ස්වභාවික මදුරු විකර්ෂක ඉටිපන්දමක් අඩු වියදමින් හදමු

මේ දිනවල හැමතැන ම මදුරු කරදරය තියෙනවා. ඩෙංගු රෝගය වැඩිවෙන්නේ බලාගෙන ඉද්දී. මදුරු දඟර වැනි වෙළඳපොලේ ඇති මදුරු විකර්ෂක කියන්නේ එතරම් සෞඛ්‍යාරක්ෂිත දෙයක් නෙවෙයි. මේ ලිපියෙන් කියන්නේ සෞඛ්‍යාරක්ෂිත ව ස්වභාවික ද්‍රව්‍යවලින් මදුරු විකර්ෂක ඉටිපන්දමක් හදන හැටි ගැනයි.

මදුරු විකර්ෂක ඉටිපන්දම හදන්නේ මෙහෙමයි

අවශ්‍ය ද්‍රව්‍ය

ඉටිපන්දමක්
ලෙමන් ගෙඩියක්
දෙහි ගෙඩියක්
සේර කොළ කිහිපයක්
Basil කොළ ටිකක්
වතුර

මෙහෙම හදමු

ජෑම් බෝතලයක් ගන්න.
දෙහි සහ ලෙමන් කුඩා කැබලි කපා ජෑම් බෝතලයට දමන්න. සේර කොළ ටික ද කුඩා කැබලි කපා දමන්න. එයටම basil කොළ ද එකතු කරන්න. දැන් ජෑම් බෝතලයේ දාර පටන් ගන්නා තැනට එනතුරු සිසිල් වතුර පුරවන්න. ඉන්පසු ඉටිපන්දම උණු කර ජෑම් බෝතලයේ ඉතිරි කොටස පුරවන්න. එයට නූලක් යොදන්න.

මේ ප්‍රමාණවලින් ඉටිපන්දම් දෙකක් සකසා ගන්න පුළුවන්.

මොන ආකාරයේ මදුරු විකර්ෂක භාවිතා කළත්, මදුරුවො බෝවෙන තැන් විනාශ කරන්නත් මතක තබා ගන්නට ම ඕනේ.

Related Articles

Don't Miss


Latest Articles