වෙළඳපොලේ ඇති විවිධ cookwares වල වාසි සහ අවාසි

ඉවුම් පිහුම් කියන්නෙ අපි නිතර කතාබහ කරන අපේ ජීවිතේට ගොඩක් සමීප කාරණාවක්. 

ඉවුම් පිහුම් වලදී කෑමබීම වලට වගේම කෑම පිසින්න අපි යොදාගන්න භාජන හා උපකරණ (cooking wares) වලටත් ලොකු වැදගත්කමක් හිමිවෙනව. ඒ නිසාමයි cooking wares මිලදී ගැනීමේදී ඔබ විශේෂයෙන් සැලකිලිමත් වියයුතු කරුණු ගැන දැනුම ඔබත් එක්ක බෙදාගන්න අපි තීරණය කරේ. 

මේ කරුණු වල ඇති වැදගත්කම නිසාම මේ ලිපිය කොටස් කීපයකින් ඔබට ගෙන එන්න අපි හිතුව. මේ එහි පළවෙනි කොටසයි. 

ඔබේ පසුම්බියට ගැළපෙන ප්‍රමිතිගත නිෂ්පාදන

ඉහළ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් නම් එහි මිල අධික විය යුතුයැයි සමහරු විශ්වාස කරනවා. මෙහිදී ඔබ වඩාත් සැළකිලිමත් විය යුත්තේ ලොව සුප්‍රසිද්ධ වෙළඳ නාම වලින් ඉහළ මිල ගණන් යටතේ ව්‍යාජ නිෂ්පාදන අලෙවි වන නිසයි. 

නමුත් ඉතාම සහනදායී මිලකටත් තත්වයෙන් උසස් cooking wares වෙළදපොලේ දකින්න ලැබෙනවා. 

මේ කාරණා නිසා ඔබේ අතේ ඇති මුදලට ගැළපෙන හොඳ ප්‍රමිතියෙන් යුතු cooking wares කීපයක් ගැන ඉඟියක් ලබා දෙන්නයි මේ සූදානම. 

Cast Iron cookware 

වාසි 

තෙල් රහිතව හෝ ඉතාම අඩුවෙන් ආහාර පිස ගැනීමට cast iron cookware ඔබට උදව් වෙනව. 

මේ භාජන වලින් ආහාර පිසීමේදී ආහාර පිළිස්සීමක් හෝ කලුපැහැ වීමක් සිදුනොවීමත් විශේෂයෙන් සඳහන් කල යුතුම ලක්ෂණයක්.

හොඳින් පදම් කරන ලද cast iron cookware වල තත්වය භාජනයේ වයසත් සමඟම ඉහළ යනව වගේම ශක්තිමත් බව නිසා දීර්ඝ කාලයක් භාවිත කරන්න පුළුවන් වීමත් කැපීපෙනෙන වාසියක් වෙනව. 

මිලෙන් ඉතාම අඩු මේ භාජන දර ලිප්, ගෑස් ලිප් වගේම oven වලත් ගැටළුවක් නැතුවම පාවිච්චි කරන්න ඔබට පුළුවන්.  

Nonstick භාජන වෙනුවට පාවිච්චි කර හැකි රසායනික ද්‍රව්‍ය වලින් තොර භාජන වර්ගයක් නිසා සෞඛ්‍යාරක්ෂිත බව ගැන ගැටළුවක් ඇතිවෙන්නෙත් නෑ. 

මේ භාජන මිලදී ගනීමට කලින් ඔබ දැනුවත් වී සිටිය යුතු කාරණා කීපයක් තියෙනවා.

Cast iron cookware බරෙන් වැඩියි. ඒ වගේම සබන් යොදා පිරිසිදු කිරීම යම් තරමක් අපහසු වීම නිසා ඔබට ඒ සඳහා විකල්පයක් අවශ්‍ය වෙනව.  නිවැරැදි ලෙස භාවිත නොකිරීමෙන් මෙම භාජන වල මළකඩ බැඳීම සිදුවීමත් දැකගන්න පුළුවන්. 

Clay cookware 

Here's why cooking in clay pots is making a comeback | Kolkata News - Times  of India

වාසි 

ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු නැති නිසා සෞඛ්‍යාරක්ෂිත බවෙන් ඉහළයි.  clay cookware ඉතාම සහනදායී මිළ ගණන් වලට ඔබේ ගමේ කඩේන් වගේම සුපිරි වෙළඳසැල් වලනුත් මිලදී ගන්න පුළුවන්. 

අද වන විට දර ලිපේ වගේම ගෑස් ලිප් වල හා oven වල පාවිච්චියටත් ගැළපෙන  clay cookware අපිට වෙළඳපොලේ දකින්න ලැබෙනව. 

සෙමින් රත්වීම සිදුවන නිසා ආහාර පිලිස්සීමට ඇති ඉඩකඩ ඉතා අඩු අතර මිලෙන් අඩුවීමත් මෙම භාජන සඳහා  විශේෂ උපකරණ අවශ්‍ය නොවීමත් ඔබට ඉතා වාසිදායක බව නොඅනුමානයි.

නමුත්, අලුත් මැටි භාජන පාවිච්චියට පෙර පදම් කිරීම අනිවාර්‍යයි. ඒ වගේම සමහර අවස්ථා වලදී මැටි භාජන පිරිසිදු කිරීමට  සබන් පමණක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ. 

රත්වීමට වැඩි කාලයක් ගතවීම නිසා මැටි භාජන වල ආහාර පිසගැනීමට ගතවෙන කාලය වැඩියි. 

ඔබ හොඳ තත්වයේ මැටි භාජනයක් තෝරාගැනීම අනිවාර්‍ය වෙන්නෙ එහෙම නොවුනොත් රත්වීමේදී මැටි භාජන පුපුරා යාමේ අවධානමක් තියෙන නිසයි. 

Enamel Nonstick cookware 

වාසි 

Clay cookware වලට හා cast iron cookware වලට වඩා තරමක් මිලෙන් ඉහළ වුනත් enamel nonstick cookware කියන්නෙත් වැඩි කාලයක් භාවිතයට ගන්න පුළුවන් භාජන වර්ගයක්.

බරින් අඩුවීම නිසා පාවිච්චිය පහසුවෙනවා වගේම අහිතකර රසායනික ප්‍රතික්‍රියා සිදු නොවීම නිසා සෞඛ්‍යාරක්ෂිත බවෙන්ද ඉහළයි. 

හොඳ තත්වයේ enamel nonstick cookware ෆැරන්හයිට් 350 දක්වා උෂ්ණත්වයක් දරාගැනීම නිසා oven තුල පාවිච්චි කරන්නත් පුළුවන්. 

Enamel nonstick cookware පාවිච්චියේදී ඔබේ අවධානය යොමු කළ යුතුම කාරණාවක් තමයි මේ භාජන වල සීරීමක් ඇති වුනොත් පොතු ගැලවීයාමේ ඉඩකඩක් පවතීම. 

ඒ නිසා මළකඩ බැඳීම වගේම ආහාර සමඟ රසායනික ප්‍රතික්‍රියා ඇතිවීමේ අවදානමත් තියෙනව. 

එනැමල් භාජන ඉක්මණින් රත්වීම  හා සිසිල් වීම සිදුවන නිසා ආහාර ඉක්මනින් පිළිස්සීමත්, පිසගත් ආහාර ඉක්මනින් සිසිල් වීමත් දක්නට ලැබෙනවා. 

Stainless Steel cookware 

Amazon.com: T-fal Ultimate Stainless Steel and Copper Cookware Set 13 PIece Induction Pots and Pans, Dishwasher Safe Silver: Home & Kitchen

වාසි

කලින් කතා කරපු cookware වර්ග තුනටම වඩා stainless steel cookware මිලෙන් තරමක් ඉහල බව ඔබ දන්නවා ඇති. 

නමුත් මිළ තරමක් වැඩි වුනත් දිගු කාලයක් පාවිච්චි කල හැකි සෞඛ්‍යාරක්ෂිත බවෙන් ඉහළ නිෂ්පාදනයක් විදිහට stainless steel cookware හඳුන්වන්න පුළුවන්.  

ආම්ලික ආහාර සමඟ ප්‍රතික්‍රියා නොකරනව වගේම හොඳ තත්වයේ stainless steel cookware අවුරුදු 25 ක් වුනත් භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. 

මෙම භාජන වල මතුපිට ස්ථරය මඟින් භාජන මළ බැඳීමෙන් ආරක්ෂා කිරීම සිදු කරනව වගේම පිරිසිදු කිරීමත් පහසු කරනව.

නමුත් අද වෙළඳපොලේ බොහෝ විට දකින්න ලබෙන්නෙ තත්වයෙන් පහල stainless steel cookware වීම ප්‍රධාන ගැටළුවක්. 

ඒවාගේ ආහාර ඇලීමක් සිදුවෙන නිසා ආහාර පිසීමේදී තෙල් එකතු කරගැනීමට ඔබට සිදුවෙනවා. 

ඉතා ඉහළ තත්වයේ stainless steel cookware වල උෂ්ණත්වය පාලනය කිරීම සඳහා භාජනයේ මැදට කොපර් (copper) හෝ ඇළුමිණියම් (aluminum) වලින් සෑදු කොටසක් එකතු කරන නිසා ඒ මඟින් ඉතා සුළු ප්‍රමාණයකින් ආහාරයට නිකල් එකතුවීමත් සිදුවෙනවා.  

Nonstick Ceramic cookware

GreenPan Reserve Ceramic Nonstick 10-Piece Cookware Set Julep CC005356-001  - Best Buy

වාසි 

මිලෙන් වැඩි වුනත් ප්‍රමිතියෙන් ඉහල cooking wares මිලදී ගැනීමට බලාපොත්තු වෙන ඔබට ගැළපෙනම තෝරාගැනීම තමයි nonstick ceramic cookware කියන්නෙ. 

සෞඛ්‍යාරක්ෂිතව ආහාර පිලියෙල කරගැනීමට හොඳම cooking wares ලෙස nonstick ceramic cookware අද ලෝකයේ ජනප්‍රියම තෝරාගැනීම බවට පත්වෙලා තියෙනවා. 

ඒ එහි ශරීරයට විෂ සහිත කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු නොවී තිබීම නිසයි. 

ඊට අමතරව පිරිසිදු කරගැනීමත් ඉතා පහසු වීමත් කැපී පෙනෙන ලක්ෂණයක් වෙනවා.  

Nonstick ceramic cookware වල පොතු ගැලවීම නිසා කල්පැවැත්ම අඩුවීම සහ  ආහාර භාජනයේ ඇලීමට පටන් ගැනීම ප්‍රධාන අවාසි ලෙස හඳුනගන්න පුළුවන්.

මේ භාජන වල ඇති පෝසිලේන් ස්ථරයේ ඉතා සුළු ප්‍රමාණයකින් ලෙඩ් අන්තර්ගත බවටත් ඔබ දැනුවත් වී සිටිය යුතුමයි. 

ප්‍රමිතිගත නිෂ්පාදනයකින් ඔබ බලාපොරොත්තු වෙන හොඳ ප්‍රතිඵල ලබා ගන්න නම් මිලෙන් අඩු හෝ  වැඩි වුනත් මේ සියළුම නිෂ්පාදන මිලදී ගැනීමට පෙර හොඳින් පරීක්ෂා කර බැලීම නම් අනිවාර්‍යයි. 

ඔබේ අතේ ඇති මුදලට මිලදී ගන්න පුළුවන් ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන කීපයක් ගැනයි අපි අද අවධානය යොමුකරේ. 

ඉදිරි ලිපි වලින් තවත් විවිධ වර්ගවල cooking wares ගැන වගේම ඒවා තෝරාගැනීමේදී ඔබ සැළකිලිමත් වියයුතු තවත් කරුණු ගැන ගෙන එන්නයි අපේ බලාපොරොත්තුව.

ආදරෙන් සතුටින් උයන්න ! 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles