සොබා සෞන්දර්ය ඇති නිවසක් උවමනා ද?

ස්වභාව සෞන්දර්යට අප කවුරුත් ඇලුම් කරනවා.ඒ ඉන් සිසිලක් සුවයක් ලැබෙන නිසායි.ඉතින් අප අප මේ කතා කරන්නට යන්නේ සොබා සිරිය වඩාත් ඉස්මතු වන අන්දමට ඔබගේ නිවස සකසා ගන්නා ආකාරය යි.

විශාල ජනෙල් යෙදීම.

මේ ජනෙල්වලින් එපිට ගෙවත්ත නිතරම කොළ පාට වර්ණයෙන් සරසා තබා ගැනීමට වග බලා ගන්න .කුඩා පැලෑටි වර්ග විශාල ගස් ඉඩකඩ ඇති ආකාරයට ඔබට සකසා ගන්නට පුළුවන්.විශාල ජනේල වීදුරුවේ ඔබ්බේ තිබෙන කොළ පැහැය නිවස තුළට නිරන්තරයෙන් ම කාන්දු වෙනවා .

සොබා සිරිය ගෙනෙන පින්ත

කැන්වස් නිමාවෙන් යුතු සොබාදහම නිරූපණය කරන පින්තූර රාමු කිහිපයක් නිවසට එකතු කර ගැනීමෙන් ද අමුතුම ස්වභාවික සුන්දරත්වයත් නිවසට එක් කරන්නට පුළුවන් .

බිත්ති සඳහා යොදන වර්ණ.

සොබා සෞන්දර්යය යැයි කියූ විට අපට එක්වරම මතකයට එන්නේ කොළපාට .නමුත් එම වර්ණය නිවස වර්ණ ගැන්වීමට යොදා ගැනීම එතරම්ම සුදුසු නැහැ.නිවසට අඳුරු පැහැයක් එක් වීමට පුළුවන් .ඒ නිසා සුදු වර්ණය ආලේපිත නිවසකට කොළ වර්ණ පින්තූර රාමු ගස් වර්ග කුෂන් වර්ග එක්කර ගැනීමෙන් වෙනසක් අත්විඳින්නට පුළුවන්.ඒ වගේම ඉතාමත් ළා වර්ණය කොළ පාට පමණක් භාවිතා කරන්නටත් පුළුවන් .එය සුදු වර්ණය සමඟ මිශ්‍ර වීමෙන් අමුතුම සුන්දරත්වයක් එකතු වේවි .

නිවසට මැද මිදුලක්

නිවසට මැද මුදලක් එකතු කර එහි විවිධ ගස් වර්ග පැළෑටි වර්ග ආදිය වගා කිරීමෙන් අමුතුම සුන්දරත්වයක් එකතු වෙනවා .ඒ වගේම කෘතිම තණකොළ පවා අවශ්‍ය පරිදි භාවිතා කරන්නට පුළුවන් .මැද මිදුලක් නැතත් ස්වභාවික හෝ කෘතිම පැලෑටි වර්ග වලින් නිවස ඇතුළත සකසා ගැනීමෙන් සොබා සුන්දරත්වයත් නිවෙසට එකතු වෙනවා

Related Articles

Don't Miss


Latest Articles