Cooking wares මිලදී ගැනීමේදී සැළකිලිමත් වියයුතු කරුණු – 2 වන කොටස

මේ ලිපි මාලාවෙ දෙවෙනි ලිපිය සමඟිනුයි අද අපි ඔබත් එක්ක එකතුවෙන්නෙ. ඔබේ අතේ ඇති මුදලට මිලදී ගන්න පුළුවන් ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන ගැන තමයි අපි පසුගිය කොටසින් සාකච්ජා කරේ.

link – https://smartlady.lk/article/29183/types-of-cookware-materials/

අදත් ඒ වගේම වැදගත් කරුණු කීපයක් ඔබත් එක්ක බෙදාගන්නයි අපේ සූදානම. . 

ඔබේ ජීවන රටාවට හා ඔබේ මුළුතැන්ගෙයට ගැළපෙන cooking wares තෝරාගනිමු. 

ඔබට තියෙන්නෙ සාම්ප්‍රදායික දර ලිපක් සහිත මුළුතැන්ගෙයක් වෙන්න පුලුවන්. එහෙමනම් ඔබට අපි පළමු ලිපියේදී කතාකල cast iron cookware, clay cookware හෝ aluminium cookware යොදා ගෙනෙ ඉවුම් පිහුම් කරන්න පුළුවන්.

ඔබට ගෑස් ලිපක් තිබෙනවා නම් cooking wares  තෝරාගැනීමේදී විකල්ප රාශියක් ඔබට තිබෙනවා. Cast iron cookware, enamel nonstick cookware සහ stainless steel cookware ඒ අතරට අයිති වෙනව.  

ඊට අමතරව අද වෙළදපොලේ ගෑස් ලිප් සඳහා සුදුසු clay cookware බොහොම ජනප්‍රියයි. 

මීට අමතරව aluminium cookware සහ teflon cookware යන වර්ග දෙකත් ගෑස් ලිප් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒවගේ තියන ප්‍රධාන ගැටළුව තමයි සෞඛ්‍යාරක්ෂිත බවෙන් අඩුවීම. 

Teflon cookware 

වාසි 

ඉතාම පහසුවෙන් පිරිසිදු කරගත හැකි මේ භාජන වල ආහාර ඇලීමක් සිදුවෙන්නෙත් නෑ. ඒ නිසා තෙල් ඉතා අඩුවෙන් පාවිච්චි කරල උයන්න ඔබට පුළුවන්. 

බරින් අඩුවීම නිසා හැසිරවීමත් පහසුයි. 

නමුත්, මෙම භාජනවල ඇතුලත ආවරණය පහසුවෙන් සීරීම හා පොතු ගැලවීම සුලභ කාරණයක් වෙනවා. භාජන භාවිත කරන කාලය හා වාර ගණන වැඩි වෙද්දී මෙම පොතු ගැලවීම වැඩිවෙන අතර එම කැබැලි ආහාර වලට එකතු වීමේ දැඩි අවධානමක් පවතිනවා. 

එමෙන්ම teflon cookware වල ඇතිවෙන තද පැල්ලම් ඉවත් කිරීමත් අපහසු වෙන්නෙ භාජනය සීරීමේ අවධානම නිසයි. 

කලින් සඳහන් කලා වගේම teflon භාජන වල සෞඛ්‍යාරක්ෂිත බව ඉතා අඩුවීම කැපීපෙනෙන ලක්ෂණයක්. 

PTFE ( Polytetrafluoroethylene) non stick භාජන වල ඇතුලත ඇලෙන සුළුබව නැතිකරන්න යොදා ඇති ආවරණයේ PFOA (Perfluorooctanoic acid) හා අක්මාවේ රෝගී තත්වයන්ට, වර්ධන ගැටළු වලට හා පිළිකා තත්වයන්ට හේතුවන බව හඳුනාගෙන ඇති PFC නම් රසායන ද්‍රව්‍යය අඩංගු වෙනවා.  

ඇතුලත ආවරණය සීරීමට ලක්වීම මඟින් මෙම රසායන ද්‍රව්‍යය ආහාර හා මුසුවීම ඉතාම අවධානම් බව තමයි සඳහන් වෙන්නෙ. 

Aluminium cookware 

වාසි 

ඉතාම හොඳින් උෂ්ණත්වය සන්නයනය කරන aluminum cookware වල මළකඩ බැඳීමක් සිදුවෙන්නෙත් නෑ. බරින් අඩු මේ භාජන අඩු මුදලකට මිලදී ගන්නත් ඔබට පුළුවන්. 

ඒ වුනත්, මෘදු වීම නිසා ඉක්මනින් ඇඳවීමට ලක්වන නිසා දීර්ඝකාලයක් භාවිතා කිරීමේ හැකියාව නම් අඩුයි. ඔබ ඇළුමිණියම් භාජන වල පිසින ආහාර වල වර්ණයේ හා රසයේ වෙනස්වීම්ද සිදුවෙන්න පුළුවන්.

Aluminum cookware සෞඛ්‍යාරක්ෂිත නොවෙන්නේ මේ භාජන අම්ල සමඟ ඇතිකරන සෞඛ්‍යයට ඉතා අහිතකර රසායනික ප්‍රතික්‍රියා නිසයි. 

මේ නිසා ඔබට ඇළුමිණියම් භාජන වල පිසිය හැකි වෙන්නෙ තෝරාගත් ආහාර වර්ග පමණයි.

ඒ වගේම සීරීම් ඇතිවුනොත් කුඩා ආහාර කොටස්වලින් එකතු වූ බැක්ටීරියා ඇළුමිණියම් භාජනය මතුපිට වර්ධනය වීමේ අවධානමකුත් තියෙන බව ඔබ දැනුවත් වී සිටිය යුතුම කාරණාවක්. 

ඔබට cast iron, enamel nonstick, nonstick ceramic ,clay සහ teflon cookware වර්ග oven සඳහාත් භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව වීදුරු භාජනත් කියන්නෙත් වර්තමානයේදී oven වල වගේම ගෑස් ලිප් වලත් අහාර පිසින්න යොදාගන්න ජනප්‍රිය cookware වර්ගයක්.

Glass cookware 

වාසි 

ඔබේ මුළුතැන්ගෙයට අලංකාර පෙනුමක් ගෙන එන වීදුරු භාජන මඟින් ආහාර පිසීමේදී පියන ඇරීමකින් තොරව එම ආහාර වල තත්වය බලාගැනීමේ හැකියාව පවතිනවා. 

කොහොම වුනත්, උෂ්ණත්වය එක ලෙස භාජන පුරාම ගමන් කිරීමක් සිදුනොවෙන නිසා ආහාර භාජනයේ ඇලීම හා පිළිස්සීමත් දැකගන්න පුළුවන්. 

ඒ වගේම වීදුරු භාජන කැඩීයාම පහසුවෙන් සිදුවන නිසා ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කලයුතු අතර කැඩීගිය ස්ථානවලින් කුඩා වීදුරු කොටස් ආහාරයට එකතුවීමේ අවධානමක්ද පවතින නිසා ඔබ වඩා සැළකිලිමත් විය යුතුමයි. 

මීට අමතරව ඔබට මයික්‍රොවේව් උඳුනක් තිබෙනවා නම්, “microwave safe” ලෙස අනිවාර්‍යෙන් සඳහන් කර ඇති ප්ලාස්ටික් භාජන, glass cookware සහ ceramic cookware වර්ගත් පාවිච්චි කරන්න පුළුවන්. 

ඔබේ ජීවන රටාව සමඟ ආහාර රටාව ගළපාගැනීමත් ඉතාම වැදගත්.

ඔබේ පවුලේ සාමාජිකයන් ගණන අනුව තෝරාගන්නා භාජනවල විශාලත්වය තීරණය කරන්න ඔබට පුළුවන්. 

ඔබේ ආහාර පිළියෙල කිරීමේ රටාව අනුව ඔබට අවශ්‍ය භාජන සංඛ්‍යාව ගැන තීරනය කරල අනවශ්‍ය භාජන හා උපකරණ මිලදී ගැනීමට වැයවෙන මුදල් ඉතුරු කරගන්නත්  ඔබට පුළුවන්. 

තවත් ඉතාම වැදගත් කරුණක් තමයි එම භාජන නඩත්තු කිරීමේ හා පිරිසිදු කරගැනීමේ පහසුව. 

උදාහරණයක් ලෙස ඔබ ඉතා කාර්‍යබහුල නම් භාජන සේදීම වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීම ඔබට අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඉතා පහසුවෙන් පිරිසිදු කරගත හැකි cooking wares තිබීම ඔබට පහසුවක්. ඒ වගේම සමහර භාජනවල ආහාර පිසීමට දීර්ඝකාලයක් ගතවෙන එකත් කාර්‍යබහුල ඔබට ගටළුවක් වෙන්න පුළුවන්. 

ඔබ තෝරාගන්න උපකරණ හා භාජන වල වර්ණය, මෝස්තර හා හැඩය හැකි තරම් ඔබේ ඇසට ප්‍රියවීම ඉතා වැදගත් කාරණාවක්. 

එමඟින් ආහාරයෙ පෙනුම වගේම ආහාර රුචිය වැඩි කරනව. ඒ සමහර clay, cast iron. Stainless steel වගේම glass cookware ම ආහාර පිළිගැන්වීමට භාවිතා කිරීමත් අද වෙද්දි ඉතාම ජනප්‍රිය ආහාර කලාවක් වෙලා තියනව. 

මීට අමතරව ඉවීම සඳහා භාවිත කරන උපකරණ මිලදී ගැනීමේදීත් සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ගැන අවධානය යොමුවිය යුතුයි.

මෙම උපකරණ බොහෝවිට කට්ටලයක් ලෙස අද වෙළදපොලේ මිලදී ගැනීමට තිබෙනව එසේ මිලදී ගැනීම වාසිදායක බව ඔබ සිතනව වෙන්න පුළුවන් නමුත්, එහි අඩංගු සියළු උපකරණ ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය නොවේ නම් ඒ පිළිබඳව නැවත සිතා බැලීමට ඔබට පුළුවන්. 

ඊට අමතරව ඔබ ආහාර පිසීමට ගන්නා භාජනය අනුවත් උපකරණ වෙනස් කිරීම සිදුකර යුතුයි. උදාහරණයක් ලෙස ඔබ non stick භාජන පාවිච්චියට ගන්නවා නම් ඊට ගැලපෙන හැඳි ඔබ සතුව පැවතීම අනිවාර්යයි. 

පිරිසිදු කිරීමේ පහසුවත් සලකා බැලිය යුතුමයි.

ඊට අමතරව අලංකාරය හා උයන භාජන වලට ගැලපෙන අයුරින් උපකරණ මිලදී ගැනීමත් ඔබේ මුළුතැන්ගෙයට ප්‍රසන්න හා පිළිවෙලක් ඇතිකිරීමට උපකාරී වෙනව. 

ඉතිං මේ කරුණු දැනුවත් වීම ඔබේ මීලඟ ඉවුම් පිහුම් භාජන තෝරාගැනීමේදී ඔබට වැදගත් වනු ඇතියැයි අපි විශ්වාස කරනවා.

ඔබට ගැළපෙන නිවැරැදි තෝරාගැනීම් එක්ක සතුටින් උයන්න ඔබටත් පුළුවන් !  

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles