තෙල් කුණු බැඳීම නිසා ගෑස් උදුනේ ඇතිවන තද පැල්ලම් පහසුවෙන් ඉවත්කරන ක්‍රම.

තද පැල්ලම් සහිත ගෑස් උඳුනක් මුලුතැන්ගෙයකට ගෙනෙන්නෙ අවලස්සනක්. එවැනි ගෑස් උඳුනක් පහසුවෙන් පිරිසිදු කරගෙන දීප්තිමත් කරගන්න හැටි අපි අද බලමු

ගෑස් උඳුන කියන්නේ මුළුතැන්ගෙයක හදවත වගේ. ඔබේ පවුල අයට රසවත්ව පිරිසිදුව ආහාර සකසලා දෙන්න ඔබට උදවු වෙන ගෑස් උඳුන පිරිසිදුව තබාගැනීම සහ පවත්වාගෙන යාම හුඟක් වැදගත්. ඔබේ ගෑස් උඳුන ස්වභාවික ක්‍රම වලින් පිරිසිදුව සහ දීප්තිමත්ව තබාගන්නේ කොහොමද කියලා දැනගන්න මේ ලිපිය ඔබට ගොඩක් වැදගත් වෙයි !

ගෑස් උඳුනක් අපවිත්‍ර වීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතු ලෙස ආහාර පිසීමේදි තෙල් විසීවීම මඟින් තෙල් පැල්ලම් ඇතිවීම , ආහාර කැබලි වැටි ඒවා පිරිසිදු නොකිරීම මඟින් දීර්ඝකාලීන තද පැල්ලම් ඇතිවීම අපිට හඳුන්වන්න පුලුවන්.

මෙසේ දුර්වර්ණ වී අපවිත්‍ර වූ ගෑස් උඳුනක් අපට මුලින්ම සාමාන්‍ය ආකාරයට පිරිසිදු කරන්න හැකියාව තිබෙනවා.
එනම් ,පිඟන් සෝදන සබන් හෝ සබන් දියර භාවිතා කර ස්පොන්ජ් එකක් ආධාරයෙන් ප්‍රථමයෙන් අපට ගෑස් උඳුන පිරිසිදු කරගන්න පුලුවන් .

මීට අමතරව ගෑස් උඳුනෙහි ඇතිවන තද පැල්ලම් ඉවත් කිරීමට ඇති වෙනත් ක්‍රම මොනවාදැයි අපි විමසා බලමු

බේකිං සෝඩා සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්

  • තද පැල්ලම් ඉවත් කරන ආකරය ගැන ඔබ සොයමින් සිටියා නම් මේ ක්‍රමය උත්සහ කර බලන්නට ඔබට පුලුවන්.
  • මුලින්ම බේකිං සෝඩා සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ස්වල්පයක් පැල්ලම් ඇති ස්ථාන වලට ඉසින්න. පසුව ඒවා ක්‍රියාකාරි වනතුරු මද වෙලාවක් සිටින්න. ඉන්පසුව ජලය මිශ්‍ර ස්පොන්ජ් එකක් හෝ රෙදි කැබැල්ලක් ආධාරයෙන් ගෑස් උඳුන පිස දමන්න.
  • අවසානයට වියලි රෙදි කැබැල්ලක් මගින් උඳුන පිසදා වේලා ගන්න.

ලුණු සහ බේකිං සෝඩා

  • ලුණු මේස හැන්දක් සහ බේකිං සෝඩා මේස හැන්දක් ගන්න. ඒවා එකට මිශ්‍ර කර වතුර ස්වල්පයක් එකතු කර සිහින් පේස්ට් එකක් සාදා ගන්න.
  • ඉන්පසු රෙදි කැබැල්ලක් ගෙන මෙම පේස්ට් එකේ පොඟවා ගන්න. එයින් ගෑස් උදුනේ පැල්ලම් ඇති ස්ථාන ඇතුලේ අනෙකුත් ස්ථානද හොඳින් පිස දමා පිරිසිදු කරගන්න.

සුදු විනාකිරි

  • සුදු විනාකිරි යනු ගෑස් උඳුන් පිරිසිදු කරගත හැකි අපූරු පිරිසිදුකාරකයකි.කිසිඳු වෙහෙස වීමකින් තොරව ගෑස් උඳුන පිරිසිදු කරගැනීමට අවශ්‍ය නම් ඔබට මෙම ක්‍රමය උත්සහ කර බැලිය හැකිය.
  • මුලින්ම සුදු විනාකිරි එක් කොටසක් සාමාන්‍ය ජලය කොටස් දෙකක් සමඟ මිශ්‍ර කරන්න. ඉන්පසුව ගෑස් උඳුනේ පැල්ලම් ඇති ප්‍රදේශවල මෙය ඉසින්න. සුදු විනාකිරි ආම්ලික වන අතර එමඟින් අංශු ලිහිල් වන අතර ඒවා පහසුවෙන් පිටතට පැමිණේ. වීදුරු උදුන සඳහාද ඔබට මෙම විසඳුම භාවිතා කළ හැකිය. ඔබට සුදු විනාකිරි නැතිනම් සාමාන්‍ය ආකාරයේ විනාකිරි (ඇපල් සයිඩර් විනාකිරි වැනි) සමඟ ගෑස් උඳුන පිරිසිදු කිරීමට උත්සාහ කළ හැකිය.

පිඟන් සේදුම් කාරක සහ බේකිං සෝඩා

බේකිං සෝඩා සහ පිඟන් සේදුම් කාරක සමාන කොටස් වලට මිශ්‍ර කරන්න. තරමක් පෙණ එන පේස්ට් එකක් ලැබෙන තුරු මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය ගෑස් උඳුනේ පැල්ලම් ඇති ස්ථාන වල ආලේප කර මද වේලාවක් තබා පිරිසිදු වතුර පෙඟවූ ස්පොන්ජ් කැබැල්ලකින් පිස දමන්න.

බේකිං සෝඩා සහ ලෙමන්

  • බේකිං සෝඩා සහ ලෙමන් වල ප්‍රතිබැක්ටීරීය ගුණ ඇති අතර ස්වාභාවික විෂබීජ නාශකයක් ලෙසද ක්‍රියා කරයි.
  • මුලින්ම බේකිං සෝඩා ස්වල්පයක් ගෑස් උඳුන මතුපිටට එකතු කර ලෙමන් පෙත්තකින් පිරිසිදු කරන්න. පැල්ලම් ලිහිල් වූ පසු තෙත රෙදි කැබැල්ලක් ආධාරයෙන් ගෑස් උඳුන පිස දමා වියලාගන්න .

ජලය

  • ඔබේ නිවස ආශ්‍රිතව ඔබට ගෑස් උඳුන පිරිසිදු කරගත හැකි අමුද්‍රව්‍ය කිසිවක් නැත්තම් මෙම පිලිවෙත උත්සහ කරන්න ඔබට පුලුවන් .
  • මුලින්ම වතුර ටිකක් උණුකර පැල්ලම් ඇති ප්‍රදේශවලට මෙය වත් කරන්න.ඉන්පසු මද වේලාවක් තබා ස්පොන්ජ් එකක් ආධාරයෙන් පැල්ලම් ඇති ස්ථාන අතුල්ලන්න.ඉන්පසු සබන් දියර ස්වල්පයක් ඉස නැවත පැල්ලම් අතුල්ලන්න. ඉන්පසුව ස්පොන්ජ් එක පිරිසිදු වතුරෙන් සෝදා ගෑස් උඳුන පිසදමා වියලෙන්නට හරින්න.

ඔබේ ගෑස් උදුන වැඩි කාලයක් භාවිතා කිරීමට අවශ්‍ය නම් එය පිරිසිදුව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ. ඔබට එය සෑම මසකම ගැඹුරින් පිරිසිදු කිරීමට අවශ්‍ය නොවන අතර, සෑම දිනකම එය පිරිසිදු කිරීමට පියවර ගන්නේ නම් ඔබට වඩා පහසු වනු ඇත.
දිනපතා කෑම පිසීමෙන් අනතුරුව තෙත ස්පොන්ජ් එකක් මඟින් ගෑස් උඳුන පිසදා වියලි රෙදි කැබැල්ලක් මගින් උඳුන පිසදා වියලා ගැනීමෙන් ඔබේ ගෑස් උඳුනේ දීර්ඝකාලීන තද පැල්ලම් ඇතිවීම වලක්වාගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles