අපිළිවෙල නැති ගෙයක් 2021 ට අරන් යන්න Smart tips කිහිපයක්.

ගෙදර අපිළිවෙළ වීම ඔබට තියන ලොකුම ගැටලුව සහ හිසරදය නම් අන්න ඒ අවුල නැතුව 2021 ට යන්න බලමු ද..

වැඩක ඉතිරිය පස්සේ කරන්න කල් දැමීම නිසා ගොඩක් නිවෙස් අපිළිවෙල වෙනවා. අතු ගාගෙන ගිහින් කොස්ස පැත්තකින් තියලා වෙන වැඩක් නොකර, තේ හදපු, බීපු කෝප්ප පස්සේ හෝදන්න ඉතුරු නොකර එක වැඩක් ඉවර කරලා ඉන්න.

ඒ වගේම තමයි නිදන ඇඳ අස් කරන එක..උදේ ඇහැරුණාම පෙරවූ රෙදි නවලා ඇතිරිලි සකසන එක දරුවන්ට වුණත් කරන්න පුලුවන් පහසු දෙයක්.

ඒ වගේ දේවල් හරහා පවුලේ සාමාජිකයන්ට වගකීම් දරන්නට හුරු කරවන්න. වැඩ කරන්න ඕනෑ අම්මා විතරක් නෙවෙයි කියලා බබාලට කියා දෙන්න.

අනිත් කාරණාව සමහර අල්මාරි වල දොර ඇරපු ගමන් රෙදි ගොඩ නාය යනවා වගේ බිමට කඩාගෙන වැටෙනවා. ඒ වගේම තමන්ට අවශ්‍ය ඇඳුම අල්මාරියෙන් හොයා ගන්න පැය භාගයක් විතර යනවා. මේ නිසා අල්මාරියේ පිළිවෙල ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. හැම ඇඳුමක්ම කලවමේ තියන්නේ නැතුව පිළිවෙලට තබන්න. පවුලේ සාමාජිකයන්ගේ ඇඳුම් වෙන වෙනම තබන්න. යට ඇඳුම් එක තැනකත්, ගෙදරට අඳින ඇඳුම් එක තැනකත්, ගමන් අඳින ඇඳුම් තව තැනකත් තබන්න. ඒවා පිලිවෙලින් නමා තබන්න. ඒ වගේම ඔබේ රෙදි කාවුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අල්මාරියේ හැම තට්ටුවකම පොලිතින් වලින් ආවරණය කරපු කපුරු බෝලය බැගින් තැන්පත් කරන්න.

පාපිසි, මල් බඳුන් වගේ දේවල් නිතර පිරිසිදු කරන්න. ඒ වගේම දොර ජනෙල් රෙදි සෝදා ගන්නත් නිවැරදි කාලසටහනක් තියා ගන්න.

මේවා හරිම සුළු දේවල්.

Related Articles

Don't Miss


Latest Articles