දෙහි මේ තරම් ප්‍රයෝජනවත් ද?

දෙහි කියන්නෙ අපට නැතිවම බැරි දෙයක්. එතරම්ම දෙහි අපේ එදිනෙදා ජීවිතය සමග එකතුයි. ඉතින් ආහාර වලට අමතරව දෙහිවලින් ගන්න වැඩ රැසක් ගැන  කියන්නයි මේ  යන්නේ..

  • ඇල්වතුරෙන් තෙමපු පිරිසුදු කපු රෙදි කැබැල්ලකට දෙහි ගෙඩියේ පොත්තේ යුෂ මිරිකාගෙන හිසරදයට පිලියමක් ලෙසට නලලට එලන්න පුලුවනි.හිසරදය ඉක්මනින්ම සුව වෙනවා.ඒ වගේම හිසට දමන ආයුර්වේද තෙල් ටිකකට දෙහි බිoදු කිහිපයක් මුසුකරලා හිස් මුදුනේ ආලේප කර පිරිමදින්න.හිසරදයට ඉක්මන් සහනයක් ලැබෙනවා.
  • දන්තාලේප වලට දෙහි බිoදු දෙකක් මිශ්‍ර කර දත් මදින්න.දත් පිරිසුදු වී දීප්තිමත් වෙනවා.
  • පාචනය හෝ වමනය නිසා ඇතිවන විජලනය වැලැක්වීමට දෙහි මිශ්‍ර වතුරට ග්ලූකෝස් එකතුකර ස්වල්පය බැගින් පානය කරන්න.
  • මුහුණ සෝදනවිට දෙහියුෂ බිoදු කිහිපයක් මිශ්‍ර කල ජලයෙන් ඇස් සේදීමෙන් ඇස් පිරිසුදු වෙනවා.
  • රාත්‍රී නින්දට පෙර මඳ උනුසුම් ජලයට දෙහි ඉස්ම ටිකක් එක්කොට මුහුණ සහ ගෙල පෙදෙස සේදීමෙන් පැහැපත් පෙනුමක් ලැබෙනවා.
  • මත්පැන් පානයෙන් අධිකව මත්වූ අයට දෙහි ගෙඩියක් කපා හිසෙහි හා යටිපතුලෙහි ඇතිල්ලීමෙන් සහනයක් ලැබෙනවා.
  • දෙහි ගෙඩියක ඉස්ම වතුර වීදුරුවකට එක්කොට පානය කිරීමෙන් සිරුරට විටමින් ලැබෙනවා.
  • පිරිසුදුකල නියපොතු මත දෙහි ඉස්ම ආලේප කර නොසෝදා වියලීමට හරින්න.නිය දීප්තිමත් වෙනවා.
  • දෙහි ගැට සහ උලුහාල් එකට තම්බා හිසමත ආලේප කර සෝදා හැරීමෙන් හිසකෙස් පිරිසුදු වෙනවා.ඉස් හොරි සහ උකුණන් වඳවෙනවා.
  • පත්තෑයන්ගේ විසට රත්කිහිරිය දෙහි ඇඹුලෙන් ගලගා ගෑමෙන් ඉදිමුම සහ වේදනාව අඩුවෙනවා.
  • දෙහි ඉස්ම මිශ්‍ර ජලයෙන් මුහුණ සේදීමෙන් කුරුලෑ අඩුවෙනවා.
  • දෙහි ගෙඩි පිටින්ම උණු දියේ තම්බා දවසක් හෝ දෙකක් තද අව්වේ දමා පසුව ගෙඩිය හතරට පලා ලුණු කුඩු තවරා මැටි බඳුනක අසුරා තැබීමෙන් අවශ්‍ය වූ විටෙක පොල් සම්බෝල සඳහා ඇඹුල් රසය ලබාගන්නට පුලුවන්.
  • දෙහි ගෙඩිය කැපීමට කලින් මඳක් රත්කර ගත්විට ඉස්ම වැඩිපුර ගන්න පුලුවන්.ඒත් වැඩි රස්නය සුදුසු වන්නේ නැහැ විටමින් විනාශ වන නිසා.
  • බණ්ඩක්කා පිසින විට දෙහි එකතු කිරීමෙන් සෙවල ගතිය නැතිවෙනවා.
  • දෙහි ගෙඩියේ කොලපාට පොතු වියලා  තේ කොල ආදිය සමග කලවම් කිරීමෙන් පුස් බැදෙන්නේ නැහැ.

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles