නව වසරේ පාසල් යන පොඩ්ඩන්ගේ අම්මලාට .

නව වසරේ ජනවාරි මාසයේ ඔබේ සිඟිත්තාත් හා හා පුරා කියාපාසැල් යනවා ඇති. ඉතින් මෙන්න මේ කරුණු ඔබට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වේවි .

  1. දරුවා ට අලුත් පරිසරය ගැන කලින් ම කියා දෙන්න .
  2. ඔබගේ පාසල් කාලයේ සුන්දර අත්දැකීම් හැකි නම් දරුවාට කියා දෙන්න .
  3. නිවසේ සන්සුන් සාමකාමී පරිසරයක් සාදා ගන්න.
  4. නිදා ගැනීමට මෙන්ම උදැසන අවදි විමට නියමිත වේලාවක් පුරුදු කරවන්න.
  5. නිවසින් වෙන් වීමේ සංකාව හඳුනාගෙන ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන්න .මෙහිදී පාසැල් යාමට අකමැත්තක් දැක්වීම,ඇඬීම,යම් අසනීප ගති පෙන්වීම ,ආහාර වර්ජනය ,අකීකරු බව ආදී පිළිබඳ සංවේදී වන්න .මෙහිදී දරුවාට දඬුවම් නොකර ඔහුගේ තත්වය තේරුම් ගන්න.
  6. උදේට දරුවාව සූදානම් කරවීමේ දී නිවසේ අනවශ්‍ය කලබලයක් ඇති කරන්නට එපා .
  7. ආරම්භයේ සිටම විවිධ ටියුෂන් පන්ති ආදී කෙරෙහි දරුවා රැගෙන යන්නට එපා.
  8. ඔහුට නිදහසේ අලුත් ජීවිතයට පාසල සමඟ හුරු වීමට කාලය ලබා දෙන්න .
  9. දරුවා නිවසින් පිටවන විට ඔබගේ දුක්මුසු හැඟීම් පාලනය කර ගන්න .ඔබ සතුටින් සිටින බව ඔහුට පෙන්වන්න .
  10. නිවසේ තවත් සහෝදර සහෝදරියන් සිටිනවා නම් ඔවුන්ටද ද දරුවාගේ අලුත් තත්ත්වය තේරුම් කරවන්න.
  11. ළමා මනස මෙන්ම ඒ සම්බන්ධ ක්‍රියාකාරකම් සහිත ලිපි,පොත් අනිවාර්යයෙන්ම කියවන්න .
  12. ළමයා ළමයෙකු බව තේරුම් ගන්න.

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles