන්.ඒ විතරක් නෙමෙයි මේ දිනවල ඇති අධික වියදම් නිසා විදුලි බිල පාලනයටත් වායු සමීකරණ යන්ත්‍ර නිතර්ම භාවිතා නොකිරීම වැදගත් වෙනවා.අපි අද ඔබට කියන්නේ වායුසමීකරණය නොමැතිව දහඩියෙන් සහ උණුසුමෙන් ආරක්ෂා වන අන්දමයි.

1.තෙත ලේන්සුවක් ගෙල වටා දවටා ගැනීම 

සීතල වතුරින් පොගවා ගත් ලේන්සුවක් හෝ කැබැල්ලක්  ගෙල වටා දවටා ගැනීමෙන් ඔබට උණුසුමෙන් ආරක්ෂා වීමට පුළුවන්.රෙදි කැබැල්ලේ සීතල නැති වී යන විට එය නැවත නැවත තෙත් කරගන්නට අමතක කරන්නටත් එපා.

2.මැණික් කටුවට සීතල වතුර කරගැනීම 

ඔබේ නාඩි මට්ටම මැනෙන්නේ මැණික් කටුවෙන්.දැඩි උණුසුමක් පවතින විට මැණික් කටුවට සීතල වතුර වත්කර ගන්න.එය ඔබේ සිරුරේ උණුසුම පාලනයට හේතුවක් වේවි

3.හිසකෙස් තෙමා ගැනීම.

දැඩි උණුසුම පවතින වේලාවට ඔබේ හිස වතුර කරාමයකට අල්ලා සිටීමෙන් ඔබට සිරුරේ ඇති දැඩි උණුසුම පාලනය කර ගන්නට පුළුවන්.නමුත් මෙය එතරම් ප්‍රායෝගික ක්‍රමයක් නම් නොවේ.නිවසේ සිටින වෙලාවට මෙය කරන්නට පුළුවන්.

4.සීතල වතුර සිරුර ට ස්ප්‍රේ කර ගැනීම

භාවිතයෙන් ඉවත් කළ විලවුන් බෝතලයකට සීතල වතුර දමා දැඩි උණුසුමක් දැනෙන වෙලාවට එය සිරුරට spray කරගන්න.එය ඔබට සිරුර සිසිල්ව තබා ගැනීමට හොඳ උපක්‍රමයක්.

  1. සරල වායු සමීකරණ යන්ත්‍රයක් සකසා ගැනීම

ලෝහ බඳුනකට අයිස් කැට දමා එය විදුලි පංකාවක් ඉදිරියෙහි තබන්න.මෙහි වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගැනීමට නම් ඔබ බඳුනක් හෝ වීදුරු බඳුනක් පාවිච්චි කළ යුතුයි.පාස්ටික් බඳුනකින් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.

6.හොඳින් ස්නානය කිරීම 

උණුසුම් වෙලාවකට මෙය ඉතාම හොඳ ප්‍රතිකර්මයක්.ඔබට හැකිනම් පිහිනීමට යන්නටත් පුළුවන්.එසේ නැතිනම් ෂවර් එක යට සෑහෙන වෙලාවක් රැඳී සිටිමින් හොඳින් ස්නානය කරන්න.දැඩි උණුසුම් දවසකට නින්දට පෙර ස්නානය කිරීමෙන් ඔබේ සිරුරේ උණුසුම අඩු  කරගන්නට පුළුවන්.

7.ජනෙල් විවර කර තැබීම

ඔබ නින්දට යන තුරු නිවසේ ජනේල විවර කර තැබීමෙන් ද නිවසේ ඇති අධික උණුසුම පහව යනු ලබනවා.නමුත් කිසිම අවස්ථාවක රාත්‍රී නින්දට ගොස් ජනෙල් විවරව තබන්නට එපා.එය ඔබේ ආරක්ෂාවට තර්ජනයක් වන්නට පුළුවන්.

  1. උණුසුම් නොවන ඇඳ ඇතිරිලි යොදන්න

දැඩි උණුසුමෙන් යුතු බ්ලැන්කට් ආදිය ඉවත්කර කොට්න් රෙදි වලින් කළ ඇඳ ඇතිරිලි යෙදීම සුදුසුයි.flannel හෝ polyester රෙදි අධික උණුසුම ඇති කාලයට ගැලපෙන්නේ නැහැ.ඔබේ මෙට්ටය බිම තබා ගැනීමද උණුසුමෙන් ආරක්ෂා වීමට හොඳ පිළියමක් 

9.ළා පැහැති සැහැල්ලු ඇඳුම් අඳින්න.

තද වර්ණයෙන් යුතු ඇඳුම් හෝ සිරුරට තද වූ ඇඳුම් අඳින්නට එපා.කොට්න් හෝ ලිනන් රෙදි වලින් සැකසූ ඇඳුම් අඳින්න.ලා දම්,ලා නිල්,ලා කොළ,සුදු පැහැයන්ගෙන් යුතු ඇඳුම් උණුසුම් කාලයට ගැලපෙනවා.පාද වලට තද වූ සපත්තු වෙනුවට සැහැල්ලු සෙරෙප්පු පාවිච්චි කරන්න

10.හොඳින් වතුර බොන්න

උණුසුමෙන් පීඩා විඳින විට නිතරම ජලය පානය කළ යුතුයි.ඒ ඔබේ සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලටද ඉතාම වැදගත්.ඇල්කොහොල් වර්ග භාවිතයෙන් වළකින්න.එතන පාන වර්ග පාවිච්චි කිරීමේ වරදක් නැහැ.popsicle සහ ස්මූති වර්ග,අයිස් ක්‍රීම් ආදිය ඔබේ සිරුරේ උණුසුම යාමනයට උදව් කරනවා.කොමඩු වැනි පළතුරු වර්ග ද අධික උණුසුම් දිනයකට කදිමයි.

මේ පහසු ක්‍රම අධික උණුසුමෙන් ආරක්ෂා වන්නට ඔබට උදව් වේවි 

Related Articles

Don't Miss


Latest Articles