ඔබ නොසිටින වේලාවට නිවසේ ආරක්ෂා කරගන්න ටිප්ස් 7ක්

නිවාඩුවකට හෝ රාජකාරී කටයුත්තකට ඔබ නිවසින් බැහැරව යන විටක දී නිවසේ ආරක්ෂාව තහවුරු කර ගැනීම ඔබට ඇතිවන ප්‍රධානතම ගැටළුවක්. සොර සතුරු මෙන්ම වෙනත් විපත් වලින් ඔබගේ නිවසේ නිවසේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට පහත කරුණු ඔබට උපකාරී වේවි.

  1. දුරස්තව ක්‍රියාත්මක කරවිය හැකි ආරක්ෂක පද්ධතියක් සවිකර ගන්න.
  2. ඔබ නිවසින් බැහැර වි නොමැති බවට හැඟවෙන ආකාරයට නිවසේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන විදුලි බුබුලක් වැන්නක් ක්‍රියාත්මක කර තබන්න.
  3. අසල්වැසියෙකුට, මිතුරෙකුට හෝ පවුලේ සාමාජිකයෙකුට ඔබේ නිවස පිළිබඳව සොයා බැලීමට උපදෙස් දෙන්න.
  4. ඔබගේ වටිනා භාණ්ඩ ආරක්ෂිත ස්ථාන වල තැන්පත් කරන්න.
  5. විදුලි පද්ධතිය සහ ජල නල ආදිය කාන්දු වීම් නොමැති බව සැක හැර දැනගන්න.
  6. ෆේස්බුක්, ට්විටර් ආදී කිසිඳු සමාජ ජාලා වෙබ් අඩෙවියක ඔබ නිවසින් බැහැරව යන බව සටහන් නොකිරීමට වගබලා ගන්න.
  7. ඔබේ වාහනය නිවසට යාබදව හෝ මිදුලේ නවතා නොතබන්න. ගරාජය තුළ නවතා තබන්න.

නිවසේ සියලු දොරවල් සහ ජනේල දෙවරක් පරීක්ෂා කර බලන්නත් අමතක කරන්න එපා. ඔබේ නිවාඩුව හිතේ බයක් නොමැතිව සම්පූර්ණයෙන්ම භුක්ති විඳින්නට මෙම කරුණු අනුව කටයුතු කිරීමෙන් ඔබට හැකිවනු ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles