ගෙදරදි ම පහසුවෙන් හෑන්ඩ්වොෂ් හදමු.

රටෙහි පවතින ආසාදන තත්ත්වයත් එක්ක හැමදෙනාම හෑන්ඩ්වොෂ් එකක් භාවිතා කරනවා. සබන්වලින් අත් ඉක්මනින් වියළෙන නිසාත්, සමහරු හෑන්ඩ්වොෂ් භාවිතා කරනවා. ඒත් මේ විට හෑන්ඩ්වොෂ් එකක මිල දරන්න ඉතා අමාරුයි. අද අපි ඔබට හෑන්ඩ්වොෂ් එකක් ගෙදර ම සකසා ගන්නා හැටි ආකාර දෙකකට කියා දෙනවා. එකක් ඉතා ම පහසුවෙන් සකසා ගත හැකි අතර, අනෙක ඔබට අවශ්‍ය නම් කුඩා ව්‍යාපාරයක් දක්වා වර්ධනය කරගන්නට වුවත් හැකියාව තිබෙනවා. 

පළමු ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය

ඔබ කැමති සබන් කෑල්ලක්
ග්ලිසරින් මේස හැඳි එක හමාරක්
උණුවතුර 500ml
ඇල්වතුර 500ml
ආහාර වර්ණක බින්දුවක්

සකසන ක්‍රමය 

මුලින් ම සබන් කෑල්ල ඉතා කුඩාවට ග්‍රේට් කරගන්න.

එයට උණුවතුර 250ml එකතු කර හොඳින් දියවන සේ මිශ්‍ර කරන්න.

වර්ණකය එකතු කරන්න.

දැන් ඉතිරි උණුවතුර ටිකත් එකතු කර මිශ්‍ර කරන්න.

විනාඩි 15ක් තබන්න.

දැන් නැවත මිශ්‍ර කර, හොඳින් නිවෙන තුරු පැය 03ක් පමණ පසෙකින් තබන්න.

පැය තුනකින් පසු ඔබට ඝනකම් ද්‍රවයක් ලැබී ඇති බව පෙනෙයි.

දැන් ඇල්වතුර 250ml ක් එකතු කර මිශ්‍ර කරන්න.

ඉතිරි ඇල්වතුර ටික සමග බ්ලෙන්ඩර් එකකට දමා විනාඩි පහක් පමණ බ්ලෙන්ඩ් කරගන්න.

දැන් ඔබ සැකසූ හෑන්ඩ්වොෂ් එක සුදුසු බෝතලයක දමා භාවිතයට ගත හැකියි.

දෙවන ක්‍රමය

මේ ක්‍රමයේදී අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමට නම් රසායනික ද්‍රව්‍යම මිලදී ගත හැකි සාප්පුවකට යන්නට ඔබට සිදු වේ. 

විෂබීජනාශක හෑන්ඩ්වොෂ් ලීටර් 5ක් සකසා ගන්නට මේ වට්ටෝරුවෙන් හැකියාව ලැබේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. S.L.E.S = Sodium Lauryl Ether Sulfate 1500 ml (පෙණ ඇති කිරීමට)
  1. C.A.P.B = Cocamidopropyl betain 250 ml (පෙණ වැඩි කිරීමට)
  2. C.D.E.A = Coco diethanolamide 100 ml (ලෙස්සනසුලු ගතිය ලබා දීමට)
  3. Polyquait 150 ml     (තෙතමනය ලබා දීමට)
  4. DM water 3l
  5. Pearl Paste 100 ml (දිලිසෙනසුලු ස්වභාවය ලබා දීමට)
  6. Anti bacterial liquid    5 to 10 ml (විෂබීජ නැසීමට)
  7. Fragnance     5 to 10 ml (සුවඳවත් වීමට මෙන් ම රසායනික ද්‍රව්‍යවල අප්‍රසන්න දුගඳ නැසීමට)
  8. Food colouring (වර්ණය ලැබීමට)
  9. NaCl(Salt)    100 g (උකුගතිය ලැබීමට)

සාදන ක්‍රමය

ඉහත ද්‍රව්‍ය සියල්ල එක පිරිසිදු බඳුනක දමා හොඳින් කලවම් කරගන්න.

බඳුන්වල අසුරාගන්න. 

විශේෂ ස්තූතිය –

Related Articles

Don't Miss


Latest Articles