බාත් රූම් එකේ ඇති තද පැල්ලම් යවා දීප්තිමත් බවක් ලබා දෙන නිවැරදි ක්‍රම.

කිසියම් නිවසක නිවැසියන් ගැන, ඔවුන්ගේ පිරිසිදුකම ගැන අනාවැකි කිව හැකි ස්ථාන දෙකක් නිවසේ තිබෙනවා. ඉන් එකක් වන්නේ නාන කාමරය.ඉතාමත් පිරිසුදු දීප්තිමත් නාන කාමරයක් ඔබට තිබෙනවා කියන්නේ නිවසට එන ඕනෑම කෙනෙක් තුළ ඔබ ගැන ඉතාමත් ප්‍රසන්න හැඟීමක් ඇති කරනවා කියන එකයි.ඒ නිසා මේ කතා බහ පැල්ලම් නැති පිරිසිදු නානකාමරයක් පිළිබඳව යි.
නාන කාමරය පිරිසුදු කිරීම සදහා වෙළඳ පොලේ තිබෙන කෘතීම රසායනික ද්‍රව්‍ය යොදාගන්න ත් ඔබට හැකියාව තිබෙනවා.ඊට අමතරව මෙන්න මේ ක්‍රම පිලිබඳ ව දැනගැනීම ඔබට තවත් ප්‍රයෝජනවත් වේවි.මේවා එදිනෙදා අප අවටින් සොයා ගන්නට හැකිවීමයි මෙහි විශේෂත්වය වන්නේ.

විනාකිරි

විනාකිරි තරමක් රත් කරගන්න.එහි සුවද ඔබට කරදරයක් නම් ඩිශ් වොශ් ටිකක් ද එකතු කරගන්න.තැනින් තැනට එය ස්ප්‍රේ කර තදින් අතුල්ලන්න.

බේකින් සෝඩා

බේකින් සෝඩාවලට විනාකිරි ටිකක් එකතු කර මද වේලාවක් තබා හොදින් අතුල්ලන්න.

දත් බෙහෙත්

දත් බෙහෙත් කියන්නෙත් පැල්ලම් යවන්න කියාපුම දෙයක් .පැල්ලම් මතට දත් බෙහෙත් ටිකක් දමා විනාඩියකට පමණ පසු හොදින් අතුල්ලන්න.

කලු තේ කොළ

නාන කාමරයේ කණ්ණාඩිය කියන්නෙ නිරතුරුවම පැල්ලම් ඇති වෙන තැනක්.කලු තේ කොල සහිත තේ බෑගයක් හෝ පොට්ටනියක් යාන්තම් තෙත් කරගෙන කණ්ණාඩිය පිරිමදින්න.දීප්තිමත් පෙනුමක් ලැබෙනවා .

දෙහි යුෂ

පැල්ලම් සහිත ස්තානයේ දෙහියුශ ස්ප්‍රේ කර විනාඩි 15ක් පමණ තබන්න.ඉන් පසු හොදින් අතුල්ලන්න.

හාපික්

හාපික් පැල්ලම මතට දමා විනාඩි කිහිපයක් තබා අතුල්ලන්න .ඉක්මනින් දිලිසෙන පෙනුමක් ලැබෙනව.

ඇදුම් වල පැල්ලම් යවන බ්ලීචින් ක්‍රීම්

මේවාත් සින්ක් එකේ සහ ටයිල්ස් වල පැල්ලම් යැවීම සදහා ඉතාමත්ම සාර්ථක පිලියමක්.

ක්ලෝරීන්

නාන කාමරයේ තිබෙන දිය සෙවල ඇතුලු පැල්ලම් යැවීමට ක්ලෝරීන් ඉතාමත්ම සුදුසු ද්‍රව්‍යයක්.ක්ලෝරීන් පැල්ලම් ඇති මතුපිටට දමා මද වේලාවක් තබා හොදින් අතුල්ලන්න .ඉතාමත්ම අපිරිසිදු පැල්ලම් සහිත තැනක් නම් පැය දෙකක් පමණ ක්ලෝරීන් එම පැල්ලම් මත තබා ඇතිල්ලීමට වග බලාගන්න .

පැල්ලම් නැති නාන කාමරයක් සඳහා මේ දේවල් ද අනිවාර්යයෙන්ම මතක තබා ගන්න .

1.සේදීමෙන් පසු අනිවාර්යයෙන් ම වතුර වියළා ගන්න .නැත්නම් වතුර වියළීමේදී ඇති වල වතුර පැල්ලම් තැනින් තැන පෙනෙනවා .
2.එයා ෆ්‍රෙශ්නර් එකක් තබන්න.
3.සබන් හෝ සේදුම් ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පසු ඒ අවස්ථාවේ දී ම එතන මදක් මදක් අතුල්ලා සෝදා දමන්න .වියළා ගන්න .
4.හිරු එළිය සහ හොඳින් වාතාශ්‍රය ලැබෙන ලෙස නිරතුරු ව ම සකසා ගන්න

Related Articles

Don't Miss


Latest Articles