Food processor එකකින් වැඩ පහසු කර ගනිමු

අපේ ගෘහණියන්ට දැන් තියෙන්නේ ඉතාම කලබලකාරී ජීවන රටාවක්. තත්පරයකත් වැඩ දෙක තුනක් කරන්න තරම් කාර්යබහුල ඔබට මුළුතැන්ගෙයි කටයුතු පහසු කරන උපකරණ හඳුනා ගැනීම සහ භාවිතා කිරීම ඇත්තටම ප්‍රයෝජනවත් දෙයක්.

ස්මාට් විදියට වෙනස් වෙලා ස්මාට් විදියට ඔබේ වැඩ කරන්න ඔබට උදව් කරන්නයි අපිත් උත්සාහ කරන්නේ.

ඉවීම කියන දේ බොහෝ වෙලාවට අපිට මහා කරදරයක් වෙන්නේ අපේ කාර්යබහුලත්වය තුළ එළවළු කැපීම්, මැල්ලුම් ලියා ගැනීම් වගේ දේවල් කරන්නට වෙලාව මදි වීමෙන්.

අන්න ඒ ප්‍රශ්නවලට ඔබට හොඳම විසඳුම තමයි food processor එකක් භාවිතා කිරීම. සාමාන්‍යයෙන් වෙළඳ පොළ තුළ රුපියල් දහදාහේ පමණ සිට ඉහළ මිල ගණන් වලට මේ උපකරණය මිලට ගන්න ඔබට පුලුවන්. ඔබට අවශ්‍ය සේවා සහිත food processor එකක් තෝරා ගන්නට ඔබට හැකියාව තිබෙනවා.

  • එලවළු කැපීම
  • කෙසෙල්මුව ලියා ගැනීම
  • මැල්ලුම් ලියා ගැනීම
  • පිට්ටු මල් කර ගැනීම
  • රොටී අනා ගැනීම
  • ළූණු කපා ගැනීම
  • පොල් සම්බෝලය අනා ගැනීම
  • කේක්වල බැටර් එක, සැන්ඩ්විච් පේස්ට්, කට්ලට්ස් පේස්ට් සකසා ගැනීම
  • තම්බපු මස් වැනි දේවල් සිහින්ව ලියා ගැනීම

මේ වගේ වැඩ ගොඩක් ස්මාට් විදියට ඉක්මනින් කරගන්න පුලුවන් උපකරණයක් තමයි food processor එක කියන්නේ. සාමාන්‍යයෙන් මැල්ලුමක් සකසා ගැනීම සහ රසට හරි පදමට පොල් සම්බෝලය කොටා ගන්නට අලුත් පන්නයේ ගෘහණියන්ට මෙය නැතුවම බැරි වෙලා අවසන්. අපේ පැරණි සහ ගම්බද නිවෙස් වල ඇඹරුම් ගලක් තිබුණත් අපිට ඉඩකඩ ගැටලු සහ කාලවෙලාව පිළිබඳ ගැටලු නිසා ඒවා භාවිතයට ගැනීමේ අපහසුතා තිබෙනවා. එවන් වෙලාවට ෆුඩ් ප්‍රොසෙසරයක් ඔබට ඒ කටයුතු පහසුවෙන් කර දෙන්නට සමත්

සමහර ගෘහණියන් මේ උපකරණය භාවිතා කරන්න මැලිකමක් දක්වන්නේ එයින් ලබා ගන්නා උදව් ගැන හරියටම නොදැනුවත්කම නිසා. ඒත් මේ උපකරණය පාවිව්චි කිරීමෙන් ඔබේ මුළුතැන්ගෙයි කටයුතු ඉතා පහසුවෙන් හා ඉක්මනින් කරගන්නට හැකියාව තිබෙනවා.

ඒ වගේම තමයි සමහරු මෙහි බ්ලේඩ් තල සෝදන්නට කම්මැලි වීම නිසා උපකරණය ඉක්මනින්ම නාස්ති කරගන්න අවස්ථාද තිබෙනවා. නමුත් ඔබ භාවිතා කිරීමෙන් පසු ෆුඩ් ප්‍රොසෙසරය හොඳින් සෝදා වේලා ගන්නවා නම් ඔබට දිගු කලක් එයින් ප්‍රයෝජන ලබා ගන්න පුලුවන් .

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles