මුලුතැන්ගේ වැඩ රැසක් පහසුවෙන් කර දෙන Kitchen එකට අවශ්‍යම උපකරණ

මුලුතැන්ගෙයි කාර්‍යයන් පහසු කරන්න ඕනෑ තරම් උපකරණ මේ වෙද්දි වෙළඳපලෙන් ඔබට මිළදී ගන්න පුළුවන් .ඒ උපකරණ වලිනුත් ඔබට වැඩ කීපයක්ම කරගන්න පුළුවන් කියන්නේ මොන තරම් පහසුවක්ද.අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ ඒ විදියට ඔබේ වැඩ පහසු කරන එකම උපකරණයකින් වැඩ කීපයක් කරන්න පුළුවන් උපකරණ ගැන

Microwave Oven

ආහාර නැවත රත් කිරීම

මයික්‍රෝවේව් උදුනක අංක එකේ භාවිතය වන්නේ ආහාර නැවත රත් කිරීමයි. ඔබ bulk cooking කරන කෙනෙක් නම් ඔබට මෙය ඉතාම පහසුවක්. වැඩිපුර භාජන නැවත නැවත ලිපේ තබමින් සෝදමින් කාලය නාස්ති කරන්න ඔබට අවශ්‍ය වෙන්නෙ නැ

ඉවුම් පිහුම්

බොහෝ අය සාමාන්‍යයෙන් ආහාර පිසීම සඳහා ඔවුන්ගේ ගෑස් උඳුන භාවිතා කරනවා. බහුකාර්ය මයික්‍රෝවේව් උදුනකින් පිළිස්සීම, ග්‍රිල් කිරීම, තැම්බීම සඳහා උනත් භාවිතා කරන්නට පුළුවන් .ඉතින් ඒ වගේ මයික්‍රෝවේව් අවන් එකක් කියන්නෙ ඔබට මොන තරම් පහසුවක්ද?

විෂබීජහරණය

ඔබ බොහෝ දෙනෙක් නොදන්නා නමුත් මයික්‍රෝවේව් උදුන් මගින් ප්ලාස්ටික් කැපුම් පුවරු සහ ස්පොන්ජ් වැනි මුළුතැන්ගෙයි අයිතම විෂබීජහරණය කිරීමට යොදාගන්න පුළුවන් .. ඔබේ ස්පොන්ජ් සහ කැපුම් පුවරු ( cutting board ) ලෙමන් යුෂ වල පොඟවා විනාඩියකට මයික්‍රෝවේව් උදුනක රත් කරන්න. මෙය විෂබීජ නාශක මෙන්ම ඔබේ මුළුතැන්ගෙයි දේවල් නැවත නැවුම් බවට පත් කරයි.

පැඟිරි සහිත පලතුරු යුෂ සහිත බවට පත් කිරීම

මයික්‍රෝවේව් උදුනකින් ඔබට ගත හැකි තවත් විශිෂ්ට දෙයක් වන්නේ පැඟිරි සහිත පලතුරු යුෂ බවට ඉක්මනින් පත් කිරීමයි. ඉතින්, ඊළඟ වතාවේදු ඔබ ශීතකරණයෙන් ලෙමන්, දොඩම් හෝ දෙහි ගන්නා විට එය වහාම මිරිකා යුෂ බවට පත් කරන්න කලින් තත්පර 20 ක් වත් මයික්‍රෝවේව් උඳුනේ තබා ගන්න .එවිට ඔබට එහි සම්පූර්ණ සාරයම ලබා ගන්න පුළුවන්

රූපලාවණ්‍ය නිශ්පාදන උණුසුම් කිරීම

සමහර රූපලාවන්‍ය නිශ්පාදන සමට ආලේප කිරීමට පෙර මදක් උණුසුම් වුවහොත් සමට වඩාත් හොඳින් උරාගැනීමේ හැකියාව තියනවා. රූපලාවණ්‍ය නිෂ්පාදන උණුසුම් කිරීමේ කාර්‍යය වෙනත් ආකාරයකින් කිරීම ඔබට අපහසුවක් විය හැකි නමුත් මයික්‍රෝවේව් උඳුනකින් ඔබට මේ කාර්‍යය ලේසියෙන්ම කරගන්න පුළුවන් .face pack වර්ග , තෙල් සත්කාර ,කන්ඩිශනර් සත්කාර වැනි දේවල් පහසුවෙන් සහ ආරක්ෂිතව රත් කිරීමට ඔබට මයික්‍රෝවේව් උදුනක් භාවිතා කළ හැකිය.

Oven

කේක් සෑදීම

සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් අවන් එකක් භාවිතා කරන්නේ කේක් හදන්න.ඉතින් අවන් එකකින් ඕනෑම වර්ගයක කේක් එකක් බේක් කරගන්න ඔබට හැකියාව තියනවා.

ග්‍රිල් කිරීම

ඔබට මස් හෝ එළවලු වර්ග ග්‍රිල් කරගන්න අවශ්‍ය නම් මේ සඳහාත් අවන් එක භාවිතා කරන්න පුළුවන් . අවශ්‍ය දේවල් සහ තෙල් ස්වල්පයක් තවරා ඔබේ ආහාර අවන් එකට ඇතුලත් කරලා අවශ්‍ය උශ්ණත්වයට ක්‍රියා කරවීම විතරයි ඔබ කරන්න ඕනේ

බිත්තර සැකසීම

ඔබට උදේ ආහාරය සඳහා බිත්තර සකසන්න අවශ්‍ය නම් එකම පෑන් එකකින් බොහො වේලාවක් බිත්තර එකින් එක සකසන්න අවශ්‍ය නෑ. කප් කේක් හෝ මෆින් අච්චුවකට ඔබ බිත්තර ඔම්ලට් මිශ්‍රණය පුරවා අවන් එකට ඇතුලත් කලොත් ලේසියෙන්ම බිත්තර සකස් කරගන්න ඔබට පුළුවන්

තෙල් තාච්චිය වෙනුවට අවන් එක

ඔබට අර්තාපල් තීරු , පැටිස් , සමෝසා වැනි ආහාර වර්ග සකස් කරනකොට බොහො වෙලාවක් තෙල් තාච්චිය ලඟ ඉන්න වෙන එක තරමක් එපා වෙන දෙයක්.නමුත් ඔබට මේ දේවල් අවන් එකකින් ලේසියෙන්ම බේක් කරගන්න පුළුවන් වගේ ඔබේ ශරීරයට එකතු වෙන තෙල් ප්‍රමාණයත් සෑහෙන අඩු වෙනවා.

Air fryer

ගැඹුරු තෙලේ බැදීම වෙනුවට

Air fryer එකක් භාවිතා කිරීමේ බොහෝ දෙනාගේ මුලික පරමාර්ථය තමයි මේක.ඔබට තෙල් නැතුවම ගැඹුරු තෙලේ බැදගත්තා වගේ ආහාර වර්ග බැදගන්න මේ air fryer එකෙන් පුළුවන්

ආහාර රත් කිරීම

ඔබ ශීතකරණයේ තබා නැවත ආහාරයට ගන්නා ආහාර වර්ග රත් කරගන්නත් ඔබට air fryer එක භාවිතා කරන්න පුළුවන් .විශේෂයෙන්ම, ක්‍රිස්පි ගතියට හැපෙන දේවල් ඔබ ශීතකරණයේ තියලා නැවත බැදලා ගත්තත් ඒවයේ ක්‍රිස්පි ගතිය ගන්න බැරි උනත් ඔබට මේ air fryer එකෙන් ඒ ක්‍රිස්පි ගතිය ගන්න පුළුවන්

කුකීස් සෑදීම

ඔබ සාමාන්‍ය අවන් එකක කුකීස් සකස් කරනවා නම් ඔබට ඔබෙ අවන් එක යම් වෙලාවක් pre – heat ,ඒ කියන්නේ පෙර රත් කිරීමක් කරගන්න වෙනවා.නමුත් ඔබ air fryer එකේ කුකීස් හදනවා නම් ඔබට කෙටි කාලයකින් කුකීස් හදාගන්න පුළුවන් වගේම pre heat කිරීමක් අවශ්‍ය වෙන්නෙත් නෑ

කුකුල් මස් අලුත් ක්‍රමයකට

අවන් එකකින් ඔබට කුකුල් මස් හොඳින් රෝස්ට් කරගන්න පුළුවන් . ඔබ air fryer එකකින් මේ කාර්‍යය කරගන්නවා නම් කුකුල් මස් වල අඩංගු වතුර ප්‍රමාණය එළියට පැමිණ , ඔබ කුකුල් මස් වලට එකතු කරන දවටනය සමඟ මිශ්‍ර වී කැරමල් එකක් ආකාරයෙන් සැකසෙනවා.එයින් ඔබට රෝස්ට් කරන ලද කුකුල් මස් සමඟ රසවත් කැරමල් එකක් රස විඳින්නත් පුළුවන්

බේකන් සැකසීම

ඔබ සාමාන්‍ය ගෑස් උදුනක බේකන් බැද ආහාරයට ගන්නා විට එය අධික තෙල් සහිත ගතියෙන් යුක්ත වෙනවා.නමුත් ඔබ බේකන් සකස් කිරීමට air fryer එකක් භාවිතා කරනවා නම් තෙල් ගතිය රහිත තරමක ක්‍රිස්පි ගතියකින් යුක්තව බේකන් රස විඳින්න ඔබට පුළුවන්

Pressure cooker

සුප් වර්ග

ගොඩක් ගෘහණියන් pressure cooker එක භාවිතා කරන්නේ සුප් වර්ග සකස් කරන්න.ඔබට ඉතාම පහසුවෙන් අඩු කාලයක් ඇතුලත ඕනෑම සුප් වර්ගයක් ඔබ භාවිතා කරන එළවලු වල ගුණය නොනැසී සකස් කරගන්න මේ pressure cooker එකකින් පුළුවන්

ඇට වර්ග තැම්බීම

ඔබ උදෑසන ආහාරයට ගන්න ඇට වර්ග සාමාන්‍ය ගෑස් උදුනක තම්බනවා නම් තරමක වෙලාවක් යනවා.ඒ වගේම විශාල ගෑස් ප්‍රමාණයකුත් ඒ නිසා වැය වෙනවා.නමුත් pressure cooker එකකින් ඔබට අඩු වෙලාවකින් මේ ඇට වර්ග ලේසියෙන්ම තම්බා ගන්න පුළුවන්

විෂබීජහරණය කිරීම

ඔබ ආහාර කල් තබා ගන්න භාවිතා කරන බෝතල් සෞඛ්‍යාරක්ශිත ලෙස භාවිතා කරනවා නම් pressure cooker එක ඔබට ගොඩක් ලොකු උදව්වක් වෙයි.ඒකට හේතුව සාමාන්‍ය ජල තාපාංකයකදි මිය නොයන මේ බෝතල් වල තිබෙන බැක්ටීරියා pressure cooker එකක තැම්බුවොත් ඔබට ලේසියෙන්ම නැති කරගන්න පුළුවන් වෙන එක

එළවලු ,බිත්තර සහ මස් වර්ග තම්බා ගැනීම

ඔබ diet කරන කෙනෙක් නම් ඔබ බත් සහ ව්‍යාංජන වෙනුවට තම්බපු එළවලු ,බිත්තර හෝ මස් වර්ග ආහාරයට ගන්න කෙනෙක් වෙන්න පුළුවන් .ඉතින් ඔබට pressure cooker එකෙන් ඒ දේවල් අඩු කාලයක් ඇතුලත තම්බා ගැනීමේ හැකියාව තියනවා

ඔබේ මුලුතැන්ගෙයි මේ උපකරණ තියෙනවා නම් සමහර විට ඒවයින් ගන්න තියන ප්‍රයෝජන ඔබ නොදැන ඉන්නත් ඇති.ඉතින් කාර්‍යබහුල ඔබේ කාලය ඉතිරි කරන සහ ඔබේ වැඩ පහසු කරන මේ උපකරණ වලින් හරියටම ප්‍රයෝජන ගන්න හැටි තමයි මේ ලිපියෙන් අපි ඔබට කිව්වේ.

Related Articles

Don't Miss


Latest Articles