මුලුතැන්ගේ වැඩ පහසු කරන කිචන් ටිප්ස්

අප වෘත්තීය වශයෙන් කිනම් රැකියාවක් කලද ගෘහනියක ලෙස නිවසේ අපට ඇති කාර්‍ය භාරය අමතක කරන්නට බැහැ.එහි කටයුතු සමස්ත පවුලේම නිරෝගීතාවයට මෙන්ම කාර්‍යක්ෂම බව කෙරෙහි ද බලපානවා.ඉතින් කාර්‍ය බහුල ගෘහනියක වන ඔබට මෙන්න මේ දේවල් ඔබේ කටයුතු පහසු කරගැනීමට උපකාර කරාවි.

1.අස්පස් කිරීම් කොටස් ලෙස වෙන් කරගනිමු

රැකියාවට යන,සතියේ දිනවල විවිධ වෙනත් රාජකාරී කටයුතුවලින් බහුල ඔබට නිවස පිරිසුදු කිරීම් කටයුතු වලට දිනපතා කාලය සොයා ගැනීම අසීරු වෙන්නට පුලුවන්.මෙයට හොඳම විසඳුම වන්නේ නිවස කොටස් වලට වෙන්කර ඒ ඒ කොටස් වෙනුවෙන් දවසක සුලු කාලයක් වෙන් කරගැනීමයි.ඒ සඳහා නියමිත කාල සටහනක් වගේම පවුලේ අයගේ සහයද එකතු කරගැනීමට ඔබට පුලුවන්.එවිට නිවසේ පිරිසුදුකම පවත්වා ගැනීමේ වගකීම පවුලේ සියලුම දෙනා සතු වගකීමක් වෙනවා.

2.ගෑස් ලිප පවිත්‍ර කරගන්න ලේසිම ක්‍රමය

එදිනෙදා ඉවුම් පිහුම් කටයුතු කිරීමේදී ලිප අපිරිසුදු වීම සාමාන්‍ය දෙයක්.එම නිසාම දවසේ ආහාර සකස් කළ බඳුන් සෝදා පිරිසුදු කරගන්නා හා සමානව එය දිනපතා පිරිසුදු කරගැනීම හරිම වැදගත්.මේ සඳහා ලිපේ සියලුම උපාංඟ ගලවා,ග්ලාස් ක්ලීනර් සහ බේකින් සෝඩා ඒ මතට ඉස ස්පොන්ජ් එකකින් අතුල්ලා සෝදා ගන්න.මෙය දිනපතා කරන්නට පුලුවනි.

3.සින්ක් සහ ටැප් පිරිසුදු කිරීම

වතුර පැල්ලම් වගේම තෙල්,ඉඳුල් පැල්ලම් වලට නිරාවරණය වන නිසා නිතරම මේ තැන් දෙකම පිරිසුදු කිරීම හරිම වැදගත්.ඉහත ද්‍රව්‍ය යොදාගෙන,ඒ ආකාරයටම පිරිසුදු කිරීම කරන්නට පුලුවන්.ඒ වගේම ග්ලාස් ක්ලීනර් සඳහා ඩිශ් වොශ් යොදා ගන්නටත් පුලුවමන්.

4.කිචන් ටවල් පිරිසුදු කරගැනීම

කිචන් ටවල් කියන්නෙත් ඉතාමත්ම පිරිසුදුව පවත්වාගත යුතු වගේම දිනපතා පිරිසුදු කරගත යුතු දෙයක්.නමුත් සමහර අවස්තාවල ඔබ දවස් කීපයකට වරක් පිරිසුදු කරනවාද විය හැකී.පාවිච්චි නොකරන බඳුනකට වතුර දමා රත් කරන්න.එයට කිචන් ටවල් දමා හොඳින් රත් කරන්න.උතුරන විට ලිප නිවාගෙන ටවල් ඉවත් කරගන්න.අතුල්ලමින් සෝදන්න.ඉතාමත්ම හොඳින් පිරිසුදු වෙනවා.

5.සතියකට අවශ්‍ය කලින් පිළියෙල කර ගන්න

රැකියාවකට වගේම දවසේ දූ දරුවන්ගේ වැඩ කටයුතු සමග සතියේ දිනයන් කාර්‍ය බහුල වන ඔබට සති අන්තයේදී සතියේ දවස් පහට අදාල කෑම වර්ග පහසුවෙන් සූදානම් කරගත හැකි ලෙස සකසා තබා ගන්නට හැකි නම් එය ඉතාමත්ම පහසුවක්.නමුත් මේ ආහාර හෝ සැකසුම් නරක් නොවී කල් තබා ගැනීමත් තරමක අසීරු කාර්‍යයක්.ශීතකරනයේ ගබඩා කරන අමු ආහාර සෝදා පිරිසුදු කරගෙන හොඳින් තෙත මාත්තු කරගන්න.හෝ වතුර බේරා ගන්න.රම්පේ,කරපිංචා,එලවලු,කොල වර්ග ආදී සියලුම දේවල් මෙලෙස අසුරා තබා ගන්නට හැකියාව තිබෙනවා.

ඊට පසු ටිශූ කොලයක් හෝ තුනී කපු සර්වියට් එකක් අසුරන බඳුනට දමා එයින් ආවරනය කර,පියන වසා ශීතකරණයේ තබන්න.

6.තුනපහ බෝතල් මේ විදිහට පිරිසිදු කර ගන්න

කුස්සියේ පිටත තිබෙන තුනපහ බෝතල් ආදියේ නිතරම ඇලෙනසුලු ගතියක් දකින්නට පුළුවන්.තෙල් සහ දූවිලි නිසා තමා එහෙම වෙන්නෙ.පේපර් ටවල් එකකට ග්ලාස් ක්ලීනර් ටිකක් දමා හොඳින් පිසදා ගන්න පුලුවනි.මෙය සතියකට දවසක් පමනක් කිරීමෙන් අලුත් පිරිසුදු පෙනුමක් රඳවා තබා ගන්නට පුලුවනි.

මෙන්න මේ දේවල් සියල්ලම ඔබේ එදිනෙදා ජීවිතය වඩාත් පහසු,කාර්‍යක්ෂම එකක් බවට පත් කරන බවට අපට කිසිදු සැකයක් නැහැ.

Related Articles

Don't Miss


Latest Articles